ඩොලර් මිලියන 2.5 සයිබර් ක‍්‍රයිම් එකක්.. පලවෙනි වතාව නෙමෙයි.. ලෝකෙ පුරාම වෙනවා.. මෙහෙ විතරක් වුන මැජික් එකක් නෙමෙයි..


 භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ සුවිශේෂී සිදුවීමක් හෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ මැජික් එකක් නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, සයිබර් අපරාධ හරහා සිදුවන මෙවැනි මූල්‍ය අස්ථානගත වීම් ලෝකයේ ඕනෑම රටකට සිදුවිය හැකි බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ විෂය පිළිබඳ විශේෂඥයන් දැනුවත් වී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්ටර්පෝල් ආයතනය මගින් නිකුත් කර ඇති වාර්තා උපුටා දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සයිබර් අපරාධ හේතුවෙන් ආසියානු කලාපයේ සහ ලෝකයේ ආර්ථිකයන්ට එල්ල වන බලපෑම පිළිබඳව එම ආයතන නිරන්තරයෙන් කරුණු වාර්තා කරන බවයි.

හැකර්වරුන් විවිධ සංකීර්ණ ක්‍රමවේද ඔස්සේ මෙවැනි අපරාධ සිදු කරන බවත්, මෙය දිනෙන් දින වර්ධනය වන ගෝලීය තර්ජනයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ අද්භූත සිදුවීමක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බව විවේචනය කළ අමාත්‍යවරයා, මෙය හුදෙක් මුදල් නෝට්ටු අස්ථානගත වීමක් පමණක් නොව, සමස්ත ආර්ථිකයටම බලපාන සංකීර්ණ සයිබර් අපරාධ ක්‍රියාවලියක කොටසක් බව ද අවධාරණය කළේය. 





Minister Clarifies Significance of $2.5 Million Cyber Heist

The recent disappearance of $2.5 million from the treasury is not an unprecedented occurrence for Sri Lanka, but rather a troubling event that could happen to any nation, Minister Wasantha Samarasinghe emphasized during a parliamentary session.

Commenting on the incident, the minister stated that financial losses due to cybercrime are a global issue, affecting countries around the world.

He informed that the Sri Lanka Computer Emergency Response Team (CERT) and relevant experts have been alerted and are currently conducting necessary investigations into the matter.

Referencing reports released by the Asian Development Bank and INTERPOL, Samarasinghe highlighted that these organizations continuously track the impact of cybercrime on economies in the Asian region and globally.

The minister pointed out that hackers employ various intricate methods to execute such crimes, a growing global threat that is escalating daily.

While some factions may attempt to label this incident as a singular extraordinary event in Sri Lanka's history, he criticized this portrayal, asserting that it is not merely about money being siphoned off, but rather a component of a complex cybercrime process that affects the entire economy.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. කොහොමටත් උඹලට හොරා කාපු සල්ලි වලින් මෙහෙ සැප විදින්න බෑ.පල් හොරු. හිටපු ආන්ඩු මෙහෙම දූශන කරේ නෑ.

    ReplyDelete
    Replies
    1. සයිබර් අපරාධ කියන්නේ කොම්පියුටරය ත ඇතුළු වී ඒවයෙ මුර පද කඩා මුදල් සොරකම් කිරීම වැනි දේ .මෙය එහෙම එකක් නොවේ. උන් ලියුමක් එවුවා අපේ ණය ගෙවාපන් කියලා උඹලගේ පක්ෂේ න් පත් කරපු ලේකම් ඒ මුදල ගේවුව අපි දන්නේ නෑ ඔහු මේ ගැන දන්නවද නැද්ද කියලා නමුත් ඕන කෙනෙක්ට ඕනා දෙයක් අනුමාන කරන්න පුළුවන් . හිතා මතා වැරදි අකවුන්ට් එකකට සල්ලි දැම්ම ද නැතිනම් නොහැකියාව නිසා සල්ලි වැරදි අකවුන්ට් එකකට දැම්මද කියා කියන්න බෑ .හොරකමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි එකක් විශ්වාසයි උඹලට වැඩ බැරි නිසා මෙහෙම උනා

