විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවට එක් වෙමිනි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩ කොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩ කොටස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා ඒ ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව මෙහිදී අනාවරණය කෙරුණු අතර දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් අනාවරණය කෙරිණි.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම මෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීමට නීති ක්ෂේත්රයේ සහ විද්‍යාත්මක ක්ෂේත්රයේ විශේෂඥ සහාය ලබා ගනිමින් පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද අවධානය යොමු විය.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සහ ඒවා නඩු භාණ්ඩ ලෙස රදවා ඇති ස්ථාන පිළිබඳ පිළිබඳ විධිමත් වාර්තාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන තොග, රස පරීක්ෂක වාර්තා ලබා ගත් තොග සහ නඩු භාණ්ඩ ලෙස පවතින තොග ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර ඇති අතර, එය ද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.
දෙමව්පියන්ට දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් මගින් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම, සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂයෙන්ම බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය නැවැත්වීම සහ එහිදී සිදුවිය යුතු නීති සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයද, ජූඩ් බර්නාඩ් පියතුමා, නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන්ද, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
President Emphasizes National Strategy in Combating Drug Addiction Crisis
President Anura Kumara Dissanayake emphasized that all relevant institutions must operate according to a national plan when tackling the issue of drug addiction.
The President made this statement during a meeting at the Presidential Office on the morning of July 2, where the 'Country United' National Operations Council for the eradication of drug addiction was convened. The gathering included participation from religious leaders and representatives from the Tri-Nikaaya.
In accordance with the national plan aimed at eradicating drug addiction, the President instructed that a report be presented at future meetings detailing the allotted tasks at the institutional level and the progress that has been made, along with the programs implemented by various institutions to combat drug addiction.
It was revealed during the meeting that approximately 70% of those incarcerated are individuals affected by drugs. The focus was also placed on identifying potential actions to minimize the severe congestion in prisons, which has become a significant issue.
The President inquired about steps taken to prevent school children from becoming involved with drugs, noting that 225 programs have already been implemented at the school level to raise awareness among teachers and students. Additionally, discussions have been held with vice-chancellors and heads of departments at universities and higher education institutions to encourage awareness among students.
Attention was given to conducting a nationwide survey regarding the prevalence of drug use within the school system, and the President clarified the need to establish a committee composed of representatives from all relevant institutions under the leadership of the Ministry of Education to carry forward programs aimed at preventing drug addiction in the school system.
A decision was also made to convene a special discussion to connect owners of private and international schools with the National Drug Prevention Action Plan.
The progress of drafting new laws regarding the swift destruction of seized drugs was reviewed, and the introduction of an automated system for evidence management, along with measures to overcome delays in investigative procedures with expert assistance from the legal and scientific sectors, was also highlighted.
The President pointed out the need for a systematic report on drugs seized and the locations where they are stored as evidence. He emphasized the importance of maintaining records of the quantities of stock expected from the laboratory examination reports, as well as stocks stored as evidence.
Furthermore, the draft bill aimed at rehabilitating drug offenders has been finalized and is expected to be published via a gazette shortly.
Attention was drawn to making drug testing kits easily accessible in pharmacies for parents to privately check if their children have been exposed to drugs.
The establishment of modern facilities for the police drug enforcement unit, optimizing the operations of the forensic laboratory, and adopting modern technological methods for obtaining forensic reports were discussed in detail, along with necessary amendments to drug-related laws.
A special operation plan is being implemented collaboratively by the Navy, police, and intelligence units to prevent the arrival of drugs via sea routes, with a focus on stopping the distribution of drugs through boats and discussing legal amendments necessary for this effort. There was also emphasis on strengthening regulatory powers for customs concerning vessels, including multi-day fishing boats used for drug transport.
Notable attendees of the meeting included senior monks such as Venerable Nyangoda Vijithasiri from the Malwathu Chapter, Venerable Narampanawa Ananda from the Asgiriya Chapter, and Venerable Walebod Gunasiri from the Ramanna Maha Nikaya, as well as clergy members like Father Jude Bernard and Father Nishantha Perananthu. Officials including Minister of Public Safety and Parliamentary Affairs Ananda Viyepala, Secretary to the President Dr. Nandika Sanath Kumanyaka, retired Air Vice Marshal Sampath Thuyyakontha, and Secretary of the Ministry of Justice and National Reconciliation Aysha Jinaseena, alongside police chief Attorney Priyantha Veerasooriya and senior defense officials, were also present at the event.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනවශ්‍ය විදියට දේශපාලනික කෝණයකින් බලන්ඩ එපා අමත් ද්‍රව්‍ය උවදුර. සමහර විට විපක්ෂයේ පිරිස් වලට සන්තෝෂ ඇති කුඩු වැඩි වෙලා, තරුණ පරපුර විනාශ වෙනවා දකින්ඩ, එතකොට ඒ මතින් දේශපාලනේ කරන්ඩ අවස්ථා ලැබෙන නිසා. නමුත් සාමුහිකව දේශපාලනය පැත්තක දාලා එක සිතින් වැඩ කරමු කුඩු ප්‍රශ්ණෙන් දරුවන් මුදවා ගන්ඩ.
