පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරන්න නීති හදනවා.. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ...


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම කාර්යාංශයක් පිහිටුවීමට ආණ්ඩුව නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බවත් එය සිදුවුවහොත් මෙරට බෞද්ධ සිද්ධස්ථාන සහ උරුමයන් ඇත්තේ විශාල අනතුරක බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම එකමුතුව පෙන්වා දෙන්නේ මෙම කාර්යාංශය පිහිටුවීමෙන් පසු අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා විශේෂඥතාව ඇති නිලධාරීන් වෙනුවට වෙනත් පාර්ශ්වයන් පත්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී සිදුවන්නේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන අනතුරේ හෙළිමක් බවත් මෙම එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වසන්ත බණ්ඩාර මෙසේ ද පැවසුවේය.

'උතුරු පළාතේ යාපනය මහජනතාව සතුටු කරන්න, විශේෂයෙන්ම පුරාවිද්‍යා තැනක් අහෝසි කරන්න, ජාතික උරුම පදනමින් ඉවත් කරලා, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණය නැති කරන්න ක්‍රියාකරන බවට මහා සංඝරත්නයට තොරතුරු ලැබිලා තියෙනවා. පසුගිය දිනක ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී උතුරේ ජනතාව සතුටු කරන්න බොහෝ දේවල් කියලා තියනවා. 

ඒ වගේම, උතුරු ඩයස්පෝරාවේ විවිධ බලපෑම්වලට ලක්වෙලා තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. අපි මීට කලින් මාධ්‍ය සාකච්ඡාවලදී අනාවරණය කළා, පසුගිය දවස්වල චානක්‍යන් සහ සුමන්දිරන් මන්ත්‍රිලා දෙන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කාර්යාල වේලාවෙන් පසුවත් කිහිප වතාවක් පැමිණ, සාකච්ඡා කරලා තියනවා. 

උතුරු නැගෙනහිර පළාත්වල තියෙන පුරාවිද්‍යා වාර්තාවල කරුණු වෙනස් කරන්න, ඊට අමතරව දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේ පටිපාටියේ යම් යම් වෙනස්කම් කරන්න.මේ තත්වය තවත් වැඩි වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයින් කරලා දාලා ජාතික උරුම කාර්යාංශයක් ''පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කළහොත්. අපි එයට සම්පුර්ණයෙන්ම විරුද්ධයි'

අශිකා ජයවීර





Concerns Raised Over Proposed Abolishment of Archaeology Department

The government is reportedly drafting legislation to dissolve the Archaeology Department and establish a National Heritage Authority in its place. National organizations are expressing grave concerns, warning that such a move could jeopardize Sri Lanka's Buddhist sites and heritage.

Critics warn that the new authority may not prioritize the appointment of experienced archaeologists, potentially leading to the engagement of less qualified personnel. Dr. Wasantha Bandara, a member of the executive committee of the coalition, highlighted that this transition could pose significant risks to archaeological sites in the Northern and Eastern provinces.

Dr. Bandara elaborated on the implications of this shift, revealing information received by the Maha Sangha regarding plans to compromise archaeological heritage for public satisfaction in the Northern Province. He noted that discussions at a recent meeting led by President Anura Kumara Dissanayake hinted at numerous proposed actions to appease the local population, including the cancellation of protected archaeological sites.

Moreover, reports suggest that the Northern diaspora has been subject to various influences that may affect these decisions. Previous media discussions have uncovered visits by certain ministers to the Archaeology Department after office hours, engaging in talks that signal potential changes in the documentation related to archaeological findings in the Northern and Eastern provinces.

Concerns about altering hiring protocols within the department have also been raised, with fears that the establishment of a National Heritage Authority will exacerbate the situation. The coalition firmly opposes the government’s plan to dissolve the Archaeology Department for this new entity.

As the debate intensifies, the future of Sri Lanka's archaeological heritage hangs in the balance.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. ආරියතිලක

    ජනතා විමුක්ති පෙරමුණ නීතියේ ආධිපත්‍ය රැක්කා ද? නො එසේ නම් නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට ක්‍රියා කළා ද? සත්‍ය කුමක් ද?


