රජය අනුගමනය කරන අදූරදර්ශී පිළිවෙත් හේතුවෙන් ඉදිරියේදී රටට බරපතළ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අනතුරු අඟවයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව හුදකලා කිරීමට හේතු විය හැකි බවයි.
ලබන වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වත්මන් ගිවිසුම් කාලසීමාව අවසන් වීමට නියමිතය.
ඉන් අනතුරුව, 2026 වසරේ දෙසැම්බර් මාසයේදී ජී. එස්. පී. (GSP+) බදු සහනය තවදුරටත් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය වෙත අයදුම් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බව මහාචාර්යවරයා සිහිපත් කළේය.
මෙම සහනය ලබා දීමේදී යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ අදාළ රට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳවයි. එම සම්මුතියේ මූලිකම අංගයක් වන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම බව හෙතෙම අවධාරණය කළේය.
කෙසේ වෙතත්, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් එල්ල වන බව පෙන්වා දෙන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, මේ හේතුවෙන් ජී. එස්. පී. සහනය අහිමි වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කළේය.
යම් හෙයකින් මෙම බදු සහනය මෙරටට අහිමි වුවහොත්, එය දැනටමත් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වන මරු පහරක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Professor G.L. Peiris Warns of Impending Economic and Political Crisis
Professor G.L. Peiris has issued a stark warning that Sri Lanka may be on the brink of a serious economic and political crisis due to the government's current approach. Speaking at a media briefing in Colombo, he highlighted that certain actions taken by the administration could lead to the country's international isolation.
The current agreement with the International Monetary Fund (IMF) is set to expire in March of next year, raising concerns about the future of international financial support.
Peiris noted that in December 2026, Sri Lanka will need to apply to the European Union for the continued extension of its Generalized Scheme of Preferences (GSP+), a crucial trade concession. He underscored that one of the major considerations for the EU in granting this concession is the adherence of the country to international covenants on civil and political rights (ICCPR). A key component of this covenant is the safeguarding of judicial independence.
However, Peiris cautioned that the proposed 22nd constitutional amendment could directly undermine the independence of the judiciary. He warned that such changes pose a significant risk of Sri Lanka losing its GSP+ benefits.
If the country were to lose this crucial trade concession, it would be a devastating blow to Sri Lanka's already struggling economy, which is grappling with substantial crises, he emphasized.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගාමන්ට් වල ඉන්න ඩෝබිලට ආතල් නිවුස් 😆😆
ReplyDeleteAkD saved1 billion dollars by strengthing law
ReplyDeleteWho care gsp
පුක තමයි මුත්තේ
ReplyDeleteපුක තමයි මුත්තේ
ReplyDeleteඅනුර කුමාරත් මුනට කරපු වින්නැහියක්. අල්ලගන්න දෙයක් ඇත්තෙම නැහැ. හතරකෙන්දරේ පාලු වෙච්ච එවුනුත් දැන් මුන්ට නැහැ. හෙට වෙනකොට කියයි අනුර කුමාරගේ කලිසමේ ගොල්පිය ලොකුයි ඒක නිසා GSP + නැතිවෙයි කියලා. GL මුත්ත දැන් වයසට ගිහින් හරි හමන් සිහියක් නැහැ. ඔහේ විකාරෙන් දොඩවනවා. රජිව් නීතිඥහොරාත් ළඟදීම ඇතුලේ වගේ
ReplyDelete