පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රයට අනුව මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් පහළ දැමීමට රජයට හැකියාව තිබූ බව Public Finance වෙබ් අඩවිය පෙන්වා දෙයි.
වත්මන් ඉන්ධන මිල ගණන් පිරිවැය සූත්‍රයට වඩා තවමත් ඉහළ මට්ටමක පවතින බව එම වෙබ් අඩවිය සිදුකළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ.
පසුගිය මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 දක්වා අඩු කළද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අනුව එය රුපියල් 378.71 දක්වා පහළ දැමීමට ඉඩකඩ තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව වත්මන් පෙට්‍රල් මිල සූත්‍රගත මිලට වඩා රුපියල් 35කට වඩා වැඩි අගයක පවතී. පසුගිය 1 වැනිදා වන විට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 116.16ක බදු මුදලක් අය කෙරෙන බවද එහි දැක්වේ.
එසේම, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382 දක්වා අඩු කළද, මිල සූත්‍රයට අනුව එය රුපියල් 312.22 දක්වා පහළ දැමීමට රජයට හැකියාව තිබූ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පවසයි.
ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 17.27ක බදු මුදලක් අය කෙරෙන බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් සමග සැසඳීමේදී, මෙරට පාරිභෝගිකයාට මීට වඩා වැඩි සහනයක් ලබාදීමට රජයට හැකියාව තිබූ බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය සිය වාර්තාව මගින් අවධාරණය කර සිටියි.
Government Has Potential to Further Reduce Fuel Prices, Claims Public Finance Analysis
A recent analysis by the Public Finance website indicates that the Sri Lankan government has the capacity to lower petrol and diesel prices further, based on the current pricing formula.
The analysis reveals that the existing fuel prices remain significantly above the levels justified by the expense coverage formula. During the last price adjustment, the cost of petrol was reduced to Rs. 414 per liter; however, there was room to decrease it to Rs. 378.71 based on global oil market rates.
This means that the current petrol price exceeds the formula-determined price by more than Rs. 35. Additionally, as of the first of the month, a tax of Rs. 116.16 per liter is imposed on petrol.
In a similar context, although the price of auto diesel has been lowered to Rs. 382 per liter, the report asserts that the government could have set it as low as Rs. 312.22 according to the pricing formula.
The report further points out that a tax of Rs. 17.27 per liter is applied to diesel. In comparison to global market prices, the Public Finance analysis emphasizes that the government could have provided even greater relief to consumers in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Kanachanage komiseka hina thamay wadi
ReplyDeleteනෑ, දැන් ගාණ හරි, උදේ බැරල් එක ඩොලර් 70යි, දැන් 80යි, හෙට වෙද්දි තව වැඩි වෙන්ඩ පුළුවන්, රජය වහාම අන්තර්ජාතික වෙළඳපලේ මිළ ගණන් වලට ගැලපෙන ලෙස ලංකාවේ තෙල් මිළ වැඩි කල යුතුයි, තෙල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්, ඒ අත්‍යවශ්‍ය දේ අඛණ්ඩව ලබා දෙන්ඩ නම් ආණ්ඩුව අනවශ්‍ය ලෙස කෘතිමව මිළ අඩුවට පවත්වාගෙන යාම කිසි සේත් නොකල යුතුයි. තෙල් මිළ වැඩි වුණාට තෙල් ගහ ගන්ඩ බැරි කමක් නෑ, පරිස්සමෙන් කටයුතු කරලා ඉතුරු කර ගන අත්‍යවශ්‍ය දේවල් වලට ගමන් බිමන් ගියාම ඇති වාහන වල, නැති බැරි අය. නැත්නම් රෙන්ඩ හුජ්ජ කරන්ඩත් යන්නේ මෝටර් බයිසිකලේ, කාර් එකේ. පොඩ්ඩක් ඇවිදිනවලා, තමුසෙලාගේ බඩවල් බෝල ගෙඩි වගේ, තොපි බත් කොත ගහලා කෙලලා වාඩි වෙලා ඉන්නවා, ඊට පස්සේ නිදියනවා, කිසි ව්‍යායාමයක් නෑ, බෙහෙත් රජයේ වියදමින් දෙන නිසා ඒකටත් රජයේ මුදල් දෙගුණ තෙගුණ වෙලා නහස්ති වෙනවා. අනිවාර්යයෙන් තෙල් මිළ වැඩි කරන්ඩ ඕනෑ.
ReplyDeleteඋඹ කන්නෙ පුන්නක්කුද?
Delete