විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවට එක් වෙමිනි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩ කොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩ කොටස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා ඒ ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව මෙහිදී අනාවරණය කෙරුණු අතර දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් අනාවරණය කෙරිණි.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම මෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීමට නීති ක්ෂේත්‍රයේ සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥ සහාය ලබා ගනිමින් පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද අවධානය යොමු විය.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සහ ඒවා නඩු භාණ්ඩ ලෙස රදවා ඇති ස්ථාන පිළිබඳ පිළිබඳ විධිමත් වාර්තාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන තොග, රස පරීක්ෂක වාර්තා ලබා ගත් තොග සහ නඩු භාණ්ඩ ලෙස පවතින තොග ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර ඇති අතර, එය ද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.
දෙමව්පියන්ට දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් මගින් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම, සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂයෙන්ම බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය නැවැත්වීම සහ එහිදී සිදුවිය යුතු නීති සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, ජූඩ් බර්නාඩ් පියතුමා, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන්ද, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනවශ්‍ය විදියට දේශපාලනික කෝණයකින් බලන්ඩ එපා අමත් ද්‍රව්‍ය උවදුර. සමහර විට විපක්ෂයේ පිරිස් වලට සන්තෝෂ ඇති කුඩු වැඩි වෙලා, තරුණ පරපුර විනාශ වෙනවා දකින්ඩ, එතකොට ඒ මතින් දේශපාලනේ කරන්ඩ අවස්ථා ලැබෙන නිසා. නමුත් සාමුහිකව දේශපාලනය පැත්තක දාලා එක සිතින් වැඩ කරමු කුඩු ප්‍රශ්ණෙන් දරුවන් මුදවා ගන්ඩ.
ReplyDeleteහැම එකටම විපක්ෂයේ, විපක්ෂයේ කියල වැලලෙන්ඩ එපා යකෝ.
Deleteතොපේ උන්ම තමයි කුඩුත් එක්ක රතුලේබල් කන්ටේනර් 323ක් රේගුවෙන් පැන්නුවෙ.