සැගවුනු නගරය සොයා පොලොන්නරුවේ මහ කැණීමක්...


 පොළොන්නරුව පැරණි නාගරීකරණය, එහි ව්‍යාප්තිය සහ රාජධානිය බිඳ වැටීමට බලපෑ සැබෑ හේතු අනාවරණය කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියක පස්වන අදියරේ කැණීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම සුවිශේෂී පර්යේෂණ වැඩසටහන ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් (La Trobe) විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබයි. මේ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සිය පූර්ණ සහයෝගය ලබා දෙයි.

වනාන්තර තුළ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම සඳහා මෙහිදී නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිත කෙරේ. ඒ අනුව, පියවි ඇසට නොපෙනෙන ස්ථාන හඳුනාගැනීමට ලයිඩාර්  තාක්ෂණය ද, පොළොව යට පරීක්ෂා කළ හැකි ජී.පී.ආර්. වැනි භෞතික විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද ද යොදා ගැනේ. මීට අමතරව සාම්ප්‍රදායික කැණීම් මෙන්ම මගර් කැණීම් ක්‍රමවේද ද භාවිත කරන බව වාර්තා වේ.

වත්මන් පර්යේෂණ යටතේ ප්‍රධාන ස්ථාන දෙකක් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඉන් පළමුවැන්න පොළොන්නරුව ඇතුළු නගරයේ සිට කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර ප්‍රදේශයයි. එහි පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 70-80ක් පමණ උසැති ගොඩැලි 20-30ක් පමණ නිරීක්ෂණය වී ඇති අතර, ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම සහ ඒවායේ අතීත සම්බන්ධතාවන් හෙළි කරගැනීම සඳහා කැණීම් ආරම්භ කර ඇත.

දෙවන ස්ථානය ලෙස ශිව දේවාලය පිටුපස ප්‍රදේශය තෝරාගෙන ඇති අතර, එහිදී අනුරාධපුර යුගයේ අවසාන භාගයේ (ක්‍රි.ව. 9 වන සියවස) තොරතුරු සහ ප්‍රාකාර බැම්ම අසල දොරටුව පිළිබඳව ගවේෂණය කෙරේ. මෙම පර්යේෂණය මගින් සංස්කෘතික ස්ථරවල ගැඹුර මැන බැලීම සහ විද්‍යාත්මක කාල නිර්ණයන් ලබා ගැනීමට අපේක්ෂිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ, මෙම නවීන පර්යේෂණ ඔස්සේ පොළොන්නරුව රාජධානියේ නාගරීකරණයේ සැබෑ ස්වරූපය සහ එය හදිසියේ බිඳ වැටීමට බලපෑ සාධක රැසක් ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි.





Excavation Projects Uncover Truth Behind Ancient Polonnaruwa's Decline

Major archaeological excavations have commenced as part of a significant research initiative focusing on the ancient city of Polonnaruwa. The project aims to unveil the real reasons behind the city's urban development and its eventual decline.

This noteworthy research initiative is a collaborative effort between the University of Kelaniya in Sri Lanka and La Trobe University in Australia. Key local support comes from the Department of Archaeology, the Central Cultural Fund, the University of Jaffna, and the Postgraduate Institute of Archaeology.

Employing advanced technological methodologies, researchers are identifying archaeological sites obscured by dense vegetation. Techniques such as LiDAR for aerial scanning and ground-penetrating radar are being utilized to detect areas that are not visible to the naked eye. Additionally, traditional excavation methods will complement the latest technologies being applied.

The current phase of research has fixed its sights on two primary locations. The first is situated in the eastern region, approximately 1.5 kilometers from the city of Polonnaruwa, where 20 to 30 earthen mounds, standing 70-80 centimeters tall, have been identified. Excavations have begun to explore their archaeological significance and historical connections.

The second site focuses on the area behind the Shiva temple, where investigations are underway to uncover details related to the late Anuradhapura period, specifically concerning a gateway near ancient fortifications dating back to the 9th century CE. This study aims to measure the depths of cultural layers and obtain scientific dating for further insights.

Professor Prashantha Gunawardena from the Archaeology Department at the University of Kelaniya emphasized that this modern research could reveal the true nature of urbanization in the Polonnaruwa Kingdom, along with various factors that contributed to its abrupt collapse.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ඩයස්පොරAugust 4, 2026 at 12:53 PM

