එල්නිනෝ පරදන මෙහෙයුමට ජනපති අණ දෙයි..


එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කෙරිණි. 

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල්  මාසවලදී නැවතත් මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙන අතර එම බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳවදවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මේ වන විට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග සහ කුඩා වැව් මඟින් ජලය සපයන නිශ්චිත පාරිභෝගික ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව සහ වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම  මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට, එම ප්‍රදේශවල ජනතාව සමඟ කතා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද උපදෙස් දුන්නේය

එමෙන්ම වැව්, ගංගා සහ ඔයවල් සම්පූර්ණයෙන්ම සිඳී යන ප්‍රදේශ හඳුනාගත යුතු බවත්, එවැනි ස්ථානවල ජීවත් වන ජනතාවට බීමට පමණක් නොව, අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහාද ජලය සැපයීමට සිදුවන බැවින් ඒ පිළිබඳ අවදානම සිතියම්ගත කර සූදානම් වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබා දීම පිළිබඳවද සාකච්ඡා විය. 

ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම, ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණු අතර එහිදී  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

එමෙන්ම, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

එල්-නිනෝ බලපෑම හමුවේ මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් වූ පූර්ව සූදානම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පීඩාවට පත්වන ධීවර ප්‍රජාවගේ ජීවනෝපායමාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහන් සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

වැවිලි කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත්, වනජිවී කලාපවල වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. 

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වර්ෂාපතනයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

මෙම වසර තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සහ ලබන වසරේ පෙබරවාරි-අප්‍රේල් කාලයේ ජලාශ සිඳී යාම නිසා ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීම සඳහා සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය  වෛද්‍ය සුසිල් රණසිංහ, 

බලශක්ති අමාත්‍ය සහ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරාජා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ. වැලිගෙපොලගේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.





President Leads Committee Discussion on El Niño Impact and Preparedness

This morning, a vital meeting led by President Anura Kumara Dissanayake took place at the Presidential Office, involving a special ministerial committee set up to tackle the challenges posed by the El Niño phenomenon. The gathering aimed to assess progress on measures implemented to address the ongoing effects of the climatic conditions.

The President sought updates regarding the provision of drinking water and other essential needs for the public, as well as the water supply necessary for agricultural activities amid the prevailing El Niño conditions. Officials from the Ministry of Agriculture reported that proactive cropping measures during the previous season have minimized crop damage, ensuring a stable food supply and meeting the water needs of the population.

According to forecasts from the Department of Meteorology, the upcoming months of February, March, and April in the following year are expected to experience severe drought-like conditions across the country. The President inquired about plans to mitigate the potential adverse effects on agriculture, fisheries, and the supply of water and electricity that could stem from this expected drought.

Emphasizing the importance of maintaining uninterrupted access to essential goods and services for the public during the anticipated crisis, the President highlighted the necessity of implementing programs to support economically vulnerable populations until normalcy is restored. He directed officials to collaborate with disaster management agencies to ensure these measures are effectively planned and executed.

Further discussions delved into the current water capacities of major reservoirs and the actions taken to ensure a continuous supply of drinking water while safeguarding agricultural water needs. The President stressed the urgency of having a clear data system regarding the specific consumer percentages serviced by main reservoirs, minor irrigation networks, and small tanks, particularly in drought-prone areas.

With a focus on resource management, the President underscored the need to strategically engage with communities in vulnerable regions to devise systematic plans that ensure access to water without leading to complete reservoir depletion. He emphasized the importance of preparing for the distribution of water for daily needs, particularly in areas facing severe shortages.

The meeting also discussed granting regional secretaries permission to purify unusable water sources to facilitate access to clean water where necessary. Plans are underway for land preparation to avert imminent drought effects as the first rains in October approach, ensuring timely utilization of rainfall without delaying the release of water from reservoirs.

The President highlighted the significance of plans being put in place for the supply of fertilizers and planting materials essential for the forthcoming major cropping season. Attention was drawn to both the fishing industry’s expected challenges due to El Niño effects and the necessity for preemptive measures to safeguard the livelihoods of affected fishing communities.