    වර්තමාන ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) නායකයා ය. එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයා ද වේ.

    ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන දර්ශනය, න්‍යාය මාක්ස් ලෙනින්වාදය වේ. මාක්ස්- ලෙනින්වාදය න්‍යායාත්මක මූලය වන්නේ 1847 පෙඩ්රික් එංගල්ස් විසින් ප්‍රකාශිත “ කොමියුනිස්ට් වාදයේ මූල ධර්ම” නැමැති ලියවිල්ල හා 1848 දී කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද “කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය” යන ලියවිල්ල යන ලියවිලි දෙක ය. ඊට පසු එම දෙදෙනා විසින් හා වී. අයි ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන දෙදෙනා විසින් හා තවත් ප්‍රබල කොමියුනිස්ට්වාදී න්‍යායාචාර්යවරුන් කීප දෙනෙකු විසින් ලියන ලද ග්‍රන්ථ, ප්‍රකාශන, පුවත් පත්වලට ලියන ලද ලිපි, කොමියුනිස්ට්වාදය පෝෂණයට ඉවහල් විය.

    සමස්ත කොමියුනිස්ට්වාදය, ලොව ඇති අන් සියලු දර්ශනයන් වෙතින් 100% ක, වෙනින් මඟක් ගනී. කිසිදු ලෙසකින් කිසිදු ආකාරයකින්, කොමියුනිස්ට්වාදයේ අවසන් එකඟතාවය, අන්‍ය දර්ශන හා ඉගැනිවීම්, සංකෘතික සමුදායන්, නීතිය, රාජ්‍ය පාලනය, සමාජ තත්වයන් එක මඟක සමපාත නො වේ. කොමියුනිස්ට්වාදය වෙනම ම න්‍යායක් වෙනම ම පැවැත්මක් සහතික කරයි.

    මහි මූලය ලෙස, කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින්
    1848 ප්‍රකාශයට පත් කළ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ මෙසේ කියති.


    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    යනුවෙනි.

    මේ ප්‍රකාශයෙන් මාක්ස් හා එංගල්ස් කියන්නේ, කොමියුනිස්ට්වාදයේ මූල න්‍යායන්ට පිටින් ඇති කරන ලද, සියලු දර්ශන, පාලන ඒකක, සංස්කෘතීන් හා ඉතිහාසය, සමාජ හා ආගමික ප්‍රපංච, යන සියල්ල ප්‍රතික්ෂේප කරන බව ය. එසේ ම කොමියුනිස්ට්වාදීන් විසින් ලෝකයේ ඇති සියලු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් විසින්) ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

    කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ ගොඩ නැගීමේදී, පක්ෂයට බඳවා ඈදෑ ගන්නා පුදගලයන්(කොක්ක ගැසීම මගින්) වෙත, කොමියුනිස්ට්වාදය පිළිබඳව ක්‍රම ක්‍රමයෙන් ඉගැන්වීම කොමියුනිස්ට් පක්ෂ ක්‍රමයේ ඇති මූලික ම වැඩ පිළිවෙළ ය. එය ජන්තා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ පංති පහ මගිනි. ලෝකයේ සියලු කොමියුනිස්ට්වාදී පක්ෂවල සාමාජිකයන්ට මාක්ස් හා එංගල්ස්ගේ;

