විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා මෙරට අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයට විසඳුම් සෙවිය නොහැකි බවත්, මෙම පියවර පිටුපස දේශපාලන අරමුණක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් වැනි අනෙකුත් වෘත්තිකයන් සමඟ සැසඳිය නොහැකි බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ වැටුප් ව්‍යවස්ථාවෙන්ම තීරණය කර ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ විධායකයට ඔවුන් කෙරෙහි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට බව ඔහු අවධාරණය කළේය.
රටේ පවතින නඩු ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී ඇති බවයි. ඉන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ පවතින්නේ සමස්ත නඩු ප්‍රමාණයෙන් 1%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, එම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් සමස්ත නඩු ප්‍රමාදයට විසඳුම් නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) වැනි නවීන ක්‍රමවේදයන් අධිකරණ පද්ධතියට හඳුන්වා දිය යුතු බවත්, ඒ සඳහා තරුණ වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් පවතින බවට චෝදනා කළ රණවක මහතා, 2027 වසරේදී ජනමත විචාරණයක් පවත්වා බලය තවදුරටත් තහවුරු කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව ප්‍රකාශ කළේය. 2028 වසරේ සිට ණය ගෙවීමට සිදුවන බැවින්, ඊට පෙර විරුද්ධ පක්ෂයේ ප්‍රබල නායකයන් හොරුන් ලෙස හංවඩු ගසා සිරගත කිරීම ආණ්ඩුවේ සැබෑ අරමුණ බව ඔහු පැවසීය.
රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ, තෙල් සහ ගෑස් අර්බුද නිර්මාණය කළ හෝ භාණ්ඩාගාරයට කෝටි ගණනක පාඩු සිදුකළ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව රණවක මහතා මෙහිදී සිහිපත් කළේය. කන්ටේනර් 323ක සිදුවීම, ගල්අඟුරු නැව් ගනුදෙනු සහ ඩීසල් වංචා වැනි බරපතළ දූෂණ චෝදනා පවතිද්දී, පෝස්ටර් ඇලවීම වැනි සුළු කරුණු මත විරුද්ධවාදීන් දඩයම් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Former Minister Critiques Legal System and Government's Political Agenda
Former Minister Patali Champika Ranawaka argues that merely raising the retirement age of judges will not resolve the longstanding delays within Sri Lanka's judicial system, suggesting that there are underlying political motives driving this decision.
In a statement to the media, Ranawaka highlighted the unique professional status of judges, which he maintained cannot be compared to that of other professions such as doctors or engineers. He emphasized that the retirement age and salary structures of judges are designed to protect judicial independence and curtail potential executive influence over the judiciary.
Touching upon the current backlog of cases within the judicial system, he revealed that approximately 1.1 million cases are pending. He noted that only about 1% of these cases are at the Supreme Court and the Court of Appeal, arguing that increasing the retirement age of judges will not provide a solution to the overall delays in case processing.
Ranawaka called for the introduction of modern methodologies, such as digital technology and artificial intelligence, into the judicial system as a means to combat case delays, stressing the necessity of involving young professionals in these efforts.
He further accused the government of harboring a hidden political agenda in their recent actions, suggesting that the administration is attempting to solidify its power through a public referendum in 2027. He pointed out that, with loan repayments due starting in 2028, the government's true objective appears to be to imprison prominent opposition leaders by framing them as criminals.
Highlighting the absence of legal actions against individuals who have led the country into economic turmoil, created crises in oil and gas, or caused significant losses to the treasury, Ranawaka criticized the government for focusing on minor accusations against political opponents while ignoring serious allegations of corruption, such as those involving 323 containers, coal ship transactions, and diesel fraud.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වරදකට දඬුවමක් ලෙස ඔබේ ජීවිතයේ ඇති නිදහස, ඔබේ ධනය පිලිබඳ අයිතිය තීරණය කරනු ලබන විනිසුරුවන්ට විශ්‍රාම ගැන්වීමේ කාලය ඉහල දැමීම වැනි යම්කිසි රැකියා වරප්‍රසාදයක් ලබාදීමට අවශ්‍යනම් ඒ සඳහා පිහිටුවා ඇති ආයතන මගින් කළයුතුව ඇත. එහිදී සියළුම රාජ්යසේවකයන්ටද බලපාන අයුරින් නමුත් එතුමන්ලා ඉහළින් තබා කටයුතු කිරීමට හැකියාව ඇති අවකාශය තුල මෙතෙක් රාජ්‍ය සේවයේ එම ආයතන කටයුතු කල නිසා මෙවන් ගැටළුවක් මතු නොවුනි.
ReplyDeleteඔබේ ජීවත් වීමේ අයිතිය මරණ දඬුවමකින් කෙළවර වන විටෙක එම දඬුවම නියම කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන්ලා මෙන්ම ඊට විරුද්ධව ඔබේ අභියාචනය සළකා බලන අභියාචනාධිකරණ විනිසුරු තුමන්ලා සහ අනෙකුත් මහේස්ත්‍රාත් හෝ දිසා විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිලිබඳ සැකයක් ඇතිවිට ඔවුන් දෙන විනිශ්චයන් පිළිබඳවද ජනතාවගේ සිත් තුල සැකයක් ඇතිවීම සාධාරණය. ව්‍යවස්ථාවෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමෙන් ආරක්ෂා කර දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාවයි. දේශපාලකයන් තමන්ගේ වාසි තකා ව්‍යවස්ථාව වෙනස් කරගැනීමට කුමන කරුණු ගෙනහැර දැක්වුවත් ජනතාව තමන්ට ඇති ආරක්ෂාව නැති කරගැනීමට තරම් මෝඩ වන්නේ නැත.
නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු රටක කිසිදු පුරවැසියෙකුගේ ජීවිතයට හෝ දේපළවලට ආරක්ෂාවක් නොමැති බව වටහා ගැනීමට තරම් වර්තමාන ජනතාව සවිඥානිකය.
Deleteabsolutely true. Let's hope so. But ,these people are so dum and full of hatred that they don't know what they are doing.
Delete