පාස්කු ප‍්‍රහාරයට පෙර අසාද් මව්ලානා මිරිහාන නිවසේදී ගෝඨාභය හමුවුනා.. පින්තූර පෙන්වමින් නීතිපති අධිකරණයේදි


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ඊයේ (06) අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළාය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් අසාද් මව්ලානා නමැති පුද්ගලයා තමන් හඳුනන්නේ නැති බව ප්‍රකාශ කර තිබුණද, ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප කිහිපයක් නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇති ඉනියභාරතී නමැති පුද්ගලයා පවසා ඇත්තේ, 2019 වසරේදී හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසේදී අසාද් මව්ලානා ඇතුළු පිරිසක් ඔහුව හමුවූ බවයි.

ඉදිරිපත් කරන ලද ඡායාරූප මගින් එම හමුවීම තහවුරු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙනෙවිය අධිකරණයට පෙන්වා දුන්නාය.

මෙම පෙත්සම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පිළිබඳව කරුණු මතු කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව මෙවැනි කරුණු විභාග කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව නීතිපති පාර්ශවය තර්ක කළේය. ඒ අනුව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීමට නම් ප්‍රබල සාක්ෂි හෝ සාධාරණ සැකයක් තිබිය යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කිසිදු කොමිෂන් සභා වාර්තාවක තම සේවාදායකයාට එරෙහිව කරුණු අනාවරණය වී නොමැති බවත්, ඡායාරූපයක සිටි පමණින් පුද්ගලයෙකු අපරාධයකට සම්බන්ධ යැයි නිගමනය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

අසාද් මව්ලානා නමැත්තා කාදිනල් හිමිපාණන් සහ තවත් දේශපාලනඥයන් සමඟ සිටින ඡායාරූප ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහණ තලෙයිසූරිය සහ සරත් ගුණතිලක යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බලන ලදී. පෙත්සම පිළිබඳ වැඩිදුර දේශන ජූලි මස 09 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියම කළේය.





Former President Gotabaya Rajapaksa Seeks Court Order Against Arrest in Easter Attack Inquiry

The Court of Appeal yesterday considered a writ petition submitted by former President Gotabaya Rajapaksa, seeking a stay on his arrest related to the ongoing investigations into the Easter Sunday terrorist attacks.

During the proceedings, several significant points were raised by Deputy Solicitor General Suharshi Herath, representing the Attorney General. Rajapaksa, in his petition, claimed not to recognize a certain individual named Asad Moulana; however, the Deputy Solicitor General presented photographs to the court showing the two together.

Furthermore, an individual named Iniyabharathi, who provided a statement to the Criminal Investigation Department, claimed that Moulana and a group met with the former President at his residence in Mirihana in 2019. The images submitted were said to corroborate this meeting, as emphasized by Herath.

The legal representation for Rajapaksa, attorney Ramesh de Silva, argued that any restriction on an individual's freedom requires substantial evidence or reasonable suspicion. He pointed out that no findings against his client had been disclosed in any commission reports related to the Easter attacks, asserting that a mere photograph cannot imply criminal involvement.

He further noted that there are also images of Moulana with Cardinal Malcolm Ranjith and other politicians, which complicates the narrative. The bench, comprising Justices Rohini Tilakawardena and Sarath Gunatilaka, deliberated on these matters and scheduled further discussions regarding the petition for July 9.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. takaran podiputhada kiwwe

    ReplyDelete
  2. අසාද් මව්ලානා නමැත්තා කාදිනල් හිමිපාණන් සහ තවත් දේශපාලනඥයන් සමඟ සිටින ඡායාරූප ද පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    KADINAL SHOE POLISH

    ReplyDelete
    Replies
    1. ජනාධිපති එක්ක නම් ඕනම එකෙක් ෆොටෝ ගහනවා.
      ඒත් කාඩිනල් එක්ක මොකටද ෆොටෝ ගැහුවේ.
      මූ නම් අමුතුම සීන් එකක ඉන්න ඩයල් එකක්.
      ඉස්සෙල්ලම ඕකාව අල්ලලා ප්‍රශ්ණ කරලා ඉන්න ඕන.