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    යන ප්‍රකාශයට අනුව මාක්ස්වාදයෙන් බාහිර සියලු ඉගැන්වීම ප්‍රතික්ෂේප කළයුතු බව උගන්වන් ලැබේ. එය කොමියුනිස්ට් වාදි පක්ෂය ඉදිරියට පවත්වා ගෙන යාමට ස්ථීර කොන්දේසියකි. එසේ නො කොට විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයක් ගොඩ නො නැගිය හැකි ය. එසේ නොවන තාක් රාජ්‍ය බලය අල්ලා ගැනීම ද (ආණ්ඩු බලය නො වේ. කොමියුනිස්ට් රාජ්‍යවල ආණ්ඩු බලය කියා එකක් නැත. තනි දේශපාලන පක්ෂ ක්‍රමය ඇති කර, කොමියුනිස්ට් න්‍යායෙන් වෙනස් නො වන පක්ෂ දෙකක් අතර බලය හුවමාරු කරේ. සමස්ත පාලනය මූල කොමියුනිස්ට් පක්ෂය විසිනි. උදා:- චීන කොමියුනිස්ට් පක්ෂය (CCP), කොරියානු කම්කරු පක්ෂය,)
    එසේ නොවුණ හොත් රාජ්‍ය බලය අල්ලා ගත් පසු, කොමියුනිස්ට්වාදයට අවශ්‍ය පරිදි රාජ්‍ය බලය පවත්වා ගැනීමට කිසි ලෙසකින් නො කළ හැකිය. එය කළ හැකි වන්නේ කොමියුනිස්වාදයෙන් පිටස්තර සියලු දර්ශන, පාලන ඒකක, සංස්කෘතීන් හා ඉතිහාසය, සමාජ හා ආගමික ප්‍රපංචයන් නො පිළිගන්නා ලෙසට තම පක්ෂ සාමාජිකයන් බල ගැන්වීමෙන් පමණි.

    ReplyDelete
  2. ඉතිරි කොටස….

    ආරියතිලක

    මාක්ස්වාදයෙන් ප්‍රතික්ෂේප කරන්නේ කුමක් ද?


    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”


    යන මාක්ස්ගේ එංගල්ස්ගේ ඉගැන්වීම අනුව කොමියුනිස්ට්වාදී රාජ්‍ය පාලනයෙන් තොර වූ, පෙර පැවැති හා දැනට ඇති රාජාණ්ඩු, සමුහාණ්ඩු, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, ආගමික ග්‍රන්ථ පදනම් කරගත් රාජ්‍ය=(උදහරණ:- මුසල්මානුන්ගේ ශුද්ධ ග්‍රන්‍ථය වන, අල්-කුර්ආනය අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන මුස්ලිම් රාජ්‍ය), ඒ ඒ රාජ්‍යවල සම්මත කොට ඇති සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නීති අණ පනත්, ඒ ඒ රාජ්‍යයන්හි සියලු අධිකරණ පද්ධති, ඒ ඒ රටවල පනවා ඇති දණ්ඩ නීති, හා සිවිල් නීති, පොලිස් හමුදා, යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා හා සියලු ආරක්ෂක හමුදා, රාජ්‍යයන් සතු අවි ආයුධ, සියලු රාජ්‍ය ආයතන, දෙපාර්මේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සේවය, ඒ ඒ රටවල කොමියුනිස්ට්වාදී පරිපාලනයට අනුව පාලනය නො වන සියලු අධ්‍යාපන ආයතන, භාණ්ඩාගාරය හා රාජ්‍ය මුදල්, බැංකු පද්ධති, විදේශ තානාපති සේවය, වරාය, ගුවන් සේවා , සියලු ආගමික ඉගැන් වීම් හා ආගමික ජීවිතය, ආගම හා බැදුනු ග්‍රන්ථ, ආගමික අධ්‍යාපනය, විහාරාරාම, ආගමික සිද්ධස්ථාන, ලෝකයේ කොමියුනිස්ට් නො වන සියලු ඉතිහාසය, (ඒ ඒ රටවල ඉතිහාසය,) ( උදාහරණ; මහා වංශය, හා වංශ කථා, සියලු පුරා විද්‍යා ලිපි) පුරා විද්‍යා ස්මාරක, පුරා වස්තු, කොමියුනිස්ට්වාදයට අනුගත නො වන සාහිත්‍ය කෘති, පොත් පත්, පුවත් පත්, සියලු ලේඛන, කොමියුනිස්ට්වාදය විවේචනය කරන හා කොමියුනිස්ට්වාදයෙන් පිටස්තර පාලන ක්‍රම ඇගයීම් කරන ගීත කලාව හා රංග කලාව, විද්‍යුත් හා මුද්‍රිත සංනිවේදන මාධ්‍ය බලය, යන සියල්ල මාක්ස්වාදයෙන් ප්‍රතික්ෂිප්ත ය. කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂ සාමාජිකයන්ට මේ සියලු දෑ ප්‍රතික්ෂේප කරන තැනට පත් කෙරේ. කොමියුනිස්ට්වාදී පක්ෂයක පූර්ණ කාලීන සාමාජිකයෙක් යනු මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරය සමඟ පමණක් බැදුනු පුද්ගලයෙකු වේ. ඔහු හෝ ඇය කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ඉහත සඳහන් මාක්ස්වාදයෙන් බාහිර සියල්ල බැහැර කළ, හා ගරු නො කරන, තම පක්ෂය වෙනුවෙන් රාජ්‍ය නීති කඩන අයෙකු බවට පත් වීමට හැකියාව ඇති කරයි. ලෝකයේ කොමියුනිස්ට්වාදී පක්ෂ සාමාජිකයන් මගින් සංන්ද්ධ අරගල, විප්ලව ඇතිකර ඇත්තේ ඔවුන් මගිනි. ඔවුන්ගේ ජීවිතය ම කොමියුනිස්ට් ව්‍යාපාරයට බද්ධ කොට ඕනෑ ම සහාසික අපරාධයක් කිරීමට හැකි ලෙස කොමියුනිස්ට් දර්ශනය කාවද්දා ඇත.