ReplyDeleteහැම එකටම විපක්ෂයේ, විපක්ෂයේ කියල වැලලෙන්ඩ එපා යකෝ.
Deleteතොපේ උන්ම තමයි කුඩුත් එක්ක රතුලේබල් කන්ටේනර් 323ක් රේගුවෙන් පැන්නුවෙ.
ඒවල කුඩු තිබ්බා කියලා බොලා දැක්ක ද? හැමදාම කන්ටේනර් තදබදයක් ආවම ඒ විදියට කන්ටේනර් නිදහස් කරණවා, ඉන් 30%ක් පමණ රතු ලේබල් තමයි, ඕක අල්ලන් නටන්ඩ එපා, සාක්ෂි නැතුව.
Deleteඈ බොල, එතකොට මහින්ද ප්ලේන් තුනකින් ඩොලර් කෝටි ගානක් උගන්ඩාවට පැන්නුවයි කියල අර කට යාරයක් විතර පලල උගන්ඩා කික්කි උඹලගෙ වේදිකාවක්, වේදිකාවක් ගානෙ උඩපැන පැන නැටුවෙ සාක්ෂි තිබිලද?
Deleteමචං ගලපත්තී තමයි ජේවීපී එකට ඉන්න star class කුලී කොටන්න ඕකා පාරේ යන්නෙත් රතු තරුව තොප්පිය දාගෙන තනිකරම මානසික රෝගියෙක් අඬන ඇමතිගේ පත් කිරීමක්. හිතාගන්න පුලුවන් නේද මුන්ගේ මට්ටම
Deleteආං සාක්කි තියෙනවා ලු සිංගප්පූරුවේ.
Deleteකුඩුනම් මාළුමා තමයි
ReplyDeleteමෙහෙමයි. හිටපු අනුර කුමාර මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුව හොල්ල කරපු කතා
ReplyDeleteඑනම් "මේ කුඩු බෙදන සොක්කෝ තමයි මේ ආණ්ඩුව අල්ලන්නේ කුඩු ගෙන්වන මුදලාලිලා ඉන්නේ නිදැල්ලේ ආණ්ඩුවේ රැකවරණය ඇතිව අල්ලලා හිර ගෙදර දන්නේ මේ ග්‍රෑම් දෙකක් තියාගෙන ඉන්න සිල්ලර වෙළෙන්දෝ අල්ලන්න ඕනා ආනය න කාරයො. කරනවා නම් මා ස දෙකෙන් ලංකාවේ කුඩු නැති කරන්න පුළුවන් දේශපාලුවෝ කුඩු මුදලාලිා එක්ක ඩී ල් දන්නේ නැතිනම්. අනේ කෝ දැන් ඔය කියපු කථා??? කුඩු කාරයෙක් ගේ නමත් මේ දවස්වල ආණ්ඩුවේ මිත්‍රයෙක් හැටියට කියනවා නේද? ඒවයෙ deal නැතිද?
ලැජ්ජා නැද්ද මේවගේ කුඩු පරීක්ෂා කට්ට ල දෙන්න.ඒකියන්නේ ආණ්ඩුව කුඩු සටනින් ෆෙල් කිව්වේ නම් කොහොමද. අනේ අපේ මිනිස්සු පවු. අර පොලිසි ළඟ කුඩු කාරයන්ට තර්ජනය කරලා ගහපු බැනර් වලට මිලියන කියක් වියදම් උණාද? ඒක දැකලා කකුල් වෙවුලලා කුඩු මුදලාලිලා කි දෙනෙක් භාර උනාද? අර ගෝඨාභය කියලා මිනිහෙක් කුඩු අල්ලපු කාලෙ නං අපිට මතකයි කුඩ්ඩෝ කුඩු නැතිව සික් ගහලා හිටිය පතලයෝ බයේ රට පැන්නා අපේ මාලිමා ව ඇවිල්ල අපිට ජාතික ආරක්ෂා ව ගැන ටියුෂන් දීලා කුඩු මුදලාලිා අල්ලලා දැන් ලොකු වෙනසක් වෙලා. දැන් කුඩු බිලාද බලන්න test kit දෙනවා. ඊළඟට හරිනි කියයිද දන්නේ නෑ මේක අසදරණයි මටත් බෙදන්න ඕන පාසල් වලට ළමයි ප්‍රෙග්නන් ට් ද කියලා බලන කිට් කියලා මොකද බිමල් අපේ වෙන්ඩ අගමැති තුමා කියන විදියට අවුරුදු 16 ළමයාට ලිංගික කටයුතු වලට නිදහස දුන්නම ඔන නම් අතට 5000 ක් දුන්නම රූම් ගියාම ඒ සල්ලි වලින් preganant kit ඕනැ වෙනවා පාසල් වලට ඇමරිකාවේ කොන්ඩම් බෙදනවා වගේ..
ReplyDelete