විනිසුරු වයස ඉහළ නැංවීම වහාම හකුළන්න - Crurch Of Ceylon


 අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා ඇංග්ලිකාන් සභාව පවසයි.

සභාව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, නීති ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබල තර්කයන් කෙරෙහි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අවධානය යොමු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ද එම සභාව සඳහන් කරයි.

ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා මෙම සංශෝධනය අවශ්‍ය බවට රජය කරන ප්‍රකාශය පදනම් විරහිත බව ලංකා සභාව පෙන්වා දෙයි. 

අභියාචනාධිකරණවල පවතින විශාල විනිසුරු පුරප්පාඩු සංඛ්‍යාව පිරවීමට පියවර නොගෙන, විශ්‍රාම වයස පමණක් ඉහළ නැංවීමට උත්සාහ කිරීම පිටුපස ඇති සැබෑ අභිප්‍රාය පිළිබඳව බරපතල සැකයක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියක් හඳුන්වා දීම වැනි අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ජන බලවේගය රජය ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බව සභාව චෝදනා කරයි. එවැනි පසුබිමක, මැතිවරණ වේදිකාවල හෝ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් නොවූ මෙවැනි හදිසි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නොවන බව ද එහි සඳහන් වේ.

විපක්ෂයේ සිටින විට ස්වාධීන ආයතන ගැන කතා කරන දේශපාලන නායකයන්, බලයට පත්වූ පසු සිය පෞද්ගලික සහ විධායකයේ පහසුව තකා කටයුතු කිරීමේ අවස්ථාවාදී දේශපාලනය පිළිබඳව මහජනතාව කලකිරීමට පත්ව සිටින බව සභාව අවධාරණය කරයි.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුළා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. එසේම, විධායකය පාලනය කිරීමේ සිය මූලික වගකීම සිහිපත් කරන ලෙස ව්‍යවස්ථාදායකයෙන් ද, නීතියේ ආධිපත්‍යය සුරැකීමට කැපවන ලෙස අධිකරණයේ නායකත්වයෙන් ද එම සභාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කොළඹ රදගුරු දුෂාන්ත රොද්‍රිගු හිමිපාණන් සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු හිමිපාණන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.





Sri Lankan Anglican Church Expresses Alarm Over Cabinet Decision to Raise Appeals Court Judges' Retirement Age

The Sri Lankan Anglican Church has voiced strong concerns regarding the government's recent Cabinet decision to elevate the retirement age for Appeals Court judges. This significant move has prompted fears about its implications for the rule of law and the independence of the judiciary.

A special statement released by the Church clearly outlines its apprehensions, labeling the proposed constitutional amendment as a serious threat to legal authority and judicial independence.

The Church anticipates that the President and the Cabinet will heed the compelling arguments put forth by the Sri Lanka Bar Association, legal professionals, and civil organizations regarding this matter.

Contrary to the government's assertions that the amendment is necessary for the expeditious resolution of pending cases, the Anglican Church has deemed these claims as unfounded.

Concerns are rising about the genuine intentions behind merely raising the retirement age without taking steps to fill the considerable vacancies among serving judges in the Appeals Court, as emphasized in the Church's statement.

The Church criticized the government for failing to fulfill commitments related to essential constitutional reforms, such as abolishing the executive presidency, amending electoral systems, and introducing a declaration of fundamental rights. Given this backdrop, introducing such sudden amendments outside the electoral platforms or policy documents is deemed unethical.

The Church has pointed out that political leaders, who discuss independent institutions while in opposition, often act opportunistically for personal and executive benefits once in power, leaving the public disillusioned.

In light of the need to protect judicial independence and dignity, the Church urgently appeals to the President and the Cabinet to withdraw the proposed constitutional amendment. They further urge the legislative body to remember its fundamental responsibility to govern ethically and to preserve the rule of law.