    ඕක අස්සට දෙමල වහු කුණු ඔබලා , නිජබිම් කතා එහෙම කියනවා නෙවෙයි ඕං

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න තමයි මුන් දතකන්නේ. නැත්නම් La Trobe එකයි යාපනය විශ්වවිද්‍යාලයයි සහාය දෙයිද. මුනුයි, දැන් ඉන්න කොටිපරගැති ආණ්ඩුවයි හදන්නේ සිංහලයන්ගේ ඓතිහාසික උරුමයන් දෙමළට පවරලා දෙන්නයි. මේ දැන් හදන්නේ පුලුවන් තරම් සිලෙක්ටිව් සාක්ෂි හොයාගෙන උතුර විතරක් නෙවෙයි, පොළොන්නරුවත් දෙමල්ලුන්ගේ කියලා කියන්නයි. සිලෙක්ටිව් සාක්ෂි කියන්නේ තමන්ගේ මතය සනාත කරන්න විතරයි සාක්ෂි හොයාගන්න එක, ඊට පස්සේ කැනීම නවත්වලා දානවා, දාලා කියනවා දෙමල්ලු මේ නිජබිමේ හිටියා, අපි ඒකට සාක්ෂි හොයාගත්තා, මේ ඒවා කියලා. ඊට පස්සේ ඕකට ශිව ලිංගයක් අතින් දැම්මම වැඩේ දෙක තුන කරන්න පුලුවන්. යාපනේ ඉදන් ගෙනත් ශිව ලිංග දායි මතය සනාත කරන්න සාක්ෂි මදි උනොත්. කාටවත් විරුද්ධ වෙන්නත් බෑ සාක්ෂි තියෙන නිසා. ආයි කැනීමක් කරන්නම වෙනවා සත්‍යය හොයාගන්න.

      ලැජ්ජයි බන්. සිංහල නම් තියෙන උනුත් දෙමළට කඩේ යනවා දැක්කම. ඉස්සර කොටි දෙමළ්ලු සිංහල මිනිස්සුන්ව අමු අමුවේ මැරුවේ සිංහල උනු නිසාම, එහෙම උන් දෙමළට කඩේ යනවා රෙදි නැතුව. මෙහෙම රටක් දැකලම නෑ කොහේවත්. ඉන්දියාවේත් ඉන්නවා ජාතින් 100 ගාණකට වඩා නමුත් මිනිස්සු තමන්ගේ ජාතියට එරෙහිව යනවා දැකලම නෑ.

      Delete
    2. යාපනේ සිංහලයො ගහල පන්නපු එවුන් පොළොන්නරුවෙ අතීත සම්බන්ධතාවන් සොයන්න එනකල් පොළොන්නරුවෙ එවුන් බකං නිලාගෙන ඉඳපල්ලා.

      Delete
  2. අපේ ඓතිහාසික උරුමයන්.

    ReplyDelete
    Replies
    1. බලපං දුවද්දි දාල ගිය ලංකට් එකක් තියෙනවද කියල.

      මීට දෙවන ලංකට්.

      Delete
  3. ඕක මගඩියක්....ඔය හොයන්නේ සැගවුණු නගර, පුරාවිද්‍යා බයලා නෙවේ...ඔය හොයන්නේ නිදන් වස්තු.

    ReplyDelete
  4. ඔය කරන්නේ නිධාන හාරන හොර බිස්නස් එක මිසක් නගර සෙවීම නොවේ

    ReplyDelete
    Replies
    1. නිදන් හාරන බුවාලා, රත්තරං හොරු (තොග සහ සිල්ලර ක්‍රම දෙකටම), මදාවි, කුපාඩි, පිම්පියෝ, රටේ වෙද්දු, වෙසඟනන් ඇතුළු ඕනෑම මරි වැඩකාරයෝ අවශ්‍ය නං මෙහෙම හාර හාර ඉන්න දෙයක් නෑ.
      එකම වහලක් යටින් ඔබට අවශ්‍ය ඕනෑම තෙල් සාත්තුවක් වෙනුවෙන් අදම යන්න
      කාල්ටන් හවුස්, තංගල්ල.


      ඉක්මන් කරන්න, ජූජක බමුණා (නාකි මයිනා) වලකජු ගැසීමට කලින් ගියොත් අගනා වසී බෝල කුට්ටමක් තෑගි

      Delete
  5. නිදන් මගුලක් නෙවෙයි මේ කරන්නේ. දෙමළ්ලුන්ට නිදන් ගරන්න ඕනේ නෑ. උන්ට නැව් තියෙනවා. මේකට සහාය දෙන උන් කවුද කියලා හොයලා බැලුවම උන්ගේ අරමුණ නිකන්ම දැනගන්න පුලුවන්.

    3. Sri Lankan Tamil Diaspora and Political Commentary
    La Trobe University academics have historically been prominent voices regarding the Sri Lankan Tamil diaspora. During and after the Sri Lankan Civil War, La Trobe professors—such as Prof. Sisira Jeyasuriya and Dr. Larry Marshall—frequently provided public and media commentary on the geopolitical dynamics of the conflict, the human rights situation for Tamil civilians, and the independent referendums organized by the Tamil community in Australia.

    ReplyDelete
Previous Post Next Post