මැදපෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික නොසන්සුන්තාව සහ දේශීය වශයෙන් ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ මෙරට ආර්ථිකය අභියෝගාත්මක අවදානමකට මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, 2026 වසරේ මුල් භාගයේදී ආර්ථිකය යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ද, බාහිර සහ අභ්‍යන්තර සාධක කිහිපයක් හේතුවෙන් එම තත්ත්වය වෙනස් විය හැකි බවයි.
වාර්තාවට අනුව, මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ නාවික ගමන් මාර්ගවලට බාධා එල්ල වීම මෙරට උද්ධමනය කෙරෙහි සෘජුව බලපානු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉන්ධන, විදුලි ගාස්තු සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යා හැකි අතර, පොහොර මිල ඉහළ යාම හරහා ආහාර නිෂ්පාදන පිරිවැය ද ඉහළ යාමේ අවදානමක් පවතී. එමෙන්ම, විදේශීය අංශයේ පීඩනයන් හමුවේ රුපියල අවප්‍රමාණය වුවහොත් ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
ගෝලීය ආර්ථිකය මන්දගාමී වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් දුර්වල විය හැකි බවත්, එමගින් අපනයන ආදායම පහත වැටිය හැකි බවත් වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව, ප්‍රධාන සංචාරක මූලාශ්‍ර රටවල පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට සංචාරක පැමිණීම් සහ ආදායම් ද අඩුවීමේ අවදානමක් පවතී.
දේශීය වශයෙන් පවතින දේශගුණික අවදානම් පිළිබඳව ද මහ බැංකුව විශේෂ අවධානයක් යොමු කර ඇත. 'එල් නිනෝ' තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වියළි කාලගුණය සහ අක්‍රමවත් වර්ෂාපතනය කෘෂිකාර්මික නිෂ්පාදනයට මෙන්ම ජල විදුලි උත්පාදනයට ද දැඩි බාධාවක් වනු ඇත.
ජල විදුලි උත්පාදනය සීමා වීම නිසා වැඩි පිරිවැයක් සහිත තාප විදුලිය මත යැපීමට සිදුවීමෙන් බලශක්ති පිරිවැය සහ නිෂ්පාදන වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.
අඛණ්ඩව සිදුකළ යුතු විදේශ ණය සේවාකරණය සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙරට දළ නිල සංචිත කෙරෙහි ද පීඩනයක් එල්ල වී තිබේ. 2026 ජූනි මාසය අවසානයේදී සංචිත මට්ටම යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.
මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉදිරි කාලසීමාව තුළ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉතා සුපරීක්ෂාකාරී මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මගින් අවධාරණය කර සිටියි.
Sri Lanka's Economy Faces Potential Risks Amid Geopolitical Tensions and Climate Challenges, Warns Central Bank
The Central Bank of Sri Lanka has raised concerns about the potential risks to the country's economy due to ongoing geopolitical instability in the Middle East and unfavorable local weather conditions. These elements may pose significant challenges in the upcoming period.
According to the Central Bank's Monetary Policy Report for August 2026, while the economy displayed some stability in the first half of 2026, several external and internal factors could threaten this outlook.
Particularly, the heightened global energy prices, driven by the military tensions in the Middle East, are expected to have direct implications on inflation in Sri Lanka. This could lead to increased costs for local fuel, electricity, and transportation, while rising fertilizer prices may contribute to higher food production costs. Additionally, the Central Bank anticipates that, under pressure from the foreign sector, the depreciation of the currency could further escalate the prices of imported goods.
The report also highlights a potential weakening of Sri Lanka's primary export markets due to a slowing global economy, which could result in a downturn in export earnings. Furthermore, economic slowdowns in key tourist source countries pose risks to the influx of tourists and tourism revenue.
The Central Bank has also focused on local climatic risks, noting that the 'El Niño' phenomenon could lead to drought conditions and erratic rainfall, severely impacting agricultural production and hydropower generation.
Limitations in hydropower generation are likely to force dependence on more expensive thermal power generation, thereby driving up energy costs and production expenses, as pointed out by the Central Bank.
Continuous obligations for foreign debt servicing and prevailing instability in global financial markets are placing additional pressure on the country's gross official reserves. The report indicates that reserves had declined to some extent by the end of June 2026.
In light of these circumstances, the Central Bank emphasizes the necessity of implementing a highly cautious monetary policy and expediting structural reforms to maintain economic stability in the coming period.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

යුද්දෙන් බලපෑමක් නෑ කියලා විජිත කිව්වා. 😆
ReplyDeleteඑල් නිනෝ නෙමේ ලා නිනෝ ආවත් රෙඩි කියලා වසන්ත කිව්වා😆
යුද්දෙ හින්දා තාර එන්නේ නෑ කියලා සුර පප්පා කිව්වා 😆
දැන් මේ කදිරගාමර්ල කියපුවා ද.
මහ බැංකුව කියන ඒවද අපි පිළිගන්න ඕනේ ?
ඩෝබි මල්ලිලා මොකද කියන්නේ 👌
පචරෙනයා වැල්වටාරමක් ලියන්ඩ කරුනු හොයනවා මහබැංකුවේ වාර්තාව බොරු, කොටා බැලන්ස් කරලා නියමෙට ගේම දෙනවා කියල හෝදන්ඩ.
Deleteරනිල් වැල් පාලමේ පරිස්සමෙන් වඩාගෙන ගිහින් ගොඩ දාපු ආර්ථිකය මොන්ගල් කෙබර කොටා කෑවා. රනිල් දිගටම ජනාධිපති වෙලා හිටියා නම් අපේ ඩොලර් සංචිතය බිලියන 10 පන්නන්න තිබුණා. අපේ මෝඩ ඡන්ද දායකයා හැමදාම රැවටුනා.
ReplyDelete