මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිරගත කර වැඩක් නෑ.. ඔවුන් රෝගීන් ලෙස සලකා පුනරුත්ථාපන කරනවා..


 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා පුනරුත්ථාපනය කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක, නීතිය හා සාමය සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දශක ගණනාවක් තිස්සේ දේශපාලන රැකවරණය මධ්‍යයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම බිඳ දැමීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.

"මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය සහ දේශපාලනඥයන් අතර පැවති අශුද්ධ සබඳතාවය අපි දැන් අවසන් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විහිදුණු දැවැන්ත මෙහෙයුමක් අපි ආරම්භ කර තිබෙනවා. මේ සඳහා ජාතික සභාවක්, දිස්ත්‍රික් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවා ඇති අතර, ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු 14,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා දායක කර ගන්නවා," යැයි අමාත්‍යවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් රජයේ නව ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි. ඒ වෙනුවට ඔවුන් රෝගීන් ලෙස සලකා විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවත්, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මගින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සහ ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

තම බල ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය මර්දන කටයුතු නිසි පරිදි ඉටු නොකරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය. යම් ප්‍රදේශයක පොලිසිය මත්ද්‍රව්‍ය මර්දනයට අපොහොසත් වන්නේ නම්, වෙනත් කොට්ඨාසවල නිලධාරීන් යොදවා හෝ එම ජාවාරම් මැඩපවත්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.





Sri Lankan Government Shifts Approach to Drug Addiction and Trafficking

The Sri Lankan government has decided to classify individuals struggling with drug addiction as patients rather than criminals, emphasizing rehabilitation over imprisonment. This commitment was announced by the Minister of Public Security, Law and Order, and Consumer Affairs, Anand Wijepala, during a recent public gathering.

In his address, the Minister revealed that the current administration is actively working to dismantle long-standing drug networks that have thrived under political protection for decades.

"We have concluded the corrupt affiliations that existed between drug trafficking, criminal syndicates, and politicians. A massive initiative to rescue the country from the drug menace has been launched, extending from the national level down to the grassroots," he stated. Wijepala explained that committees have been established at national councils, district councils, and local administrative levels, involving over 14,000 community safety committees at the village level.

Further clarifying the government's new policy regarding drug users, the Minister asserted that solely detaining these individuals will not lead to effective resolutions. Instead, they should be regarded as patients and directed towards scientific rehabilitation processes. He emphasized the need for police and specialized task forces to focus their efforts on apprehending drug distributors and traffickers.

Wijepala also issued a warning regarding police officers in his jurisdiction who fail to enforce drug control measures appropriately. He indicated that if law enforcement in one area proves ineffective, personnel from other divisions would be deployed to intervene and curb trafficking.

Expressing confidence that the government’s strategy to save future generations from drug abuse will receive bipartisan support, Minister Anand Wijepala urged collaboration among all sectors of society.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ඩෙන්ගු වගේම තමයි, මුන්ගෙ මූසල ආන්ඩුව් ආවට පස්සේ කවදාවත් නෑති විදියට කුඩ්ඩොත් පට්ට විදියට වෑඩි වෙලා. රාජපක්ශලාගෙ වෑඩක්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඩෙංගු මදුරුවොත් දඩ ගහල හිරේ දාලා මඩින්න බෑ. පාරවල්වල කුණු කාණු සුද්දකරල නගර පුනරුත්ථාපනය කොරපල්ලා.

      Delete
  2. අන්න යහපත් වැඩක්. ඇති යන්තං මොළේ පෑදුනා

    ReplyDelete
  3. ඕටිසම් ආණ්ඩුවේ සෙමින් මනස වර්ධනය වන දරුවන් ඉතාමත් සෙමින් ඉගෙන ගනිමින් සිටිති

    ReplyDelete
  4. ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා

    ReplyDelete
  5. එලෙසම ජවිපාවුන් සමග තර්ක කරලා වැඩක් නැහැ. උන්ව පූර්ව ළමා විය සංවර්ධනය වැඩසටහන් සදහා යොමු කර තව වසර විස්සකින් පමණ වැඩදායි පුරවැසියන් බිහිකරන ක්‍රමයකට යොමු කළ යුතුය.

    ReplyDelete
  6. මොලේ ඇති දෙයක් කිව්වමයි. හැබැයි බුලත් විට ප්‍රශ්නෙත් විසදන්න ඔනෙ. එකෝ සිගරටුත් තහනම් කරන්න ඔනේ.

    ReplyDelete
  7. කසිප්පු කල්දේරං වලට මොල නැහැ නොවැ,.!July 20, 2026 at 3:11 PM

    අපිනං හිතුවෙ ඔයාට පිස්සු කියල..

    ReplyDelete
Previous Post Next Post