    මාක්ස්වාදීහු සැම විට ම පිළිගන්නේ කොමියුනිස්ට්වාදී රාජ්‍යක නීති පමණ ය. අන් සියලු රාජ්‍ය නීති අණ පනත් ඔවුහු නො පිළි ගනිති. එබැවින් ලෝකයේ මාක්ස්වාදී කොමියුනිස්ට්වාදීන් නීති ගරුක නැත්තේ ය. නීතියේ ආධිපත්‍ය ගැන කතා කළ ද ඔවුහු බොහෝ විට රාජ්‍ය ත්‍රස්තවාදීහු වෙත්. රාජ්‍යයක නීති දූෂණය කරන්නෝ ද වෙති. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය කරුවෝ ද වෙති. රාජ්‍ය ද්‍රෝහීහු ද වෙති.

    බොහෝ මාක්වාදීහු “ අපි (තමයි) නියම සාම දූතයෝ වෙමු. අපි රටට, සමායට විමුක්තිය උදාකරන සැබෑ විරයෝ වෙමු. අපි සමාජ අසාධාරණට එරෙහිව සටන් වදින නියම විමුක්ති කාමීයෝ වෙමු.” යයි කියති. තම පක්ෂ ක්‍රියා කාරීනට උගන්වති හදුන්වා දෙති. එසේ වුවත් ඔවුහු බොහෝ දෙනා රාජ්‍ය නීති කඩන අපරාධකරයෝ වෙති.

    මාක්ස්වාදියා ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ ද?


    ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව, පෙඩ්රික් එංගල්ස්ගේ “කොමියුනිස්ට් වාදයේ මූල ධර්ම” ප්‍රකාශනයෙහි,

    “එම විප්ලවයේ ක්‍රියාකාරිත්වය කෙසේ වනු ඇද්ද? යන 18 වන ප්‍රශ්නයට දී ඇති පිළිතුරෙහි
    මෙසේ සඳහන් කරයි.


    “ප්‍රථමයෙන් ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”

    “පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”


    එංගල්ස්ගේ මෙම හැදින්වීම අනුව, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදියා ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැත. අයුධ සංන්ද්ධ විප්ලවයකින් හෝ වෙනත් කුමන හො ආකාරයකින් රාජය බලය ගෙන, අවසානයේ කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් පිහිටුවීනේ ඉලක්කය සපුරා ගැනීමේ කෙටි කාලීන උපාය මාර්ගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වංචනික ලෙස උපයෝගී කර ගතයුතු බව කියා ඇත.

