රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2300 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඩෙංගු මදුරු කීටයන් බොවීමට ප්‍රධාන හේතුව අවිධීමත් ලෙස ගොඩනැගිලි ඉදි කිරිම බව සෞඛ්‍ය නියෝජය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා (04) දින ඒබැව් කියා සිටියේ, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
රජයේ ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය ලද නාවලපිටිය රෝහලේ භාහිර රෝගි අංශයේ පිලිගැනිමේ කවුළුව, වාට්ටු සංකීර්ණ කිහිපයක් නැවත විවෘත කර ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති සේවක හමුවේදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රෝහල් අවට පරිසරයද ඩෙංගු මදුරු කීටයන් බෝ නොවන ආකාරයට පිරිසුදුව තබා ගත යුතු බවයි.
රෝහල් වෛද්‍යවරැන් සහ කාර්යමණ්ඩලය නිරෝගීව සිටිමෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුවක් වන බවද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසීය.
දික්ඔය, ගම්පොළ ඇතුලු අවට රෝහල් කිහිපයකට ප්‍රධාන රෝහලක් වශයෙන් ක්‍රියත්මක වන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල සදහා ලබන මස අවසන් වන විට ct scan යන්ත්‍රයක් ලබ දෙන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමතායවරයා පොරොන්දු විය.
2026 වසර සදහා නාවලපිටිය මහ රෝහල සංවර්ධණය කිරිම සදහා රු.මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉන් ව්‍යපෘති රැසක වැඩකටයුුතු මේ වන විට අවසන් වී ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරය කියා සිටියේ.
රටක් විදිහට ආර්ථීකය විදිහට වැටුනු බංකොලොත් වූ රටක වත්මන් රජය විසින් මූල්‍ය විනය ඉතාමත් හොදින් පවත්වාගෙන යෑම නිසා ජනාධිපතිවරයා මෙවැනි සංවර්ධන කටයුතු වලට ඕනෑතරම් ප්‍රතිපාදන ලබා දෙන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථානට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ
Spike in Dengue Cases Raises Alarm as Health Authorities Respond
The number of patients suffering from dengue fever has surged to 2,300 in hospitals across the nation, marking a significant increase that has prompted concerns from health officials. It has been highlighted that the haphazard construction of buildings is a primary contributor to the proliferation of dengue-carrying mosquitoes, according to Health Deputy Minister Dr. Hansaka Wijemuni.
During a recent visit to the District General Hospital in Nawalpitiya, the Deputy Minister addressed the issue following an inspection tour on December 4. The visit came as the hospital's outpatient department was undergoing repairs and renovations to enhance its facilities.
In a bid to improve health services, multiple wards that had previously been closed will be reopened, thereby extending access to patients as emphasized during an employee meeting at the hospital. Dr. Wijemuni underscored the necessity of maintaining a clean environment around hospitals to prevent the breeding of dengue-carrying mosquitoes.
He further noted that a healthy staff will facilitate effective treatment for dengue patients, transforming the hospital into a key medical center for nearby areas, including the Dikkoy and Gampola regions. By the end of this month, a CT scan machine is expected to be provided to the Nawalpitiya District General Hospital, bolstering its diagnostic capabilities.
For the year 2026, an allocation of Rs. 600 million has been secured for the development of the Nawalpitiya General Hospital, with several ongoing projects nearing completion, as confirmed by the Deputy Minister.
Despite facing economic challenges, the current government maintains a commitment to promote development initiatives, with the support of President, who is keen on ensuring that adequate provisions are made for such projects, Dr. Wijemuni stated.
This significant healthcare meeting was attended by District Parliamentarians Thushari Jayasinghe and Manjula Surawiraarachchi, alongside Dr. Janaka Somarathna, the Director of the Nawalpitiya District General Hospital.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

විනය කොච්චර ශෝක්ද කියනවා නම් හැකරු කිය කියා මහා භාණ්ඩාගාරේ සල්ලි උස්සනවා. හැකර් කියන්නේ මොකද්ද කියල වත් දන්නෙ නැති ගං ගොඩයො ටික රැවටෙනවා.
ReplyDeleteසහතික ඇත්ත. හැකර් කෙනෙක් කියන්නේ වෙනම තැනක ඉඳලා මෙහේ computer networks වලට හොරෙන් ඇතුල් වෙලා සල්ලි හරි, තොරතුරු හරි අරන් ගියා නම් හැකර් කෙනෙක්. මේක මේ මුන්ම ඊමේල් එකකින් bank account එකක් office එකට එවාගෙන, ඒ account එකට සල්ලි යැව්වම හැකර් නෙමේ, ඒවා මහ දවල් හොරකම්. අනේ මන්දා ලංකාවෙ උන් මෙච්චර මෝඩද.
Deleteඔය ඊමේල් එකෙන් සල්ලි හොරකම් කරගත්තු එක එලි කරපු මනුස්සයා බල නහර කපලා මැරුවා.
Deleteකන්ටේනර් 323 පන්නපු එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද් වෙඩි තියලා මැරුවා.
රංග දිසානායක කියන්නේ ජේවීපී නීති අංශයේ හිටපු අන්තවාදියෙක් කියලා එලි කරපු නන්දන ගුණතිලක හොස්පිටල් එකේදී මැරුවා.
මේ මිනීමැරුම් ඔක්කොම කරේ පල්ලිය හා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පාතාල කල්ලි.
ගල් අඟුරු හොරකමෙන් හොයාගත්තු කෝටි 10000ට මොකද උනේ? දැන් මෙයාලා මොනවද කරපු සංවර්ධනේ? අර පහුගිය ආන්ඩු හදපු වෛද්‍ය පීඨයයි, ගොඩනැගිලි ටිකයි ආපහු විවෘත කරලා හෙන බොරු නාට්‍යයක් කරපු එක විතරනේ කරන්නේ.
ReplyDeleteමොනවද කරපු සංවර්ධනේ අහන්නේ..? උඹට මතක නැද්ද.
Deleteඅවුරුදු 30ක් කුලියට හිටපු ලාල් කාන්ත සුපිරි ගෙයක් ගැහුවා.
වලං ශානි අන්න පර්ශස් 40ක ඉඩමක් අරගෙන සුපිරි මන්දිරයක් ගහනවා.
කෙහෙල් කැන් අරන් ගිහින් ජීවත් වෙච්ච එකාගේ ගිනුමේ කෝටි 27ක් තියෙනවා.
කුස්සියේ ඉටිකොල ගහගෙන හිටපු හෑවගේගේ ගිනුමට සල්ලි ආවෙ කොහොමද කියලා ඌ තාම හොයනවා. ගම්මිරිස් වලින් වෙන්න ඇති කියල තමයි ඌ හිතාගෙන ඉන්නෙ.
හිල් ජොක්කු, හිල් බැනියම් ඇන්ද සුනිල් හඳුන්නෙත්ති V8 පදිනවා.
වටගලයාට කෝටි 50ක අපාර්ට්මන්ට් ඉබේ පහල වුනා.
අන්න සංවර්ධන.
https://youtu.be/OJWAayCFZUQ?si=mcca-mSPAhEIuNkQ
ReplyDelete