විපක්‍ෂයේ සිටින ප්‍රබලම දේශපාලනඥයන් දෙදෙනකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා හෙළි කර ඇත.
මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වැය කළ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මේ වන විට හෙළි කර නැත. මැතිවරණ ප්‍රචාරණයන් සඳහා එක් දේශපාලනඥයකුට බස් 50 ක් ද ලබා දී තවත් විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනැමූ බව මොහු පවසා ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු කළ දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේ ප්‍රශ්න කරන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ ආරංචි මාර්ග පැවසීය.
මෙසේ ශිරාන් බාසික්ගෙන් මුදල් ලබාගත් එක් දේශපාලනඥයකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන බවද වාර්තා වෙයි.
මේ අතර තමන්ට අයත් ප්‍රධාන පෙළේ හෝටල් 05 ක් පිළිබඳව ද ශිරාන් බාසික් හෙළි කර ඇත. මෙම හෝටල් දෙහිවල – ගල්කිස්ස මුහුදු තීරයේ ඉදි කර ඇති ප්‍රධාන පෙළේ හෝටල් බවද මේ වන විට අනාවරණය වෙයි.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සෝල් බීච් හෝටලය ද තමාගේ බවත් ඒ සඳහා මුදල් වැය කළේ තමන් බවත් ශිරාන් බාසික් පිළිගෙන ඇත.
එමෙන්ම බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව ඇතුළු තවත් ප්‍රදේශ කීපයක අතිසුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ රැසක් ශිරාන් බාසික් විසින් මුදල් ආයෝජනය කර ඉදිකර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාලය හරහා ඉපයූ නීත්‍යනුකූල නොවන මුදල් නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ව්‍යාපාරවලට වියදම් කර ඇති බව හෙළි වී ඇත.
ශිරාන් බාසික් විසින් වෙරළ තීරයේ ඉදිකර ඇති හෝටල් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.
වෙරළ තීරයේ ඉඩම් හිමි දිළිඳු පුද්ගලයන්ගේ නම්වලින්ම ඔවුන්ට අයත් ඉඩම්වල හෝටල් ඉදි කර ඒවා පවත්වාගෙන යන බව ද හෙළි වී ඇත.
මේ අතර රජයේ ඉඩම්වල පවා මොහු හෝටල් සහ මහල් නිවාස ඉදිකර ඒවා නීත්‍යනුකූල නොවන මාර්ගවලින් තමන් සන්තකයට ගෙන ඇති බව ද හෙළි වී ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ සිටින ප්‍රධාන පෙළේ පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ඇල්ටො ධර්මේ, බඩෝවිට අසංක සහ සැන්ඩෝ තමන්ගේ සමීපතම මිතුරන් බවත් ඔවුන් ද සිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින බවත් ශිරාන් බාසික් අනාවරණය කර තිබේ.
හේමන්ත රන්දුණු
Divaina
Prominent Politicians Allegedly Funded by Drug Trafficker, Reveals Arrested Kingpin
Shiran Basik, a notorious drug trafficker now in custody, has disclosed that a significant sum of money was expended on election campaign activities for two prominent politicians within the opposition. Details regarding the exact amount spent remain undisclosed, but Basik claims that one politician received 50 buses and a substantial monetary donation.
The Central Investigation Division has confirmed that investigations are underway, aiming to question the two politicians linked to Basik's financial influence in their campaign efforts. Reports indicate that one of these politicians represents the Kalutara region.
In addition, Basik has revealed he owns five major hotels, primarily located along the beachfront in Dehiwala's Gal Kissa area. He also acknowledged that he financially backed the controversial Soul Beach Hotel, which stirred considerable unrest in recent times.
Further revelations indicate that Basik has invested in a range of luxury apartment complexes in several areas, including Boralesgamuwa, Dehiwala, Gal Kissa, Ratmalana, and Moratuwa. These investments were reportedly made with money obtained through his drug trafficking network, aiming to legitimize these earnings.
Furthermore, evidence suggests that Basik has constructed hotels on coastal lands under the names of impoverished individuals, effectively operating these establishments under the guise of legitimate ownership. Allegations also point to additional hotels and apartments built on government land, reportedly through illicit means.
Basik has reportedly revealed connections to prominent underworld figures and drug dealers, including Alto Dharma, Badovita Asanka, and Sandro, who are closely associated with his drug trafficking operations.