      Delete
    2. අනික මිනිහෝ අපි මේ බාස් කෙනෙකුට රුපියල් 5000 ක් ඒවන්න කිව්වා මත් මැෂින් එකෙන් සල්ලි දාද්දී නම හරිද අංකය හරිද කියලා කී පාරක් චෙක් කරන වද.උඹලගේ මුදල් ලේකම් අකවුන්ට න් ට් කෙනෙක් කියලා නේද කියන්නේ ඌ ඔය සරල කාරණය දන්නේ නැද්ද.බොරු කියන්න එපා මිනිහෝ මේවා තමයි පට්ට හොරකම්

      Delete
    3. මුංට වැඩ බැරි නිසා මේක උනා කියන එක වැරදියි මුන් පට්ට හොරු එදා බත් මුට්ටිය පවා හොරකම් කල උන් මුං. මේක මුන් දැනුවත් ව කොහේ හරි කෙනෙක් ලව්ව සිදු කරා වෙන්න පුළුවන් .අර මැරුණු රාජපක්ෂ මේකට මුදල් දාන්න එපා කියලා කිව්වාද කවුද දන්නේ? එවිට ලොකු නිලධාරීන් පණ්ඩිත කම් නැතිව ඔය account එකට සල්ලි දාපන් කොව්වද කවුද දන්නේ

      Delete
  2. ඔ්ක වෙනත් ආණ්ඩුවක වුනා නම් මුංගෙ කටවල් බලන්න තිබුණ.

    ReplyDelete
  3. ඔය සිද්ධිය කොහොමත් යට යනවනේ.
    අවුලක් නෑ. 😁😁😁😁😁😁

    ReplyDelete
  4. mahajana mudal sangika deyak vidiyata salakala balagannawa kiwuwe, hakkers la ta dennada ?

    ReplyDelete
  5. ආරියතිලක

    ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) මුදල, ජවිපෙ කාඩරයන් අතට පත් වූවා ද?

    ආයුධ සංනද්ධ සටනකදී ප්‍රධාන දේ අතර ආයුධ එක් ප්‍රධාන සාධකයකි. මේ කාලයේ නම් ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය, විවිධ ආකාරයේ යුධ, ගුවන්, නාවික පීඩාකාරී ගිනි අවි හා සනිවේදන උපකරණ භාවිතා කෙරේ. තිබෙන ආයුධ ප්‍රමාණය හා ආයුධවල බල දුබල බව මත, සටනෙහි ජය පැරදුම තීරණය වනවා ඇත.

    ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුලත 1948 නිදහසින් පසු සංනද්ධ කැරැළි තුනක් ඇති විය. ඒ කැරැළි 3 ම අති කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ය. රාජ්‍ය බලය පැහැර ගැනීමට ය. දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිණිස ය.

    1. 1971 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,

    2. 1987/88/89 ජනතා විමුක්‍ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,

    3. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ කැරැල්ල.

    මේ කැරළි තුන ම කැරැළි කරුවන් පරාද වූයේ, රාජ්‍යයේ ත්‍රිවිධ හමුදාව ඇතුලු සියලු ආරක්ෂක හමුදාව සමඟ සටන් කිරීමට තරම් ප්‍රබල ආයුධ තොග නොමැති වීම ය.

    රාජ්‍ය විරෝධී සංනද්ධ කැරළි දෙකක් මෙහෙයවා ඇති ජනතා විමුක්ති පෙරමුණ, හොඳාකාරයෙන් ම, එම 1971 හා 1987/88/89 කැරළි දෙක පරාද වීමට හේතුව, ආයුධ සංනද්ධ භාවයේ දුබල කම බව මනා කොට දන්නවා ඇත.

    ජානතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන මේ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දී ඇති බලය තාවකාලික ය. මාක්ස්-ලෙනින්වාදී දේශපාලන පක්ෂ, තාවකාලික ආණ්ඩු හදන ක්‍රමයක් බලාපොරොත්තු නො වේ. එවැනි ඉගැන්වීමක් මාක්ස්- ලෙනින්වාදයේ නැත්තේ ය. ජනාධිපතිවරයා හා ආණ්ඩුව, දැනට ඇති දේශපාලන රාමුව ඇතුලත රාජ්‍ය බලය මෙහෙය වන්නේ, ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම මාක්ස් ලෙනින්වාදී පාලනයකට ඉදිරියේ ගෙන ඒමේ පරම බලාපොරොත්තුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස් අනුමත නො කරයි. කොමියුනිස්ට්වාදී තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් පමණක් කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුගේ ඉගැන්වීම ය.

