විභාග ප්‍රතිඵලවලින් පමණක් ජීවිතය සම්පූර්ණයෙන් සාර්ථක වෙන්නෑ..


විභාග ප්‍රතිඵලවලින් පමණක් පුද්ගලයෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් සාර්ථක නොවන බවත්, දරුවන්ගේ සමස්ත සංවර්ධනය කෙරෙහි වඩාත් පුළුල් ලෙස අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අධ්‍යාපන හා පෝෂණ ක්ෂේත්‍රයට අදාළ කරුණු කිහිපයක් සභාවට ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, දරුවන්ගේ නිවාඩු කාලය තුළ ඔවුන්ගේ මනසට අනවශ්‍ය ලෙස වැඩ පටවමින් පීඩාවට පත් නොකරන ලෙස දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළාය.

"නිවාඩු කාලය කියන්නේ නිවාඩුවටයි. ඒ කාලය තුළ දරුවන්ට නිදහසේ සිටීමට ඉඩ ලබා දිය යුතුයි" යනුවෙන් ඇය එහිදී පවසා සිටියාය.

පාසල් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් තුළ ලබා දිය යුතු සහ නොදිය යුතු ආහාර පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව නිරන්තර පසු විපරමක පසුවන බවත් සඳහන් කළාය.

විශේෂයෙන්ම සීනි සහ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර පාලනය කරමින් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය.

මීට අමතරව, පාසල් ප්‍රවාහන සේවාවල ආරක්ෂාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය අවධානය යොමු කළාය. පාසල් වෑන් රථ සහ බස් රථ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය පනවා ඇති අවම ප්‍රමිතීන්, ආසන පටි (Seat belts) භාවිතය සහ ආරක්ෂිත කැමරා පද්ධති වැනි කොන්දේසි පිළිබඳව දෙමාපියන් වඩාත් විමසිලිමත් විය යුතු බව ඇය අවධාරණය කළාය.

ආබාධ සහිත දරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විසින් විශේෂ දීමනා සහ අධ්‍යාපනික සහයෝගීතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.





Prime Minister Emphasizes Holistic Child Development in Parliament

During a recent parliamentary session, Prime Minister Harini Amarasuriya underscored that an individual's life cannot be solely defined by examination results. She stressed the need for a broader focus on the overall development of children.

Addressing matters related to education and nutrition, the Prime Minister presented several key points to the assembly. She specifically urged parents and educators to avoid burdening children with unnecessary work during school holidays, advocating instead for a period of genuine relaxation.

"Holidays are meant for relaxation. Children should be given the space to enjoy their time freely," she asserted.

In her remarks regarding schoolchildren’s nutrition, she noted that the Health Ministry has issued guidelines on what foods should and should not be provided in schools, while the Education Ministry continues to monitor compliance with these standards.

She particularly highlighted the importance of regulating foods high in sugar and carbohydrates, advocating for the provision of more nutritious meals for children.

The Prime Minister also directed attention to the safety measures in school transport services. She emphasized that parents must be vigilant regarding the minimum standards set by the Transport Ministry for school vans and buses, including the use of seat belts and the implementation of security camera systems.

Furthermore, she announced that the government is running special initiatives and educational support programs to ensure continuity in education for children with disabilities and those from low-income families.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. හම්මෝ ඔව් .. living together.. ආප්ප සෝඩා.. පච.. පුහු මාට්.. කියලා පෙන්නුවම සාර්ථක වෙනවා 😂😂
    මේ කියන ඒකිගේ සාර්ථකත්වය දන්නෝ දනිති..
    ජේවීපී ගෑනු සෙට් එකම එක ජාතිය .. උගන්ඩා.. ප්‍රාඩෝ.. ලැට් මලී මාරම ආදර්ශවත් චරිත 😂😂 වේසා බඩු

    ReplyDelete
  2. මෙතුමියගේ උසස් පෙළ ප්‍රතිපල ලංකාවේ එක කියලා හිතන් ඉන්න අය මේ විදියට වැඩ කරන්න

    ReplyDelete
  3. සාර්තක වෙන්න ඕනනන්, පොඩි ආප්පයක් කාගෙන, ඉන්න ඕන. ඒකනෙ ඔබතුමී පෙල පොතට වැල දැම්මෙ.

    ReplyDelete
  4. Hodata thada karala appekuth gahanna oney joose kakula dige berenna.

    ReplyDelete
  5. NGO වල එක ඒකිලා එක්ක සම ළිං වල නාල .. UK ඉන්න කාලේ living together කරලා .. දැන් අර මුස්ලිම් බඩුව අරලිය ගහ යට තියන් ආප්ප දානවා ...

    ReplyDelete
Previous Post Next Post