අගෝස්තු 14 වනදායින් අවසන් වූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජකයින් විසින් සිදුකළ කොටස් විකිණුම්වල කැපී පෙනෙන වර්ධනයක් කොටස් වෙළඳපොළ සතිපතා වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව, ගතවූ සතිය තුළ විදේශීය විකිණුම්වල වටිනාකම රුපියල් බිලියන 4.38ක් ලෙස සටහන් වී ඇත.
එහෙත් එම කාලසීමාව තුළ විදේශීය මිලදී ගැනීම් වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 825ක් පමණි.
ඒ අනුව සතිය තුළ වෙළඳපොළෙන් රුපියල් බිලියන 3.5කට අධික ශුද්ධ විදේශීය මුදල් ප්‍රමාණයක් පිටතට ගලා ගොස් තිබේ.
විදේශීය විකිණුම් ඉහළ මට්ටමක පැවතියද, වෙළඳපොළ ප්‍රධාන දර්ශකයන්ගේ වර්ධනයක් මෙම සතියේ දක්නට ලැබීම විශේෂත්වයකි.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 21,623.17ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර සතියේ පැවති ඒකක 21,370.09ට සාපේක්ෂව ඒකක 253ක වර්ධනයකි. එසේම S&P SL 20 දර්ශකය ද ඒකක 5,988.16 සිට ඒකක 6,065.72 දක්වා ඉහළ ගොස් ඇත.
සතියේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.4ක් ලෙස සටහන් වන අතර, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 7.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ සතිය තුළ සමාගම් 274ක කොටස් ගනුදෙනු සිදුවී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Significant Surge in Foreign Sales on Colombo Stock Market
In a notable trend reflected in weekly reports, the Colombo stock market is experiencing a marked increase in foreign investor sales. This surge was particularly evident during the week ending August 14.
According to the latest statistics, the value of foreign sales during this period reached a staggering LKR 4.38 billion. In contrast, foreign purchases totaled only about LKR 825 million.
This imbalance has resulted in a net outflow of more than LKR 3.5 billion in foreign funds from the stock market over the past week.
While foreign sales peaked, it is significant to note that the market's key indices showed an upward trend during the same period.
The All Share Price Index (ASPI) rose to 21,623.17 points, a gain of 253 points from the previous week's 21,370.09. Similarly, the S&P SL 20 index increased from 5,988.16 to 6,065.72 points.
The total turnover for the week was recorded at LKR 12.4 billion, reflecting a rise in market capitalization to LKR 7.8 trillion. The report also indicated that transactions occurred for shares of 274 companies during this week.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

විකිණුම් ඉහළ යන එක හොඳයි, ඊට සාපේක්ෂව ගැනුම් ද ඉහළ යනවා. විකුණන්ඩ බෑ නේ ගන් නැත්නම්. මේ නිව්ස් එක දාන්ඩ පුළුවන් ගැනුම් ඉහළ ගියා කියලා. ඒත් රාජපක්ස ගේ රෙද්ද අස්සේ ඉන්න ගොඩේ නූගත් මූසල බයියන්ට සැප දෙන්ඩ හෙඩින්ග් එක දාලා විකිණුම් වැඩි වෙලා කියලා. උඹලගේ ගමේ
ReplyDeleteකඩේ පාං වැඩියෙන් විකිණෙනවා කියන්නේ මොකක්ද? වටේ පිටේ එකාලා වැඩියෙන් පාං මිළදී ගන්නවා කියන එක නේද? ආං ඒ වගේ තමා මේකත්.
දැන් ඔය විදේශිය එවුං මෙව්වා විකුණලා රුපියල් ගෙනියනවා ඇති නේද ගලක්පට්ටි
Deleteඩොලර් නැතුව අඬ අඬ ඉන්න වෙලේ තියෙන ඩොලර් ටිකත් උන් ගෙනිච්චම හරිම සැප ඇති නේද.
තව හෝදාන් මාලිමාව. බිමල් සහෝදරයා කිව්ව වගේ මේක කියුබාවක් කරලා තමා මුන් නවතින්නෙ
මේ ඒක නෙවේ අනුන්ගෙ නම් හොරකං කරන්නේ නැතුව නියම නමින් වරෙන් පකයො
Pala PAKO Yanna
Deleteපතිරණ ගලප්පත්ති තෝ ගොනෙක් කියලා දැනගෙන හිටියා හැබැයි පුස්සෙක් කියලා දැනගත්තේ අද. ඈ බං මෝඩ මූසලයෝ කඩේ පාන් විකුණන එකයි කොටස් වෙළඳපොලයි එක වගේද.
Deleteතෝ වගේ මෝඩ මූසල කුහක ඩෝබියෙක් වෙනවට වැඩිය හොඳයි යකෝ බයියෙක් වෙන එක.
ඔව් මේකේ දාන්නේ විමලෙගෙ ගූ ගොඩේ නිව්ස්... මුන් බයියෝ චූං කරද්දි අපි ඇවිත් බයියාතල් කඩලා ආතල් එකක් ගන්නවා
Deleteමේ උඩ comment දාපු අය ට CDS එකවුන්ට් තියනවාද කියලා දන්නේ නැහැ. හැබැයි මේ යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා මම අනාථ වෙලා ඉන්නේ.
ReplyDeleteවිද්ශිකයො විකුණන ඒවා ගන්නේ ලංකාවේ අය. විකුනන ඒවා ඩොලර් වෙලා පිටරටවල ට යනවා.
දැන් තේරුම් ගන්න.
පතිරෙණ
DeleteRena pathi kiywapan
රජයේ දේපළ විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් මර්මස්තාන සියයට 49 පුද්ගලික අංශයට දෙනව කියන්නේ මෙන්න මේවට තමයි. ලංකාවේ මිනිස්සු දාල පාලනය කරන්න පුළුවන් දේවල් තමයි දෙන්නෙ. අන්තිමට ලංකාවට ලැබෙන ලාබෙත් නැහැ ඩොලර් ටිකත් නැහැ.අන්න ඒවගේ ගොං වැඩ කරන රටක් තමයි ලංකාව.
ReplyDelete