This statement was jointly issued by the Reverend Dushanth Rodrigues of Colombo and the Reverend Nishantha Perera of Kurunegala.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. Thanks
    දැන් නම් කොහොමත් හකුලා ගන්න වෙනවා.
    නැතිනම් අර නාකි වදුරා මුන්ට කරන වැඩෙ බලන්න පුලුවන්

    ReplyDelete
  2. Me anduwa lajjawak nathi anduwak

    ReplyDelete
  3. Meh mokakda? NGO ekak da? Wimale poddak pahadapan

    ReplyDelete
  4. අදමයි ඇහුවේ..... අළුත් පල්ලි සංගමයක් ද​? 😆😆😆

    ReplyDelete
  5. Baudda sanvidana Mokada kiyanne.
    Ohoma yan.bauddayange awasanaya bohoma langai

    ReplyDelete
  6. අත්දැකීම් බහුල අවංක පරහිතකාමී සමස්ථ රාජ්‍ය සේවකයන් සඳහා අවස්ථාව ලබාදීම බුද්ධිමත් තීරනයක් වන බවට සමස්ථයේ අවධානය,.!July 30, 2026 at 5:02 PM

    විනිසුරන්ගේ හෝ ඹ්නෑම අත්දැකීම් බහුළ පුද්ගලයකු වෘතිය තුළදී විචකෂණශීළීව බුද්ධිමත්ව නිර්මාණාත්මක ලෙසට කටයුතු කරන්නේ යම්සේද ,.
    විශ්‍රාමික වයස යනාදී කාරණාවන් හුදු ලේබලයක් පමණක් ලෙසට සලකා
    සමාජයේ ප්‍රගමණයට සැබෑ නිදහසේ ධනාත්මක පරිවර්තණයන්ට දායකත්වය සපයන්නේ යම් සේද,.
    කාළය විසින් අවකාශය තුලදී ලබාදුන් සෑම මොහෙතක්ම, සමස්ථ ජීවයේ සැබෑ නිදහසේ පුණරාගමනය,පුනරාවර්ථනය සඳහාම සිහියේ පිහිටුවා කටයුතු කරන්නා වූද,..
    සමස්ථ ජීවයේ සැබෑ නිදහසේ මධ්‍ය ලකෂයක් ලෙසට ක්‍රියාත්මක වීමට,. විණාශය කරා පියනගනා ලද මාවතෙන් ඉවත් වී ප්‍රකෘතිමත් ශක්තිමත් රාජ්‍යක් ලෙසට ප්‍රකෘතිමත් මාවතට පිවිසීමට
    , අත්දැකීම් බහුල අවංක පරහිතකාමී සමස්ථ රාජ්‍ය සේවකයන් සඳහා අවස්ථාව ලබාදීම බුද්ධිමත් තීරනයක් වන බවට සමස්ථයේ අවධානය,.!

    ReplyDelete
  7. දී කිරට බළල්ලු විතරක් නෙවෙයි උගුඩුවා ද saakki.

    ReplyDelete
  8. මේ වාර්තාකරු ඇතුළු ජනමාධ්‍ය වේදීන් (ජඩ මාධ්‍ය වේදීන් නොවේ නම්) මින් ඉදිරියට වත් රෙද්ද අස්සේ මහත්වරුන්ට, මිත්‍යා දෘෂ්ඨිකයන්ට බෞද්ධ සංස්කෘතියේ එන ගෞරවණීය නාම භාවිතා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ලෙස ශාසනාලයෙන්, ජාති මාමකත්වයෙන් යුතුව දැනුම්දෙනු කැමැත්තෙමු! ගෞරවණීය මහා සංඝරත්නය ශාසනික ප්‍රතිපදාවට පැමිණෙන්නේ අපමණ කැපකිරීම් කරලයි. මේ මිත්‍යාදෘෂ්ටික රෙද්ද අස්සේ මහත්වරුන් ගේ දෙබිඩි පිලිවෙත් දන්නෝ දනිති. එදා අපි පාප් වරයා හැඳින්වූයේ "පාප් තුමා" යන ගෞරව නාමයෙනි. අග රදගුරු වරයා "අග රදගුරු තුමා" යන ගෞරව නාමයෙනි. පාස්ටර් වරයා "පියතුමා" යන ගෞරව නාමයෙනි. මේ පුවතේ කියවෙන රෙද්ද අස්සේ මහත්වරුන් නම... "රදගුරු තුමා"... යනුවෙන් පමණයි අපි සම්ප්‍රදායිකව හැඳින්වූයේ. හැඳින්විය යුත්තේ.

