අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවෙද්දී ඉන් පලායාමට කුමන්ත්රණය කළ බවට චෝදනා එල්ල වී සිටින 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.
විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ප්රකාශයට පත් කරන ලදී.
කෙසේ වෙතත්, විත්තිකරුවන් විසින් සිදුකර ඇති බව කියන වැරදිවල ස්වභාවය සලකා බැලීමේදී, ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්රහය යටතේ පවරා ඇති චෝදනා විභාග කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහය යටතේ වන නඩු කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට අධිකරණය අවසර ලබා දී ඇත.
Colombo High Court Dismisses Terrorism Charges Against Five Suspects, Rules on Criminal Liability Remains
The Colombo High Court has ruled that there is no legal basis for continuing terrorism charges against five suspects, including notable individual 'Harak Kata' (Nandun Chinthaka Vikramaratne), who allegedly plotted to escape from custody in the Criminal Investigation Department. This decision comes after the court evaluated the fundamental objections raised by the defendants’ legal representatives.
Justice Buddika C. Ragala acknowledged the defense's arguments, declaring that the initial allegations surrounding the suspects were insufficient to sustain charges under terrorism prevention law.
However, while dismissing the terrorism charges, the court emphasized that there are no impediments to examining any criminal offenses under the penal code related to the actions attributed to the suspects. The judicial ruling allows proceedings under the relevant provisions of criminal law to continue against them.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා
ReplyDeleteYAKO MARA PORAWALNE
ෂෝර්ට් කට හොයන්නතුව DRUGTRAFICKERS ලෝ එකක වත් පස් කරලා නැද්ද
Deleteහරක් කටා Vs පච කොටා
ReplyDeleteRanilge harak kata
DeleteHuuuuuu 🤣🤣🤣
Huuuuuu 🤣🤣🤣
Delete😆😁😁😁😁😁😁😁
ReplyDeleteඇප දුන්නම කන්ජිපානි වගේ රට පනියි.
ReplyDeleteWhat a title. please be professional, and do not use nick names as article titles. If you write an article about Anura Kumara, would your title stat with Pacha Kota?
ReplyDelete