      Delete
    2. කාඩිනල් තමිල් සෙල්වම් එක්ක ගහපු ෆොටෝ පෙන්නන්න එකෙක් නෑනේ.

      Delete
    3. පාහර පාදිලි ටික කොටින්ව අල්ලගෙන බදාගෙන ඉඹගෙන ඉන්න ඒව,
      කොටි මහවිරු සැමරුම් වල ගිහින් කොටි සමරන ඒව අධිකරණයට පේන්නෙ නැද්ද?
      වෙන එකක් ඕන නැහැ, දැන් සම්පූර්ණ පාස්කු විමර්ෂන යන්නේ Channel 4 කියන බ්‍රිතාන්‍ය කොටි නාලිකාවේ ගියපු වීඩියෝවක, හිටපු කොටි ත්‍රස්ථවාදියෙක් කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන. කොටියෙක් ඔච්චර විශ්වාස කරන්නේ කොහොමද?
      අපේ රටේ හමුදාවට වඩා, ආන්ඩුවටයි අමන පල්ලියටයි කොටින්ව විශ්වාසයි.

      Delete
  3. අධිචෝදනා ගොනු කරන්න සාක්ෂි ප්‍රමාණවත් නම් අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාද ඇයි?

    ReplyDelete
    Replies
    1. බොරුවක් උනත් ලස්සනට ගොතන්න එපැයි. ඒකට ටිකක් කල් යනවා.

      මෙයාලා කියන විදියට සියලුම දේට වැරදි රාජපක්ශලා නිසා,
      ජනාධිපති කෙනෙක් එක්ක ෆොටෝ ගැහුවට අත්තඩංගුවට ගන්නව නම් ඉස්සෙල්ලම අනුරයව හිරේ දාන්න එපැයි.
      මොකද ඌ මහින්ද එක්ක ෆොටෝ ගහලා තියෙන්නේ බදාගෙන.

      Delete
  4. Those photos are AI Generated. Sri Lankan idiots can easily fall for them, just like how they fell for JVP/NPP Lies and propaganda to gain power.

    ReplyDelete
  5. දිලීප පරයා එලවලා නේද.
    කාලකන්නි හිවල් හැත්ත තමයි ඉන්නෙ මාලිමාවෙ නීතිය බල්ලට දාන්න.
    පාහර ඇත්තට හෙන ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හාන්නේ නැතුව කඩේ යන ගෑණියෙක්ව හොයාගෙන.
      මෙයාලට ඕන නීතිය යුක්තිය පසිඳලන්න නෙමේ.
      මොකක් හරි අටවලා තමන්ගේ විරුද්ධ පක්ශෙ උන්ව අල්ලලා හිරේ දාගන්න.
      ඒකෙන් පුලුවන් නේ තව අවුරුදු 5ක් රට කන්න.

      Delete
  6. මුස්ලිම් උගත් පුත්තු රාජපක්ශ වරු වෙනුවෙන් දිවි නසා ගත්තා කියල පිලි ගන්නෙ උම්ඹෑ කියන එවුන්. කාදිනල් ගෝටබය❤මැතිතුමා පටලවන්න පුදුම වෙහෙසක් දරන්නෙ. ජාතී වයිරයක්.ෆොටෝ අදිකරනයට මොටො😂😂

    ReplyDelete
  7. ~
    ගොම්මන්පිල්ලිය, සලේ ගේ “අධෝමුඛය” සහ “මුරපද වල” හංගන්නට වලිකන පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකාරයෝ...

    ReplyDelete
  8. Meneviyage Ukku thane kapai kiyala nandodavanawa neda?

    ReplyDelete
Previous Post Next Post