අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ තීරණය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව කරුණු විමසමින් සිවිල් සංවිධාන සහ විවිධ වෘත්තිකයින් පිරිසක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයදුම්පත් යොමු කර තිබේ.
විසි දෙනෙකුට ආසන්න පිරිසක් මෙම තොරතුරු ඉල්ලා ඇති බව වාර්තා වේ.
අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී තිබේද, එහි ලියාපදිංචි තොරතුරු මොනවාද සහ එම ලිපිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද යන්න පිළිබඳව නිල තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
විශේෂයෙන්ම 2026 වර්ෂයේදී හෝ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වූ දින සිට මේ දක්වා මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර මහා නිකායවල මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව විශ්‍රාම වයස සම්බන්ධයෙන් කිසියම් ලිපියක් ලැබී ඇත්නම්, එහි පිටපතක් සහ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් නියෝග හෝ උපදෙස් පිළිබඳ වාර්තා ද මෙමගින් ඉල්ලා තිබේ.
යම් හෙයකින් එවැනි ලිපියක් ලැබී නොමැති නම්, එය නොලැබුණු බව තහවුරු කරන ලෙස ද එම අයදුම්පත් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම තොරතුරු විමසීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයකි.
උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එවැනි ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කලත් එය ලැබුනාද නැද්ද කියා තමන් වහන්සේ කිසිවක් නොදන්නා බවයි.
Civil Organizations Seek Clarity on Retirement Age Decision for Judges
A group of civil organizations and various professionals has lodged a request with the Presidential Secretariat for information related to a letter sent by the Chief Prelates of the Sri Lankan Buddhist sects concerning the proposed increase in the retirement age of judges. These inquiries are being made under the Right to Information Act, aiming to clarify several key matters.
Reports suggest that around twenty individuals have collectively sought this information. They are particularly interested in knowing whether the said letter has been received by the Presidential Secretariat, what its registration details are, and what steps have been taken in response to it.
Specifically, the group is seeking copies of any document bearing the signatures of the Chief Prelates of the Malwathu, Asgiriya, Ramanna, and Amarapura Nikayas related to the retirement age issue, especially if such a document has been issued since the start of the constitutional amendment process or in 2026. They also want reports on any directives or guidance provided by the President regarding the matter.
Moreover, they are requesting confirmation that no such letter has been received, should that be the case. This inquiry has gained urgency following recent comments made by the Most Venerable Thibbatuwawe Sri Siddhartha Sumangala Thera from the Malwathu chapter, who stated he is unaware of any letter being sent to the President on this issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මලික් සමරවික්‍රමගේ බොරු කෝලම් පැත්තකට දමා මහා නායකහිමිවරුන් ගේ ලිපියේ පිටපතක් මාධ්‍යයට නිකුත් කල යුතුවේ
ReplyDeleteමේ කාරණාවේදී බෞද්ධයන්ගෙන් 90%ක් සිටින්නේ මහා නායකහිමිවරු සමගයි
බෝන් අගේන් පාස්ටර් ට අලුත් කඩේ මුල් පුටුව අයිතිකර දීමට එරෙහිව බෞද්ධයන් ද මහා නායක හිමිවරුන්ද පෙරමුණ ගත යුතු වේ.
යසන්ත කෝදාගොඩ ට එරෙහිව චෝදනා නැත්නම්, යසන්ත කෝදාගොඩ අලුත්කඩේ මුල්පුටුවට පත් වීමේ ප්රශ්නය කුමක් ද යන්න ඇසිය යුතුවේ.
හතර කේන්දරේ පාලු වෙලා මහන කරපු අයද දැන් රටේ අධිකරණය කරන හැටි කියලා දෙන්නේ.
ReplyDeleteසිරා කතාව. ගොඩක් සාදුල පට්ට ඇරියස් කාරයෝ නේ
Deleteකාදිනල් ගේ මැදිහත්වීම් අවුලක් කෑ ලපයට.
DeleteThoge ganige kendarare balapiya..thopi wage nugath NPP paharyao gawa gnanu wate yanawa..
Deleteකම්බ හොරු. ඒකත් හොරකම් කරලා. රාජපක්ෂලා ද දන්නේ නෑ. හික්..හික්..හික්
ReplyDeleteමා නායක හිමිවරුන්ට යොමුගත ලිපියේ පිටපතක් ප්‍රශිද්ධ කරන්නට ඉල්ලීමක් කරන්න අවසර.
ReplyDelete