Facebook සමාජ මාධ්‍ය ජාලය තුළ බහුතරයක් සිටින්නේ මෝඩයන් පිරිසක් බවත්, එය බුද්ධිමත් මිනිසුන් ගැවසෙන භූමියක් නොවන බැවින් තමන් එය පරිශීලනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වත්මන් රජය විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බවට චෝදනා කළේය.
විශේෂයෙන්ම සුගීශ්වර බණ්ඩාර මහතාට එරෙහිව සිදුවූ සිදුවීම උදාහරණයකට ගනිමින් ඔහු කියා සිටියේ, විපක්ෂයේ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට ජාතිවාදීන්, හොරුන්, අපරාධකරුවන්, කුඩුකාරයන් හෝ ත්‍රස්තවාදීන් යන ලේබල් ඇලවීමට රජය කටයුතු කරන බවයි.
"මේ ආණ්ඩුව කරන්නේ විපක්ෂයේ ඉන්න හැමෝම අල්ලගෙන එක්කෝ ජාතිවාදියෙක් කරනවා, නැත්නම් හොරෙක් කරනවා, එහෙමත් නැත්නම් කුඩුකාරයෙක් හෝ ත්‍රස්තවාදියෙක් කරනවා. මේ විදිහට හැමෝටම ලේබල් ගැහුවට පස්සේ අපි කාත් එක්කද වැඩ කරන්නේ? විපක්ෂයක් විදිහට අපිට වැඩ කරන්න කවුද ඉතුරු වෙන්නේ?" යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.
සමාජ මාධ්‍ය හරහා මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සහ මඩ ප්‍රහාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ෆේස්බුක් වැනි වේදිකාවල බුද්ධිමත් සංවාදයන්ට වඩා පටු අරමුණු සහිත ක්‍රියාවන් සිදුවන බවයි. එම නිසා තමන් එවැනි දේ කෙරෙහි අවධානය යොමු නොකරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
MP Dayasiri Jayasekara Criticizes Social Media and Government Tactics
Dayasiri Jayasekara, a member of Parliament, has expressed his discontent with the prevalent mindset on social media, describing it as a platform predominantly occupied by 'fools'. He indicated that it is not a space where intelligent discussions thrive, leading him to refrain from using it.
Speaking at a recent media briefing, Jayasekara further accused the current government of employing various strategies to suppress opposition politicians. He pointed to specific incidents, particularly targeting Sughiswara Bandaranaike, to underscore his concerns.
The MP highlighted a troubling pattern where the government is allegedly labeling any opposition member who is arrested as a nationalist, thief, criminal, drug addict, or terrorist. "This government is intent on painting everyone in the opposition with such labels. Once they brand someone as a nationalist or a criminal, how can we function as an opposition?" he questioned, raising alarm over the erosion of political dialogue.
In discussing the spread of misinformation and mudslinging through social media, he emphasized that platforms like Facebook are more about disinformation and malicious activities than constructive dialogues. He reiterated that he chooses to avoid engaging with such content.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එකෙන්ම හරි. ෆේස්බුක් එක්ස් ආදී ප්ලැට්ෆෝම්ස්වල ඉන්නෙ මෝඩයො විතරක් නෙවෙයි කාලකණ්නි. ඔබතුමා වගේ බුද්ධිමතුන් වද වේගෙන යනව මේ ලංකාවෙ. 2000න් පස්සෙ ඉපදුනු 90%ක්ම ටික්කොක් ෆේස්ෆක් වගේ කුණුගොඩවල්වල යන දාර බොරු විශ්වාස කරන කාලකණ්නි. දැන් AI මගඩියත් පටන් අරගෙන නිසා තමුන්ගෙම මොළෙන් හිතන්න බැරි ඒඅයි දේවත්වයෙන් සළකන පට්ට දාර වහල් මෝඩයො රැළක් නිර්මාණය වෙමින් ඉන්නෙ. මේ වේස ආණ්ඩුවට චන්දෙ දුන්නෙත් උන්මයි.
ReplyDeleteඉතින් ගොනෝ ඒක තමා කියන්නේ රටක වැඩි පිරිසක් කැමති ඒ පාලනයට නිසා තමා පත් කරගත්තේ, උබලගේ කාලේ ඒවා හොදයි අපිට අඩියක් ගහන වෙලාවට කයියක් දාන්න. "ඒ අරූ තමා ඇතුළෙනේ? මූ කෝටි 2ක් අරගෙන. ඒ අඩේ අර මයිනගෙ අයියගෙ පුතා නේද අල්ලලා තියෙන්නේ?" ඔව්වා තමා අපේ මාතෘකා වෙන්නේ..! දැන් උබ ඒක නවත්තන්නද ? උබලගෙ vote base එකේ උන් දැන් එකින් එක මේ ලෝකෙන් යන කාලේ. දැන් මේක අපේ කාලේ. ඉතින් උබලට කරන්න පුළුවක් දෙයක් කියපන්? අපිටත් කවදම හරි ඕක වෙයි. අපි කැමති උන දේශපාලන දැක්ම දරන්න බැරි පරපුරක් හැදෙයි. ඉතින් එතකොට ඒ අපේ අන්තිම කාලය. හැබැයි update උනොත් රැදෙන්න පුළුවන් වෙයි. උබලටත් මේ වෙලාවේ අපි එක්ක එකතු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ comment කරන අය අතර ඇති පරන පාලකයන්ගෙන් වරප්‍රසාද වරදාන ලැබුණු අයත්. ඒ වගේම නැති අයත්. ලැබුණු අයට කියන්න තියෙන්නේ තමන් වැරැද්දක් කළා නම් ඒ ගැන පසු තැවීමක් එයි විමර්ශන ඒ තරම් ඇතුළට, ගැඹුරට යද්දි. ඒ වගේම කාගේ හෝ දේශපාලන බලපෑමක් නිසා තමුන් ඒක කරපු බව ඔප්පු කරන්න පුළුවන්නම් එතනිනුත් excuse එකක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. රටක් ලෝකෙට විවෘත උනාට පස්සේ, social media වලට, drama වලට, news වලට කොටින්ම කිව්වොත් data වලට, ඒ රටේ මිනිස්සු update වෙන්න ගන්නවා. ඒ වගේම ඒ update වීමත් එක්ක ගොඩක් අංශයන්ගෙ වෙනස්කම් පටන් ගන්නවා. ඉතින් දැන් මේ වෙන්නෙත් ඒකයි. එකතු වෙමු. එකතු වෙන්න බැරි නම් ඒ උබලගෙ දේශපාලන දිශානතිය විතරක් නෙමේ සම්පූර්ණ දේදපාලන අනාගතය පවා ඉවරවෙයි... ඒක වෙන්නේ මිනිස්සු අතින්මයි.
Delete