    ReplyDelete
    Replies
    1. Aprade ban Moka owa kiyawanawa da? Tablet eka ganin welawata...Ethakota oka hari yai

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
  3. ඉතිරි කොටස….

    ආරියතිලක

    ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය නීතියේ ආදිපත්‍යයට ගරු නොකළ බව -

    1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමිණ එවකට රටේ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා තක් කාලීන නීතීය, තඹ දොයිතුවකට ගණන් ගත් බවක් නොපෙනේ.

    ජවිපෙ විසින් 1971 කැරැල්ල ක්ෂණිකව ඇති කළ දෙයක් නො වන බව පැහැදිලි ය. එම කැරැල්ල ජවිපෙ පක්ෂය අරම්භ කිරීමට මත්තෙන්, පෙර සිට ම මනෝ මූලිකව තීබීමත්, පක්ෂය ආරම්භ කිරීමත් සමඟ ඉතා වේගයෙන් අවුරුදු හයක් වැනි කෙටි කාලයකින්, ඉලක්ක ගතව රාජ්‍යයට විරුද්ධව සැළසුම් කළ බව පැහැදිලි ය. ඒ කොමියුනිස්ට්වාදී න්‍යායෙන් බලගැන්වූ ඉලක්කයක් ඇතිව ය. රටේ නීතියට පිටින් රාජ්‍ය පැහැර ගැනීමේ චේතනාවෙනි. තක් කාලයේ රටේ පැවැති නීති කැඩීම වරදක් ලෙස ඔවුන් කවුරුත් සිතුවේ නැති බව ද පැහැදිලි ය.


    එවකට 71 කැරැල්ල මෙහෙයවූ ප්‍රධාන නායකයන්ගෙන් වැඩි පිරිස උසස් අධ්‍යාපනය ලබා සිටි හෝ ලබමින් සිටි අය ය. ඔවුහු යමක් සිතීමට භැකි, හොඳ නරක දෙක තේරුම් ගැනිමට හැකියාවක් ඇති අය වූහ.

    නමුත් ඔවුන් ඇතුලු සමස්ත කැරැල්ලේ සිටි සියලු සාමාජිකයන් එවකට රටේ පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්,
    තත් කාලයේ පවතින රජයේ නීති අණපනත්වලට ගරු නො කිරීමත්, විශේෂයෙන් තත් කාලයේ පැවැති දණ්ඩනීති සංග්‍රහයට, අපරාධ නීතියට ගරු නො කිරීමත්,

    1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
    1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
    1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත,
    1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
    1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,

    අදී අණ පනත්වලට ගරු නො කිරීමත් , ඒ පනත්වලින් පනවා ඇති නීති උල්ලංඝනය කිරමින්
    රාජ්‍ය විරෝධී සංනද්ධ කැරැල්ලක් දියත් කෙරෙණි. රාජ්‍ය නීතී අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට මහත් විලෝපයක් ඇති කළහ.


    ජනතා විමුක්ති පෙරමුණ 1987/88/88 දෙවැනි කැරැල්ල වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව රටේ නීතිය සුරැකීමට නීති අණ පනත් කීපයක් ද සම්මත වී තිබිණි. ඒ අතර,

    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත හා

    1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත,

    යන පනත් දෙක විශේෂ ය. එයට අමතරව 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයන මගින්
    දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව හා 161 (ඇ) (3) ව්‍යවස්ථාව ද සම්මත කොට බලාත්මකව තිබිණි.

    ඉහතින් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා සියලු නීති අණ පනත් තිබියදී, 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල ද ඇති කරන ලදී. ජවිපෙ විසින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කල බව මෙයින් පැහැදිලි ය.