    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ ප්‍රකාරව බලයට පත් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට, තම අභිමතය අනුව තනි කොමියුනිස්ට්වාදී පක්ෂ ක්‍රමය ඇති කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ සඳහා ඇත්තේ ක්‍රියා මාර්ග දෙකක් පමණ ය. එනම්:-


    1. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමෙන් ආණ්ඩු පක්ෂය හැර, අනෙක් දේශපාලන පක්ෂ බල රහිත වන ලෙස විශේෂිත බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කොට ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම පරිච්ඡින්න කොට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, විශේෂ බහුතරයෙන් සම්මත කොට, ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම; හෝ

    2. ආයුධ සංනද්ධ කැරැල්ලක් මගින් රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, හෝ

    යන කරුණු දෙක මත කොමියුනිස්ට්වාදී තනි දේශපාලන් පක්ෂ ක්‍රමයක් ඇති, පාලනයක් ඇති කර ගත හැක.

    ReplyDelete


  6. ඉතිරි කොටස…

    ආරියතිලක

    මේ ක්‍රම දෙකෙන් ප්‍රථම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධක දෙකක් ඇති කරයි.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් නොහළ හැකි වගන්ති හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාරව ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද,
    ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) ද යන අන්තර් ජාතික සම්මුතීන්ට එකඟ විය යුතු ය. එසේ නො වන බවට ආණ්ඩුව වග බලා ගත යුතු ය. එයට පිටින් ක්‍රියා කිරීමකදී, සෑම පුරවැසියෙකුට ම එය අභියෝගයට ලක් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිත්වාසිකම් පෙත්සමක් ගොනු කොට කරුණු කියත හැක. එමගින් නීතියට පටහැනි සංශෝධන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කරවා ගත හැක. එය තනි කොමියුනිස්ට්වාදී තන දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති කරලීමට බාධා පිණිස පවතී.


    අධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවේ සැලැස්ම මේ සමඟ බැදී ඇති බව අප විසින් ලියන ලද, “විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාවෙහි සැබෑ අරුත කුමක් විය හැකිද?” ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ය.


    2. ජනමත විචාරණයකින් ආණ්ඩුවට දිනීම ද ලෙහෙසි නැත. දෙන ලද මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට භාජනය වී ඇත. එයට පිළියමක් ලෙස, ආණ්ඩුව කඳුරට වතු දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාව ද, උතුරු නැගනහිර දෙමළ ජන්තාව ද, කතෝලික ජනතාව ද උපක්‍රම ශීලීව එකාරාශි කිරීමට උත්සාහ කරන බව අපගේ අදහස ය.


    නැවත සංනද්ධ කැරැල්ලක් ඇති කිරීමට අවි ආයුධ නොමැති කම;


    ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට දී ඇති සීමිත කාල ජනවරමේ බලය ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මාක්සවාදී න්‍යායට අනුගත ලෙස සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ නො කළ හැකි වුව හොත්, ඉතිරිව ඇත්තේ කවදා හෝ නැවත ආයුධ සංන්ද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීම ය.

    එයට ඇති එක ප්‍රධාන බාධකයක් වනුයේ ආයුධ නැති කම ය. එයට විසදුම් සේවීමට නම් අවි ආයුධ ගැනීමට මුදල් තිබිය යුතු ය. එම අවි ආයුධ ක්‍රම දෙකකට ලබා ගත හැකි ය.

    1. ප්‍රදානයක් ලෙස,
    2. මුදලට ගැනීම ලෙස ය.

    කොමියුනිස්වාදී පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන කුමන හෝ සංවිධානයකට කොමියුනිස්ට්වාදී රාජ්‍ය ආයුධ දීමෙන් උපකාර කිරීම ඉතිහාසය ඔප්පු කොට ඇත. චීනයේ මාඕ සේතුං හට රුසියානු ආයුධ තොග පිටින් ලබා දීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයට චීනයේ කොමියුනිස්ට් පාලනය ඇති කිරීමට හැකි විය. එසේ ම මාඕ චීනය වියට්නාමයට කොමියුනිස්ට් පාලනය ඇති කිරීමට සෘජුව ආයුධ හා සැම අතින් ම දායක විය. චීනය උතුරු කොරියාවේ කොමියුනිස්ට් පාලනය ආරක්ෂා කර ගැනීමට කොරියානු යුද්ධයේ දී ආයුධ සංනනද්ධ හමුදා යෙද්වීමෙන් දායක විය. රසියාව කිව්බාවට ද ඩොලර් බිලියන ගණනින් ආධාර ලබා දී ඇත.