As plans were discussed regarding the immediate enhancement of irrigation systems to maximize water capacity during the upcoming rainy season in October, the President recognized the need for a coordinated approach by the irrigation department and the Mahaweli Authority.

Recognizing the potential risks to electricity supply caused by reservoir depletion from February to April next year, the discussion included strategic measures to maintain excess power generation capacity beyond normal requirements to combat the expected energy challenges.

The meeting was attended by key government figures, including Minister of the Environment Dr. Dhamika Patabandige, Minister of Housing and Water Supply Dr. Susil Premajayantha, Minister of Energy and Ports Anura Karunaratne, along with senior officials such as the Secretary to the Ministry of Energy, President's Chief of Staff Prabath Chandrakeerthi, and others from various relevant ministries.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. වසන්තයට කල්ල මරේ!
    ඌ දැන් ජලයත් පිටරටින් ආනයනය කරයි

    ReplyDelete
    Replies
    1. වතුරත් ගෙනෙයි ඒත් මදි පාඩුවට හිල් ජංගිය පිටින් වැහි නැ‍ටුම නටන්න තමයි වෙන්නෙ.
      අනුරයා බෙර ගහනකොට වටේ ඉන්න උන් නටයි.

      Delete
    2. මෙච්චර කාලයක් කියව කියව හිටියා. අඩු ගානේ desalination plant එකක් ගහන්න මොලයක් තිබුනෙ නැහැනේ. දැන් ඉතින් කට පුක වහගෙන උඩ බලාගෙන ඉන්න තියෙන්නෙ. මෝඩ යකෙක් මූ.

      Delete
  2. පතිරණ ගලප්පත්තිAugust 21, 2026 at 7:02 PM

    කල් තියා සූදානම් වෙන මේ වගේ බුද්ධිමත්, උගත්, ජනාධිපතිවරු මීට කලින් එකෙක්වත් හිටියා නම් රටට මෙහෙම වෙන් නෑ. සුනාමි අනතුරු ඇඟවීම් ලැබුණා 2004 දී. චන්ද්‍රිකා යැව්වා එයාපෝට් එකට විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෝ පිරිසක්, අල්ලගෙන හිටියා බෝඩ් එකක් "වෙල්කම් සුනාමි ටු ශ්‍රී ලංකා" කියලා (ඉංග්‍රීසියෙන් ගහලා තිබ්බේ බෝඩ් එකේ). එහෙම ජනාධිපතිලාට ඡන්දෙ දීපු පොන්නප්පුලා එනවා එන්.පී.පී. එකට ගරහන්ඩ.

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්August 21, 2026 at 7:13 PM

      ඒකටත් එක්ක අපේ NPP ආණ්ඩුව! දිට්ඨා සුලි කුනාටුව එනවයි කියල කාලගුණ දෙපාර්ථමේන්තුවෙනුයි, දෙස් විදෙස් ආයතන වලිනුයි පූර්ව දැණුම්දීල 
      තියෙද්දිත් ඒ අවධානම අඩුකරගන්න ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගන්නෙ නැතුව, සියයකට වැඩි ගානකට පනපිටින් පොලොවයට වැලලෙන්ඩ ඉඩඇරිය. 

      Delete
    2. ජේවීපී ඩෝබි බලකායෙ නූගත් රැකියා විරහිත පොන්නයො දෙන්නෙක්ට ළගදි ගෙවීමක් කොරල වගේ

      Delete
    3. ඉලන්දාරි පේඬිගේ රුක්ෂාන්August 21, 2026 at 8:05 PM

      දෙන්නම ඩෝබිල ලු, ඇත්තට වහල් කමේ ගූ කාලා උස්මුරුත්තාව ට ගිහින් ඉන්න රාජපක්සගේ සරම පල්ලෙන් වැටුණු ගොන්නුන්ට මොළයක් කියලා දෙයක් නෑ නේ.

      Delete
    4. Dobiyo 2 වුනේ තෝත් එක්ක!
      කොහොමද baiyangay දුර
      දක්නා මොලේ!
      පළමු වැනි Dobiya මේකේ කොටනකොටම එක Dobiya, dobiyo දෙන්නෙක් වෙනවා කියලා
      කලින්ම දැක්කා!

