උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇතින්නක මියයාමේ සිද්ධිය වෙඩි තැබීමක් බවත්, වනජීවී නිලධාරීන් එය අලි ප්‍රහාරයකින් සිදු වූවක් බව පවසමින් සත්‍යය වසන් කිරීමට උත්සාහ කරන බවත් ප්‍රකට පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උඩවලව වනෝද්‍යානයේ කොටා පාර, සියඹලාගහ ආසන්න ප්‍රදේශයේදී මියගොස් සිටි ඇතින්නකගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
වනෝද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් විසින් මෙම ඇතින්නගේ මළසිරුර ප්‍රථමයෙන් දැක ඇති අතර, එහි පැහැදිලි වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබෙන බව රන්වැල්ල මහතා පෙන්වා දෙයි.
වනජීවී නිලධාරීන් මෙය අලි සටනක් නිසා සිදු වූ මරණයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ කළ ද, එම ස්ථානයේ අලි සටනකදී දැකිය හැකි ගස්වැල් කැඩීයාම් හෝ පොළොව සීරීයාම් වැනි කිසිදු සලකුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
මෙම ඝාතනය සඳහා ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක කරන බවත්, සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරන ලද මෙම අපරාධය වසන් කර ඝාතකයන් බේරා ගැනීමට ඇතැම් නිලධාරීන් උත්සාහ කරන බවට ද ඔහු මෙහිදී සැක පළ කළේය.
මීට පෙර හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ද මෙවැනිම සිදුවීමක් වාර්තා වූ බවත්, එහිදී ද මුලින් වෙඩි තැබීමක් ලෙස වාර්තා වී පසුව එය වෙනස් වූ බවත් ඔහු සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියේ මුල්ගල් විශේෂයක් වන අලියෙකු තම ජීවිත කාලය තුළ මෙරට ආර්ථිකයට ඩොලර් මිලියන දෙකකට අධික දායකත්වයක් ලබා දෙන බව පෙන්වා දුන් රන්වැල්ල මහතා, වසරකට අලි 450ත් 600ත් අතර ප්‍රමාණයක් මියයාම ජාතික අපරාධයක් බව ද සඳහන් කළේය.
මෙම ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෙනත් රාජ්‍ය ආයතනවල පශු වෛද්‍යවරුන් සහ ස්වාධීන නිරීක්ෂකයන් සම්බන්ධ කරගත යුතු බවට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එසේ නොවුණහොත් මෙම අපරාධය ද යටපත් වීමේ අවදානමක් පවතින බවත්, වහාම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Environmental Activist Raises Alarm Over Alleged Shooting of Elephant in Udawalawe National Park
The tragic death of an elephant in the Udawalawe National Park has ignited controversy, with renowned environmentalist Nayanka Ranawella accusing wildlife officials of attempting to misrepresent the incident as an elephant attack. According to him, evidence suggests the creature was shot.
Ranawella made these assertions after inspecting the carcass of the elephant near the Kota Road, close to the Siyanbalagaha area within the national park. A group of tourists visiting the park first discovered the deceased elephant, which bore clear indications of gunshot wounds.
Despite attempts by wildlife officials to propagate the narrative that the death resulted from an elephant fight on social media, Ranawella emphasized the absence of any surrounding signs typical of such confrontations, such as fallen trees or disturbed ground.
He expressed suspicions that an automatic firearm may have been used in this recent incident, indicating that a coordinated group could be responsible for this crime, with officials allegedly facilitating the cover-up to protect the perpetrators.
Ranawella recalled a similar incident previously reported in the Halabamulla area, where an initial shooting was later reported differently, raising concerns about a pattern of obfuscation in these cases.
Highlighting the ecological significance of elephants in Sri Lanka, which contribute over two million dollars to the economy throughout their lifetime, he noted that an estimated 450 to 600 elephants die annually from various causes, branding this a national crime.
Ranawella urged authorities to involve veterinary experts from other state institutions and independent observers in the ongoing post-mortem investigation to ensure transparency. He cautioned that failure to do so could lead to the crime being buried and stressed the need for immediate action to apprehend those responsible.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවුන් අල්ලාගෙන ගිය කාලය මතකද?
ReplyDelete“අලි පොත” ගැනත් මතකද? අලි සංරක්ෂණය වෙනුවෙන් තිබිය යුතු ක්‍රමවේද දේශපාලන බලපෑම්වලට යටවුණාද කියන ප්රශ්නය අදත් ජනතාව අතර තියෙනවා.
රංජිත් සොයිසා , Namal, Mahinda වැනි දේශපාලනඥයන්ගේ කාලයේ සිදුවූ බව කියන අලි පැටවුන් අල්ලාගෙන යාමේ සිදුවීම් ගැනත්, ඒවාට සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනා ගැනත් නිසි විමර්ශනයක් අවශ්‍යයි.
අලි දහස් ගණනක් වනාන්තරයෙන් ඉවත් කර, බලවතුන්ගේ හෙන්චයියන්ට බෙදා දුන්නා. එසේ නම් ඒ පිටුපස සිටියේ කවුද? “අලි පොත” හරහා ඒවා නීත්‍යානුකූල කළාද?
අද කතා කරන අයට එදා මේ අලි පැටවුන් වෙනුවෙන් කතා කරන්න බැරි වූයේ ඇයි?
වනජීවීන් රටේ සම්පතක්. දේශපාලනඥයන්ගේ හෝ බලවතුන්ගේ පෞද්ගලික දේපළක් නොවේ.
ඒ නිසා පැරණි ලිපිගොනු, අලි පොත් සහ බලපත්‍ර සියල්ල විවෘත කර, කවුරු කවුරු අලි පැටවුන් ලබාගත්තාද කියලා ජනතාවට හෙළි කළ යුතුයි.
ගෙනිච්ච අලි පැටව් ජීවත් වෙනවා. කැලේ හිටපු උන් එකා දෙන්න ගානෙ අවුරුද්දකට 1000ක් විතර මැරෙනවා.
Deleteඅලි පැටව් ගෙනියන එකට විරුද්ද වෙච්ච අමනයො කවුද කියලා හොයලා මරණීය දන්ඩනය දෙන්න ඕන.
උඹලා තමයි ඇත් දල ජාවාරම්කාරයො.
මැරුණට කමක් නැහැ, ජීවත් කරවීම පාපයක්.
Deleteතොපි වගේ සක්කිලි මේ ලෝකෙට සාපයක්
හරිම සන්තෝසයි. දැන් පෙරහැරවල් වලට ගෙනියන්න අලි නැතිම වෙනවා.
ReplyDeleteකොහොම හරි ලංකාවෙන් අලි මරලා අයින්ම කරලා දාන්න ඕන.
ලංකාවේ සංකෘතිය විනාශම කරලා දාන්න ඕන. පෙරහැරවල්, අලි ඇත්තු වනසන්න ඕන.
අපි මාලිමාව ගෙනාවේ ඒකට. පන්සල් වල ඉන්න අලිත් කැලෑවලට දාලා, කැලේදි වෙඩි තියල මරන්න ඕන. ඔය දළ විකුණන්න පුලුවන්.