    චීනයේ 1978 දී බලයට පත් වූ ඩෙංග් ෂියාඕපෙංග්ගේ පාලන කාලයෙන් වාණිජ ආර්ථික ක්‍රමය හේතුවෙන්, ඇතැම් ප්‍රදාන මුදල් මත රදාපවතින තත්වයට පරිවර්තනය වී ඇත. ඒ හේතුවෙන් කොමියුනිස්ට්වාදී පක්ෂවලට අවි ආයුධ ප්‍රදානයක් වශයෙන් ලබා දීමට අමතරව මූල්‍ය වටිනාකම් අති දෑ නොමිලයේ ලබා නො දීමට ඉඩ ඇති බව අපගේ අදහස ය.


    චීනය ත්‍රස්ත සංවිධානවලට මුදලට ආයුධ ලබා දීමේ අපකීර්තිමත් අතීතයක් ඇත්තේ ය. රුසියාව ද එසේ ය. T56 හා T 81 චීන ගිනි අවි නිපදවන්නේ චීනය ය. එම අවි, අවි ජාවාරම්කරුවන් මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය සතු කිරීම පිළිබඳ, චීන රහස් අවි ගණුදෙණු සම්බන්ධව අපකීර්තිමත් බවට සරල එක් උදාහරණයක් පමණි. රුසියාවේ Ak 47 ස්වයංක්‍රීය ගිනි අවිය ද එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය සතු වූයේ අවි ජාවාරම් කරුවන් මගිනි. මේ ගිනි අවි තුනක් පිළිබඳව පමණි. රාජ්‍ය ත්‍රාන්ත්‍රික භාවයෙන් තොරව රාජ්‍යකට එරෙහි ත්‍රස්ත සංවිධානවලට ආයුධ ලබා දීම අහඹු දෙයක් නො වේ. බලවත් බුද්ධි ජාලයක් ඇති රුසියාව හා චීනය සතු අවි විකිණීමෙන් පසු අවසන් ඉලක්කය කුමක් ද යන්න නො දන්නවා යයි කියනවා නම් එය රාජ්‍ය ත්‍රාන්ත්‍රික විහිළුවක් බව ද කිව යුතු ය.


    ආයුධ සංනද්ධ කැරැල්ලක් නැවත ඇති කිරීමට ආයුධ මිල දී ගැනීමට මුදල් ප්‍රතිපාදන උපයා ගැනීම පිණිස,ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම, ජවිපෙ කාඩරයන් වෙත යොමු වූවාදැයි සැක සහිත ය. එම මුදල ජවිපෙ කාඩරයන් අතට පත් වූයේ නම් එමගින් ආයුධ මිලට ගෙන, කන්ටේනර් 323 ක් රේගු භාරයෙන් වංචනික ලෙස පිට කළ ආකරයෙන් හෝ ඊට සමාන ආකාරයකින් හෝ ජවිපෙ සාමාජිකයන් අතට පත් කර ගැත හැකි වෙනවා ඇත. ජවිපෙ දේශපාලන ඉතිහාසය අතිශයින් ම සැක සහිත ය. අවිශ්වාස ය. ආයුධ මිළ දී ගැනීමට, රහසිගත තුන්වන කැරැල්ලකට එය ඉතා ප්‍රයෝජනවත් නො වේ යයි කාට නම් කිව හැකි ද?

    ReplyDelete
  7. , නොදකිං, දෙපාරක් එකවුන්ට් එක වැරදියි කිව්වා ම ,ඒක චෙක් නොකල වරද කාගේද

    ReplyDelete
  8. ජේ.වී.පී. ත්‍රස්තවාදී, අඩු කුලයේ, පාහර කප්පම් වස්සා 🤮🤮🤮😡 තොපි කොයි තරම් බොරුවෙන් රජකරන්න උත්සාහ කෙරුවත් කර්ම විපාක කියලා එකක් තියෙනවා කියලා දැනගෙන තව බොරු රැඟුම් රඟපල්ලා 🤮🤮🤮 හුණ්ඩුවා, හාලි ඩයි මයිනා ඇතුළු තොපේ කාලකණ්නි, අඩු කුලේ ත්‍රස්තවාදී පාහර බල්ලන්ට ලඝදීම ගම්වල ගෑණු ගහලා එලවන්නේ 😡🤮

    ReplyDelete
Previous Post Next Post