අපේ 159 අතර එක හොරෙක්, දූෂිතයෙක් ඉන්නවා නම් පෙන්වන්න.. එහෙම නෑ.. අපි පිරිසිදු අය...


  වත්මන් රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනා අතර දූෂණ චෝදනා එල්ල වූ හෝ අයථා ලෙස මුදල් උපයන ලද කිසිදු පුද්ගලයෙකු නොමැති බවත්, එවැනි අයෙකු සිටී නම් ඒ පිළිබඳව ප්‍රකාශ කරන ලෙසත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මහජනතාවට අභියෝග කළේය.

හිරු පුවත් සේවය වාර්තා කරන පරිදි, ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම කණ්ඩායමේ පිරිසිදුභාවය පිළිබඳව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

"මේ 159 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න, කවුරුහරි දූෂණ චෝදනාවකට, වරදකට, තමන් මුදල් හොයලා වෙන හොරකමක් කරලා ඉන්නවාද කියලා," යනුවෙන් ඔහු පැවසීය.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, තම අනන්‍යතාවය සහ යුතුකම කිසිදු ලෙසකින් පාවා නොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





No Accusations of Corruption Among Current Government Ministers, Says Minister of State

In an emphatic declaration, Minister of State for Defence, Aruna Jayasekara, challenged the public to name any individual among the 159 current government ministers who is facing allegations of corruption or illicit financial gain. He insisted that if anyone is aware of such wrongdoings, they should come forward with that information.

Addressing a public meeting, he expressed complete confidence in the integrity of his team. “If even one of these 159 ministers is guilty of corruption or any wrongdoing, or if anyone is engaging in illicit financial activities, I urge you to speak up,” he stated.

The minister reaffirmed the government's commitment to uphold the trust placed in them by the people, emphasizing that their identity and responsibilities would never be compromised. “We are dedicated to fulfilling the trust the public has in us,” he highlighted.

To build a culture of clean politics, the government seeks the cooperation of all citizens in its initiatives, further reinforcing the need for collective efforts in fostering transparency and integrity within the political landscape.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. එක හොරෙක් නෑ ගොඩක් ඉන්නවා 😂

    ReplyDelete
    Replies
    1. අපි දන්න මාලිමා හොරු ලිස්ට් එක.
      1. කන්ටේනර් 323ක් පන්නපු බිමල් රත්නායක
      2. වත්කම් කෝටි 27ක් ආපු විදිය කියන්න තේරෙන්නෙ නැති වසන්ත
      3. සමාජ ප්‍රාග්ධනයෙන් තට්‍ටු 3 ගෙයක් හදපු ලාල් කාන්ත
      4. අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු හදපු කරන කලට කව් හොර ගුරා.
      5. අනුන්ගේ ඉඩම් හොරකම් කරපු ලැම්බොගිනි නලුවා
      6. අනුන්ගේ ප්‍රාඩෝ වලින් හොර මිනිස්සුත් එක්ක රවුම් ගහලා ප්‍රාඩෝ එක පන්නන්න හදපු ගෑණි
      7. හොඳම එක තමයි රුපියල් කෝටි 10,000ක අති විශාල, ලංකාවේ එදා මෙදා තුර වෙච්ච. ලොකුම වංචාව විදියට ගිනස් ලෝක වාර්ථා පොතටත් ඇතුලුවන ගල් අඟුරු වංචාව. ජනාධිපති දැනුවත්ව එයාගේ අතීත ලේකම් පෝර හොරා විසින් කරපු වැඩක්.
      8. හොර අධ්‍යාපන වාර්ථා දීලා කතානායක වෙන්න හැදූ රංවලයා
      9. ගාමන්ට් එකකින් කප්පම් ගන්න ගිහින් ගුටි නොකා යන්තම් බේරිලා ආපු ත්‍රාඩයො දෙන්නා.

      Delete
  2. එකෙක් නෑ.. 16 ක් ඇප හා සැකපිට ඉන්නවා .. ඡන්දයක් එනකම් ඔහොම ටෝක් දිදී හිටපන්

    ReplyDelete
  3. වැඩිය ඕනෙ නෑ උඹලගේ හොර මුලේ නායකයා හුණ්ඩු කුමාරයා දිහා බැලුවම ඇති.ඌ තමයි මේ ආණ්ඩුවේ හැම හොරකමක් පස්සෙම ඉන්නෙ.කප්පං ගන්න කාලේ කප්පමෙන් සීයට හැත්තෑවක් ගත්ත වගේ සෑම හොරකමකින්ම වැඩිම කොටස ගන්නෙත් ඌ මයි

    ReplyDelete
  4. 159 ම පට්ට හොරු.

    ReplyDelete
  5. කණ්නාඩිය

    ReplyDelete
  6. කණ්නාඩියක් ඉස්සරහට ගියොත් බපා ගත්ත හැකි, නැද්ද හා?

    ReplyDelete
Previous Post Next Post