පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු අපරාධ කල්ලිවල සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ව්‍යාපාරවල නවතම තෝතැන්න බවට ශ්‍රී ලංකාව සහ කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව The Island පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, චීනය, පිලිපීනය, වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලින් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් වලංගු වීසා බලපත්‍ර සහිතව සහ රහිතව මෙරට රැඳී සිටිමින් මෙම ජාවාරම්වල නිරත වෙති. ටික්ටොක්, ටෙලිග්‍රෑම් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මොවුන්ව බඳවා ගන්නා අතර, ඇමරිකානු ඩොලර් 1,200 සිට 2,000 දක්වා ඉහළ වැටුප්, සුඛෝපභෝගී නවාතැන් සහ ආහාර පාන ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම ජාවාරම් මෙහෙයවනු ලබයි.
මෙම මෙහෙයුම් බොහොමයක් පිලිපීනයේ තහනම් කරන ලද 'POGO' (Philippine Offshore Gaming Operators) ව්‍යාපාරවලට සමාන වන අතර, ඒවා මෙරට තුළ තොරතුරු තාක්ෂණ හෝ ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීමේ (BPO) ආයතන ලෙස වෙස්ගන්වා පවත්වාගෙන යනු ලබයි. සූදු ක්‍රීඩාවට අමතරව මූල්‍ය වංචා, හැකර් ප්‍රහාර, මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් ද මෙම අපරාධ කල්ලි හරහා සිදුවන බවට තොරතුරු හෙළි වී තිබේ. මීට අමතරව, ගෙවීම් කටයුතු සඳහා ක්‍රිප්ටෝ මුදල් බහුලව භාවිත කරන බව ද සඳහන් වේ.
පසුගියදා වරාය නගරයේදී සිදුවූ චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය ද මෙම අපරාධ කල්ලිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල සැකයක් මතු කරයි. මෙම විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ කොල්ලුපිටිය සහ බම්බලපිටිය වැනි ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස කුලී මිල ගණන් ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම, මෙම ජාවාරම්කරුවන් දැන් ශ්‍රී ලාංකිකයන් ද සිය මෙහෙයුම් සඳහා බඳවා ගැනීමට පටන් ගෙන ඇති අතර, එමගින් දේශීය තරුණ පිරිස් ද සයිබර් අපරාධවලට යොමු වීමේ අවදානමක් මතුව ඇත.
මේ සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර ඇති අතර, පසුගිය සතියේදී පමණක් මෙරට ඉලක්ක කරගත් නීති විරෝධී වෙබ් අඩවි 122ක් අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සූදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමටත්, තායිලන්තය සහ කාම්බෝජය වැනි රටවල් සමඟ එක්ව දේශසීමා අපරාධ මර්දනය කිරීමටත් රජය සාකච්ඡා පවත්වමින් සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
කාම්බෝජයේ මෙවැනි ජාවාරම්වල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් ද මෙම අපරාධ කල්ලිවලට තාක්ෂණික සහාය ලබා දෙන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙය ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ මූල්‍ය පද්ධතියට ද බරපතල තර්ජනයක් බවත් The Island පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.
Sri Lanka Emerging as Hub for Asian Crime Syndicates
Sri Lanka, particularly the port city of Colombo, has reportedly become a new focal point for Asian crime syndicates, including those expelled from countries like the Philippines and Cambodia, as revealed by The Island newspaper.
According to the report, thousands of individuals from countries such as China, the Philippines, Vietnam, and Cambodia are residing in Sri Lanka with valid visas, some even clandestinely engaging in criminal activities. These groups leverage social media platforms like TikTok, Telegram, and Facebook for recruitment, offering enticing salaries ranging from $1,200 to $2,000, along with luxurious accommodations and meals.
Many of these operations closely resemble the banned Philippine Offshore Gaming Operators (POGO), disguising themselves as Business Process Outsourcing (BPO) establishments within Sri Lanka. Aside from online gambling, these syndicates are reportedly involved in financial scams, hacking attacks, money laundering, and human trafficking. Furthermore, the frequent use of cryptocurrencies for transaction purposes has been noted.
The recent kidnapping and murder of a Chinese national in the port city has raised serious concerns regarding the functionality of these criminal networks. Reports indicate that with the influx of foreigners, rental prices for luxurious homes in areas such as Kollupitiya and Bambalapitiya have risen dramatically. Alarmingly, these traffickers have also begun recruiting local Sri Lankans, highlighting a growing risk of youth becoming involved in cyber crimes.
The government is taking this situation seriously, with the Ministry of Digital Economy recently taking action by suspending 122 illegal websites targeted at Sri Lankan users last week. Digital Economy Deputy Minister Eranga Weerarathna announced that discussions are underway to establish a new authority to regulate online gambling and to collaborate with countries like Thailand and Cambodia to combat transnational crime.
Additionally, there are reports that Sri Lankans who were involved in similar syndicates in Cambodia are providing technological support to these crime networks, posing a significant threat not only to national security but also to the country's financial systems, as highlighted by The Island.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

saatakayo plan kale oka thamai....okun balaye hitiya nam me weddi port city eka chicago level ekata awilla.
ReplyDeleteසිරාවටම. සාටක හැත්ත මකබෑ උනේ නං පූරුවේ පිනකට.
Deleteලංකාව යනු නිතිය අපරාධයක් කලත් බිය නොවිය යුතු රටක් මිනියක් මැරුවත් ඇප 🤣🤣කුඩු පතාලය රජ කරන රටක් අධිකරණයෙ වරදක් නොවෙයි දේශපාලකයන්ගෙ දුශිත රටක් එත් තවම අනුර කුමාර ජනාධිපති තුමා මෙ රට වෙනස් කරයි කියා ජනතාව බලන් ඉන්නවා දැඩි නිති ගෙන්න ජනාධිපති තුමනි මහා පාරෙ ඉදන් ුර නරමොලෙ ගොබ්බ සජියා උන් මොක්කුද එල්ලුම් ගහ ගෙන්න වංචා හොර දුශිත නිලධාරීන් එපා පව් නෙද මෙ මිනිස්සු දුප්පත් අහිංසක මිනිස්සු හැමදාම තැලෙනවා මට මාස3ක් මෙ රට හදනවා උදාහරණයක් රැ12 උනත් බය නැතිව ගැහැනු ලමයෙකුට පාරෙ යන්න මාස3යි හදනවා
ReplyDelete