    ඒ මගින් ජවිපෙ සාමාජිකයන් විසින් රාජ්‍ය පැහැර ගැනීම සඳහා කරන ලද මිනී මැරීම් හා ඔවුන්ට විරුද්ධ වූවන් මරා දැමීම, මනුෂ්‍යයින්ට තුවාල සිදු කිරීම, අඩම්තේට්ටම් කම් කිරීම, බියවැදීම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපොළ හා මහජන දේපොළ සොරකම් කිරීම, රාජ්‍ය දේපොළ, පුද්ගලික දේපොළ ගිනි තැබීම්, බලෙන් ගැනීම, රජයටය විරුද්ධව කැරළි ගැසීම සිදු කළහ. එම වැරදි කිසිදු වරදක් නැති බව තම සාමාජිකයන් අතරේ සාධාරණීය කරණය කළහ. ඔවුන් විසින් කරන ලද නීතිමය වූ සියලු වැරදි වැරදි නො වේයැයි තම සාමාජිකයන්ට උගන්වන ලදී.


    එපමණකින් නො නැවතී සමාජයට ඔවුහු කළේ වැරැද්දක් නො වේ යැයි, ඒ සියලු අපරාධ කළේ කළ යුත්තක් ලෙසින් සමාජයට ඒත්තු ගැන්වීමට ක්‍රියා කළහ. දැනටත් එසේ කරමින්, වංචනික ප්‍රකාශ කරමින් ඔවුහු දේශපාලනයෙහි නියෙලෙමින් සිටිති.


    එහි කූඨප්‍රාප්තිය නම් 1971 ජවිපෙ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ බක්මහ විරුවන්” ලෙසත් හා 1988/89/89 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ලේදී මියගිය රාජද්‍රෝහීන් “ඉල්මහ විරුවන්” ලෙසත් සැමරුම් කිරීම ය.

    වර්තමානයේ ආණ්ඩුව විසින්, පාර්ලිමේන්තුවට ඉදිඉදිරිපත් කොට ඇති, ආධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කිරීම පිළිබඳ පනත් කෙටුම් පත හා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත සමබන්ධව නීතියේ ආධිපත්‍ය සුරැකීමට යයි කීම නො පිළිගත හැක. ජවිපෙය අතීතයේ කළේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීතිය රැකීම නොව නීතිය අමු අමුවේ උලලංඝනය කිරීම ය.
    මේ ඡන්දයෙන් පත් වී ඇති ආණ්ඩුව ද ප්‍රජාතන්ත්‍රවාදය හා නීතීයේ ආධිපත්‍ය යන යෙදුම් භාවිතා කරනුයේ කොමියුනිස්ට්වාදයට යෑම සඳහා සංග්‍රාමික උපක්‍රමයක් ලෙස පමණක් බව, රටේ ජනතාව අවබෝධ කර ගැනීම රටේ අනාගත සුභ සිද්ධියට හේතු වනවා ඇත.

    ReplyDelete
    Replies
    1. Aprade ban Moka owa kiyawanawa da? Tablet eka ganin welawata...Ethakota oka hari yai

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

      Delete
  4. ජාතියක්, ජම්මයකින් නැති නරුමයන් ටිකක්.

    ReplyDelete
  5. සාදු කියපියම් සැදැහැවත් ඩෝබි වහල් බෞද්ධ ජනතාව 😆😆 දැන් පූකේ අමාරුවට බෙහෙත් ලැබෙන බව පෙනිගෙන යනවා

    ReplyDelete
  6. අසමසම බෞද්ධ දර්ශනයෙන් පෝෂිත අපේ රටට මේ තුට්ටු දෙකේ මත හා න්‍යායන් ගැන කථාකිරිමත් විහිලුවකි.මේ ඡරා නඩය හදන්නේ හැම අතින්ම අපේ බෞද්ධ සංස්කෲතිය කඩා බුදු දහම ( හා අනිත් ආගම් )තුරන්කර චීනයේ රුසියාවේ වගේ බලේ සිටිමයි.

    ReplyDelete
    Replies
    1. තුරන්කර චීනයේ රුසියාවේ වගේ හැමදාම බලේ සිටිමයි.

      Delete
Previous Post Next Post