මීගමුව බන්ධනාගාරය තුළ අද (06) උදෑසන යළිත් හටගත් දරුණු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය භාවිතා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක මහතා පවසයි.
ඊයේ දින ඇති වූ නොසන්සුන්තාව පාලනය කර තිබුණ ද, අද උදෑසන රැඳවියන්ට උදේ ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේදී රැඳවියන් පිරිසක් යළිත් කලහකාරී ලෙස හැසිරී තිබේ. එහිදී ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඇති අතර, බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කඩා දැමීමට ද උත්සාහ කර ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් ගත් උත්සාහයේදී ඇති වූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන් කිහිපදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.
තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර, බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසල තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළ තවමත් යම් උණුසුම්කාරී වාතාවරණයක් පවතින බව ද ඔහු පැවසීය.
මේ අතර, කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් ද බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරත වෙමින් චෝදනා කර ඇත්තේ රැඳවියන් පිරිසක් මියගොස් ඇති බවත් කුඩා දරුවන්ට ආහාර නොමැති බවත්ය.
කෙසේ වෙතත්, මෙම ගැටුම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කල්ලි දෙකක් අතර ඇති වූවක් බවත්, එය කාන්තා අංශයට සෘජුව බලපා නොමැති බවත් බන්ධනාගාර බලධාරීන් පෙන්වා දෙයි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,400කට අධික පිරිසක් රඳවා සිටින අතර, එය එහි නියමිත ධාරිතාවට වඩා බෙහෙවින් වැඩි අගයකි. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රැඳවියන් පිරිසක් දුම්බර ඇතුළු දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද මේ වන විට කටයුතු යොදා ඇත.
Chaos Erupts at Negambo Prison Amidst Ongoing Tensions
Nigambo Prison has once again descended into chaos this morning (6th), as prison officials deployed minimal force to manage a volatile situation, according to the Prison Commissioner (Media Spokesperson) A.C. Gajanayaka.
After successfully restoring order from disturbances yesterday, a fresh outbreak of unrest occurred during the distribution of breakfast to inmates this morning. During this incident, several detainees acted aggressively towards prison staff, even attempting to breach the main entrance of the facility.
The efforts to control the situation have reportedly resulted in conflicts, leading to multiple casualties among both prison personnel and inmates, Gajanayaka disclosed.
Injured staff members and several inmates have since been hospitalized. He further noted that while the immediate vicinity of the prison's main entrance is now under control, a tense atmosphere still lingers within the institution.
Simultaneously, a group of female inmates has staged a protest atop the prison roof, alleging that several inmates have died and that young children are going without food.
However, prison authorities clarified that this unrest stems from an altercation between two drug-related factions and does not directly impact the women's section.
The current inmate population at Nigambo Prison exceeds 2,400, far exceeding its official capacity. In response to the ongoing situation, arrangements are being made to transfer some detainees to other correctional facilities across the country, including Dumbar.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කාපිය ගූ. ඒක ඔයිට වඩා හොදයි. නැද්ද හා?
ReplyDeleteතනිකරම ආණ්ඩුවෙ මිනීමැරුමක්
Deleteමුං ආව දවසේ ඉඳන්ම විපත්තිමයි.ඡයමංඟල ගාථා එපා කියලා පටන්ගන්න කොටම දැනගත්තා මූ ගූගහලා එළවෙන බව.බහිරකන්ද විහාරයේ ඊයේ තබ්බ ලොකු උත්සවයේදි මටත් පුදුම හිතුනා ''නමේ නායක කීවට නායක කමක් නැහැදිසානායක කීවට ගෙදරත් නායක කමක් නැති මළකෙළියයි නේද'' කියලා ස්වාමින්වහන්සේ කියනවා.මෙහෙම මිනීමැරෑම් හිරගෙදරක පාලනය කරගන්න බැරි මුං යුද්ධකාළයේ හිටියා න් රට තුනට කැඩිලා.
Deleteඅවම බලය? යකො 25 මරාදාලා අවම බලය කියනවද? අපි රෑපවාහිනි යෙන් දැක්කා බලයින්ඩ් ෆයර්ස්. මෙයට නියොග දුන්නෙ කවුද?
ReplyDeleteහර්ශන නානායක්කාර මිනීමරුවා
Deleteඅවම බලය කියන්නෙ වෙඩි තියන එකද පකයො
ReplyDelete