      Delete
    5. කෙබර කොටාගේ අමුඩේ
      අස්සෙන් වැටුණු ගූ කන ජෙපි ඩොබියන්ගේ මොලේ
      නම් නියමෙටම තියෙනවා-
      උන්ගේ පූකේ!

      Delete
    6. ආ පතිරනයා ආපහු හිමීට හැංගිච්ච තැන් වලින් එලියට ඇවීල්ල.
      අර බන්ධනාගාර වල මිනී මරනකොට, පාහර අමන වැඩ කරනකොට හැංගිල වෙන නම් වලින් එන එකා දැන් ආපහු පුරුදු නමට බැහැලා. ඩෝබි පාහරය.

      Delete
    7. කල් තියා සූදානම් වෙලා මොකද්ද කරේ? මේ ඔටෝ චූන් වහල් පුන්නක්කු ඩෝබිලා හිතන් ඉන්නෙ දැන් මීටිම තියලා හෙන තීරණ අරගෙන ඇති කියලා. වියලි කලාපෙ උන් බොන්න, නාන්න වතුර නැතුව වේලෙනවා. සත්තු වතුර නැතුව මැරෙනවා. වගා පාලුවෙලා. අක්කර ගනන් ගොවි බිම් වේලෙනවා. තවම එල් නිනෝ පටන් අරගෙනත් නැහැලු. පටන් ගන්නෙත් නැතුව මෙහෙම නම් පටන් ගත්තොත් කොහොම වෙයිද. මාලිමාවට ඡන්දෙ දීලා එවපු ගොන් හැත්ත මැරුනම වලලන්න වත් ප්ලෑනක් නැහැ මුන්ට.

      Delete
    8. පතිරණ ගලප්පත්තිAugust 21, 2026 at 11:03 PM

      ඒකට කමක් නෑ, අපි නන්දා ආච්චි වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත්කලානෙ.

      Delete
  3. ඒකටත් එක්ක අපේ NPP ආණ්ඩුව! දිට්ඨා සුලි කුනාටුව එනවයි කියල කාලගුණ දෙපාර්ථමේන්තුවෙනුයි, දෙස් විදෙස් ආයතන වලිනුයි පූර්ව දැණුම්දීල
    තියෙද්දිත් ඒ අවධානම අඩුකරගන්න ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගන්නෙ නැතුව, සියයකට වැඩි ගානකට පනපිටින් පොලොවයට වැලලෙන්ඩ ඉඩඇරිය.

    ReplyDelete
  4. Wahapan mage deiya.... wahapan yako...... wahapiya huttho..... onna ana

    ReplyDelete
  5. සුපිරි වැඩ්ඩා ....කටින් විතරයි

    ReplyDelete
  6. කල් තියා සූදානම් වෙන මේ වගේ බුද්ධිමත්, උගත්, ජනාධිපතිවරු මීට කලින් එකෙක්වත් හිටියා නම් රටට මෙහෙම වෙන් නෑ. සුනාමි අනතුරු ඇඟවීම් ලැබුණා 2004 දී. චන්ද්‍රිකා යැව්වා එයාපෝට් එකට විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෝ පිරිසක්, අල්ලගෙන හිටියා බෝඩ් එකක් "වෙල්කම් සුනාමි ටු ශ්‍රී ලංකා" කියලා (ඉංග්‍රීසියෙන් ගහලා තිබ්බේ බෝඩ් එකේ). එහෙම ජනාධිපතිලාට ඡන්දෙ දීපු පොන්නප්පුලා එනවා එන්.පී.පී. එකට ගරහන්ඩ.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා ජනාධිපති කරන්ඩ බැහැල වැඩකලේ ජේවීපී එක.
      එහෙම දිනපු චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති වෙලා හිටියේ අනුර කුමාර. පොන්නප්පු කියන කතාව මිනිහට හොඳට ගැලපෙනව මොකද මිනිහට ලමයි නැතිහින්ද!

      Delete
  7. බුරුවෝ සෙට් වෙලා.

    ReplyDelete
Previous Post Next Post