කලක් සිරිකොත සහ ඩාලි පාර කේන්ද්‍ර කරගනිමින් මෙරට පාලන බලය මෙහෙයවූ යුගය අවසන් වී, දැන් එම බලය පැලවත්ත වෙත හිමිව ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට පෙර සිරිකොතෙන් හෝ ඩාලි පාරෙන් රට පාලනය වන විට කිසිවෙකුටත් ඒ පිළිබඳ ගැටලුවක් නොවූ බවයි.
දේශපාලන පක්ෂයකට බලය හිමිවන්නේ ජනතාව ලබා දෙන ජනවරම මත බවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සිය දේශපාලන සැලසුම් සකස් කරමින් මෙම මහජන ව්‍යාපාරය ගොඩනැගුවේ පැලවත්ත කේන්ද්‍ර කරගනිමින් බවත් ඔහු සිහිපත් කළේය.
"දේශපාලන පක්ෂයකටයි බලය හම්බවෙන්නේ. මිනිස්සු ඡන්දය දෙන්නේ පක්ෂයකට. ඊට පස්සේ තමයි ඒක ආණ්ඩුවක් වෙන්නේ. කලින් සිරිකොතෙන් පාලනය වුණා, ඩාලි පාරෙන් පාලනය වුණා. දැන් පැලවත්තට තමයි ඒ බලය හම්බවෙලා තියෙන්නේ. සියලු සැලසුම් හැදුණේ, මේ ව්‍යාපාරය ගොඩනැගුණේ එතැනයි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2019 සහ 2020 වසරවලදී ජනතාව පොදුජන පෙරමුණට බලය ලබා දුන් ආකාරයටම, මෙවර ජනතාව සිය විශ්වාසය පැලවත්ත කේන්ද්‍ර කරගත් දේශපාලන ප්‍රවාහය වෙත ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Power Shift: Minister Bimal Ratnayake Praises Transition to Pelawatta Leadership
Minister Bimal Ratnayake declared in Parliament that the era dominated by the leadership operating from Siri Kotha and Dali Mawatha has come to an end, with power now firmly resting in Pelawatta.
He emphasized that during the previous period of governance from Siri Kotha and Dali Mawatha, there were no objections raised by anyone regarding the administration of the country.
Highlighting the fundamental principle of democratic governance, he noted that authority is granted to political parties based on the will of the people. He reflected on how the Janatha Vimukthi Peramuna and the National People’s Power have been formulating their political strategies around this movement, with Pelawatta as their focal point.
"Political power is bestowed upon parties by the people through their votes. It is only after this that it transforms into a government. Previously, the country was managed from Siri Kotha and Dali Mawatha. Now, the power is rooted in Pelawatta. All plans were crafted there, and this movement took shape," the minister elaborated further.
Stressing the continuity of trust, Ratnayake remarked that just as the populace supported the United People’s Freedom Alliance in 2019 and 2020, they have now placed their confidence in the political movement centered around Pelawatta.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පැලවත්ත නෙම් පච වත්ත .. පචවත්තේ පචයි .. තව ටික කාලයයි.
ReplyDeleteAne ow dan Masa 3,6,912 Poya deka okkoma ewarai....Dan kiyanawa thawa tika kalayaklu...Pako hariyata kiyapan kawadda kiyala...Nodakin buruwa
Deleteඋඩඟු පාහර බල්ලා 😡🤮
ReplyDeleteමුගේ පඩත්තලකම් වල නම් කිසිම අඩුවක් නෑ. පාහර හැත්ත.
ReplyDelete
ReplyDeleteආරියතිලක
“දැන් පැලවත්තට තමයි ඒ බලය හම්බවෙලා තියෙන්නේ. සියලු සැලසුම් හැදුණේ, මේ ව්‍යාපාරය ගොඩනැගුණේ එතැනයි,"
ඔව් එපණක් ද? පැලවත්ත ජවිපෙ පක්ෂ කාර්යාලය් විසින් තවත් එක් දෙයක් රටට ජන්තාවට ඔප්පු කොට දී හමාර ය. එය නම් ජනතා විමුක්ති පෙරමුණ යනු ත්‍රස්තවාදී සංවිධානයක් බව; ජන්තා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික ජන බලවේගය පක්ෂය හා ජවිපෙ සම්බන්ධ ශිෂ්‍ය සංගම්, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, තරුණ සංවිධාන, කම්කරු සංවිධාන, ගොවි සංවිධාන, ආදී සියලු සමිති, සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ඔප්පු කර දී හමාර ය. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සංබන්ධව ක්‍රියා කොට ඇති ආකාරය අනුව ය. බටන්ද කොමිෂන් සභා වාර්තාව සම්බ්න්ධයෙන් අපගේ අදහස නැවත නැවතක් අවධාරණයට යොමු කරමු.
මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත පක්ෂ මූලස්ථානය ත්‍රස්තවාදී සංවිධානයක මූලස්ථානයක් බව ද අවධාරණය කරමු.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.