දැනටමත් ශ්‍රී ලංකාවේ පරිශීලකයින්හට අක්වෙරළ හුවමාරු සහ පුද්ගලයන් අතර සෘජුව සිදු කෙරෙන ගනුදෙනු මඟින් අවිධිමත් මාර්ගගත වේදිකා හරහා අතථ්‍ය වත්කම් (Virtual Assets) එනම්, 'ක්‍රිස්ටෝ ' ව්‍යවහාර මුදල් වැනි ඩිජිටල් ආකාරයෙන් වෙළෙඳාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන අරමුණු සඳහා භාවිත කළ හැකි වටිනාකමකින් යුත් ඩිජිටල් නිරූපණ වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
එම වේදිකාවන් සම්පූර්ණයෙන්ම දේශීය නියාමන බල රාමුවෙන් පිටතක්රියාත්මක වන බැවින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Assets Service Providers) මූලික අනුකූලතා බැදීම්, වාර්තා කරණ ප්රමිතීන් හෝ අධීක්ෂණය සඳහා ලියාපදිංචි අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වේ.
ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය අපරාධ සිදු වීමට පවතින අවදානම සැලකිල්ලට ගෙන, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
එබැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම් වැළැක්වීම සඳහා වන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රතිපත්ති මඟ පෙන්වීම යටතේ, අතථ්‍ය වත්කම් සහ සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් සහ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් හඳුනා ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරින්ගෙන් සමන්විතව අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් පිළිබඳ උප කමිටුවක් පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන ලද අධීක්ෂණ ව්‍යුහයක් තුළ, අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නම් කිරීමට එම උප කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Regulatory Framework for Virtual Assets Proposed in Sri Lanka
Sri Lankan users currently have access to platforms that facilitate cryptocurrency transactions and exchanges directly between individuals, allowing for the trade of virtual assets like cryptocurrencies. These platforms enable users to engage in digital transactions and investments without being bound by conventional financial systems.
Observations indicate that these platforms operate outside the purview of local regulatory frameworks, leading to Virtual Assets Service Providers functioning without essential compliance requirements, reporting standards, or registration mandates.
Given the potential risks for financial crimes within Sri Lanka's economic structure, the necessity for an overarching regulatory framework and agency governing virtual assets and their service providers has been recognized.
Under the guidance of the National Coordinating Committee for Preventing Money Laundering and Combating Financing of Terrorism, an initiative has been launched to formulate a regulatory framework for virtual assets. This effort is led by the Minister of Digital Economy, alongside other relevant officials, who have established a subcommittee focusing on the oversight of Virtual Assets Service Providers.
The subcommittee has proposed designating the Sri Lanka Securities and Exchange Commission as the regulatory authority for virtual assets and their service providers, functioning within a supervisory structure coordinated by the Financial Intelligence Unit and the Department of Inland Revenue.
In light of the proposals put forward by this committee, the Cabinet has approved the Minister's recommendation to advance actions aimed at establishing ethical guidelines for regulating virtual assets and their service providers in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Wasanthayagen wade patan gaththoth hodai neda??
ReplyDelete