    යටත්විජිත වාදී බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදීන් කලු සුද්දන් ට රට භාරදී ගියාට පසු උන් සිංහලයාගේ ලෙයින්, කඳුළින් නිර්මාණය කළ උන්ගේ පල්ලිය එදා මෙදා තුර බිහිසුණු හා කෑඨ ලෙස සිය ව්‍යාප්ත වාදය පැතිරවූහ. බෞද්ධ සාහිත්‍යයේ බොහෝ දේ ආක්‍රමණය කළහ. අපි ඒ පිළිබඳ අනාගත අනතුරු අඟවන විට අඳ බාල පාලකයන් අපිට "සහජීවනය" ගැන දේශන පැවැත්වූහ. තේවත්ත පල්ලිය දෙස බලන්න. බෞද්ධ සංස්කෘතියේ
    විහාර නිර්මාණ කලාව නිර්ලජ්ජිතව කොල්ලකා ඇති බව දකින බෞද්ධ අපට ඇතිවන්නේ ශාසනික සංවේගයකි. මේ ආක්‍රමණිකයන්ට තව දුරටත් උන්ට ඕන ඕන හැටියට රඟන්නට ඉඩ නොතබනු! උන්ගේ තැන උන්ව තබනු!

    ReplyDelete
  9. බටහිර හොරනෑව,. කොස් ඇට බාවනා අපූරැබළල් අත ,..July 30, 2026 at 7:00 PM

    පුද්ගලයන් කුරැසේ ඇනගසා මරා පුළුස්සා දැමූ දුෂ්ඨ ලේ පිපාසිත බද්ධ වෙෙරයේ කුරැස සන්නාමය තුළින් පැනනගිනා ,..

    සමස්ථ සමාජයක් අඳුරේ ගිල්වා වහළුන් බවට පත්කර,.
    බෝම්බ ගසා ගිනි පිඔ සාමය සමාදාන ගිනිබත් කරනා,.
    සාමකාමී ශිෂ්ඨ සමාජයන් බෙදා වෙන්කර පාළණය කිරීමේ කූඨ සන්නාමය ලේ පිපාසිත මිලේඥයන්ගේ මිනිසුන් ඇනගසා මරාදමා,. බිය ගන්වා මිලේඥ ලෙසට පාළණය කිරීමට උත්සා දරනා වෙෙරයේ සන්නාම නොහො දෙබිඩ්ඩන්ගේ කතිර සූත්තරය..
    කතිරය,.!
    ලේ තැවරැණා වූ මිණී කුණු ගඳ සාපලත් වෙෙරයේ සන්නාමය නොහෙත් කුරැසය පිටුපස සැඟවී,
    දෙවියන්ගේ නියෝජතයන් ලෙසට පෙනීසිටීමට උත්සාහ දරනා,.
    නාසිවාදී මිනීමරැ බටහිර අධිරාජ්‍යවාදයේ තිර නාටකය,.
    බටහිර හොරනෑව,.
    කොස් ඇට බාවනා අපූරැබළල් අත ,..



    තමා මනුශ්‍යයන්ගේ ඵකම ගැළවුම් කාරයන් ලෙසට පෙනී සිට මිලේඥ මිත්‍යද්‍රෘෂ්ඨික ලේ පිපාසිත වෘකයන් පිළිබඳව සමස්ථයේ අවධානය,.!

    ReplyDelete
  10. Hat off the to the Church of Ceylon, the oldest Church that has raised voice for injustice for long time, esp those that are detrementel to the Anglican church.

    ReplyDelete
Previous Post Next Post