This shocking disclosure raises serious questions about the intertwining of politics and organized crime, underscoring the ongoing challenges law enforcement faces in tackling corruption and drug-related activities in the country.
Hemanta Randunu
Divaina
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නෝමල් බේබි සහ තං ලොකු සජිත් බේබි
ReplyDeleteකුඩු අයිස් ලංකාවට පොම්පකරමින්, දැවැන්ත මුදල් කන්දරාවක් අත්පත්කර ගන්නා ලද දශක අටක දේෂපාළුවන්ගේ සැඟවුන සංස්කෘතියේ කැඩපත, කූඨ කුමණ්ත්‍රණික කන්සා තහනම පිළිබඳව ගැඹුරින් අධ්‍යනයට අවස්ථාවක්,.!
ReplyDeleteයම්හෙයකින් නිදහස් නිවහල් ලක් ඉතිහාසයේ පැවති පරිදි..
කන්සා ශාකයේ වගාව පස්පංගුව ලඟ තබාගැනීම සහ භාවිතය නීති විරෝධී නොවුනානම්,..
මේ මොහොත වන විට ලංකාව තුළ පැන නැගී ඇති දැවැන්ත විශ මත්ද්‍රව් සඳහා ඉල්ලුමක් හෝ,.
භාවිතය කරන්න්න්ට විෂ සඳහා අවශ්‍යතාවයක් හෝ,..
විශ මත්ද්‍රව්‍ය ජාවාරං කරනා ප්‍රධාන පෙලේ දේශපාළුවන්ට මුදල් ඉපයීමට අවස්ථාවක් හෝ,..
අඩුම තරමේ දූශිතයන්ට දේශපාළණයට අවතීරණය වීමට පවා අවකාශයක් හිමි වේද,!?
දෙවනුව විමසා බැළීමට වඩා ගැඹුරැ න්‍යායාත්මක කාරණා,.
කන්සා තහනම් භෝගයක් නොවුනේනම්,.
රටපුරා හතු පිපෙන්නා සේ පැන නැගී ඇති බටහිර නාසිවාදීන්ගේ විෂ විකුනන්නා පාමසි,..
විෂ විකුනනා කූඨ දොස්තර හොරැ,..
'' හදිසි අනතුරකදී, නව දරැ උපතකදී හැරැණු කොට,.''
සමස්ත සමාජයක් අරභූදයට ගෙන යන ඵන්නත් කරනය, සහ ඵහි කෘෘර ප්‍රථිඵළයක් ලෙසටම අංගවිකළ දරැවන්.., පිළිකා, හෘදරෝග ,.. නාසිවාදී බටහිර කුමණ්ත්‍රණයක් වන්..
''ඵන්නත් කුමන්ත්‍රණය හා බද්ධවූ ඵ්ඩ්ස් වංචාව..''
බටහිර ලෝකයට මුදල් සහ බළය පොම්පකර පොහොසත් කරනා සෟඛ්‍ය අමාත්‍යංශයක් හෝ,..
බදු මුදල් ගිලදමනා සුදු අලි වැනි පිළිකා රෝහල් ,..
ඇතුළු සමස්ථ හොස්සපිටැල්ලන් ඉදිවීමට අවකාශ තිබේද,.?
බටහිට නාසිවාදී කූඨ ආක්‍රමණය නොහොත්..
අධ්‍යාපණය, සෟඛය,සහ නීතිය,..
සූකෂම ලෙස කුමණ්ත්‍රණිකව උපයෝගීකර ගනිමින් දූශිත පුද්ගළයන් දේශපාළුවන් ලෙසට ඉහළට ඔසවාතබා,.
සමස්ත සවෙෙරී රාජ්‍යක් යටත්විජිතයක් ලෙසට සියවස් හයකට අධික කාළයක් අඛණ්ඪව පාළණය කිරීමේ සාහසිකතවය කුමණ්ත්‍රණය පිළිබඳව විමසා බැළීමේ අපූරැ අවකාශය මොහොතකට නැවතී විමර්ශණාතමකව අධ්‍යනය කිරීමට,..
බුද්ධියට නිගා නොදෙනා සැබෑම සත්‍ය යේ අපූරැ නීමේශය පිළිබඳවසමස්ථ සිව්හෙළයේ අවධානයට,.!