කද නැති හිසක් හමුවේ..


 ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය තුනේ කණුව ප්‍රදේශයේ තිබී කඳ කොටසක් නොමැති මිනිස් හිසක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

මාර්ගය අසල පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී මෙම මිනිස් හිස සොයාගෙන ඇති අතර, එය මීට දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ විය හැකි බවට පොලිසිය අනුමාන කරයි.

 හමුවූ හිස සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවක් තහවුරු වී නොමැති අතර, මෙය කිසියම් අපරාධයක ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳව දැඩි සැකයක් මතු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

මෙම අබිරහස් සිදුවීම පිටුපස ඇති සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවනු ලබයි.





Headless Corpse Discovered in Wellawaya

A dismembered human head has been discovered in the Kanuwawa area of Wellawaya, sparking significant concern among local authorities. The gruesome find was located near a forested area adjacent to the main road, prompting immediate police investigation.

Authorities speculate that the head may belong to an individual who died several days ago, although the identity of the deceased remains unconfirmed. This has raised serious suspicions about the possibility of foul play related to the incident.

The Wellawaya Police have launched an extensive inquiry into the discovery, and plans for a magistrate's investigation at the scene are already underway. They are committed to unveiling the truth behind this mysterious occurrence.

To facilitate thorough investigative efforts, law enforcement will be coordinating their inquiries across various departments, aiming to reveal any factual information that may shed light on this disturbing case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. ජේ.වී.පී. ත්‍රස්තවාදීන් සුපුරුදු වැඩට බැහැලා 😡 මුන්ට දුවනකං ගහලා එලවන්න කාලය හරි 😡

    ReplyDelete
  2. නන්දසේනගේ ඉස්සර සුදු වෑන් දැන් නාමල්ගේ පාතාලය. ඔන්න වැඩ පොඩි මයිනගේ

    ReplyDelete
    Replies
    1. මේ රටේ ඕනෑම මිණීමැරුමක් වුනොත් ඒක නාමල්ගෙ හරි පොහොට්ටුවේ හරි වැඩක් කියල කියපල්ල කියල පැලවත්තෙ ටිල්වින් ඩයි මයිනා උගේ පදුකුලේ වහලුන්ට උගන්නල තියෙනව. 

      Delete
    2. මාලුමාමලගෙ ගෑණුන්ට ලමයි හම්භවෙන්නෙත් නාමල් හින්දද?

      Delete
Previous Post Next Post