ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ පූර් ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර් ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත් වූ කිරි ගොවීන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු විය.
මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්වීමට නියමිත මෙම කණ්ඩායමට මුළු දිවයිනම ආවරණය වන පරිදි කිරි ගොවීන් 19 දෙනෙකු ඇතුළත් වේ. කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සෘජු මැදිහත්වීම මත වසර 20කට පමණ පසුව ආරම්භ කෙරුණු මෙම පුහුණු වැඩසටහන යටතේ ඉන්දියාව බලා යන දෙවන කණ්ඩායම මෙයයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද කිරි ගොවීන් 19 දෙනෙකු සඳහා මෙම අවස්ථාව හිමි වූ අතර, ඉදිරියේදීත් තවත් කණ්ඩායම් කිහිපයකට මෙම පුහුණු අවස්ථා ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය එකඟතාව පළ කර ඇත.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (National Dairy Development Board - NDDB) මූලික කරගනිමින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ. මෙහිදී ලොව කිරි පිරිසැකසුම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන 'අමුල්' (Amul - GCMMF) සමාගමේ නිෂ්පාදන හා පාලන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට අගනා අවස්ථාවක් හිමි වේ.
තාක්ෂණය ඔස්සේ දෛනික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි නිෂ්පාදනවල අගය දාම සංවර් ධන(Value Chain Development), කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, දෙනුන් රෝගවලින් ආරක්ෂා කර ගැනීම සහ ගුණාත්මක පෝෂණ සත්කාර ලබා දීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මෙම වැඩසටහනින් ලබන අත්දැකීම් උපයෝගී කරගනිමින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, තම ප්‍රදේශවල අනෙකුත් ගොවීන් වෙත ඒ දැනුම බෙදා හරිමින් ග්‍රාමීය ආර් ථිකය බලගැන්වීමටත් මෙම ගොවි මහතුන් සහය වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට කෘෂිකර් ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර් ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා, අධ්යක්ෂ (පශු සම්පත්) යූ.එස්. ගුණරත්න මහත්මිය ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Sri Lankan Dairy Farmers Set to Enhance Skills with Training Program in India
A group of Sri Lankan dairy farmers has been selected to participate in a capacity-building training program, made possible through the support of the Indian government. The farmers were welcomed by Namal Karunaratne, the Deputy Minister of Agriculture and Livestock, during a gathering at the Ministry of Agriculture.
Scheduled to depart for India on the 16th of this month, the delegation consists of 19 dairy farmers representing various regions across the country. This marks the second cohort traveling under a training initiative that resumed after a 20-year hiatus, following the direct intervention of Deputy Minister Karunaratne. A similar opportunity was extended last December to another group of 19 farmers, with plans for more training sessions to be facilitated by the Indian High Commission in the future.
The training will take place at the National Dairy Development Board (NDDB) in Anand, Gujarat, which serves as a cornerstone for dairy development in India. Sri Lankan farmers will have the unique opportunity to observe production and management processes at the renowned Amul cooperative, a key player in the global dairy sector.
Focused on increasing daily milk production through technology, value chain development in dairy goods, farm mechanization, disease prevention, and provision of quality nutritional care, the training aims to offer practical knowledge and experience.
During the event, Deputy Minister Karunaratne expressed optimism that the insights gained from this program would not only uplift local dairy production but also empower the farmers to share their newly acquired knowledge with peers in their communities, thereby enhancing rural economies.
Joining the minister were H.A.A.S. Piyasiri, the Additional Secretary (Livestock) of the Ministry of Agriculture, Livestock, Land, and Irrigation, and U.S. Gunaratne, the Director (Livestock), among other officials from the livestock sector.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොඩි කතාවක් තියෙනව. බලන්නකො නිකන් කියන්නෙ.
ReplyDelete1. වී මිලට සාධාරණ මිලක් ඉල්ලා ගොවි විරෝධය - මීගමුව බන්ධනාගාරයේ වලක්වා ගන්න පුලුවන්කම තියෙද්දී, ජනාධිපති, අගමැති, පොලිස් ඇමති, බන්ධනාගාර ඇමති, ආරක්ශක නියෝජ්‍ය ඇමති සෙට් එකම සද්ද නැතුව ඉඳලා 30 දෙනෙක් මැරෙන්න ඇරීම නිසා අවධානය ඒකට යොමුවී ගොවි උද්ඝෝශණ කෙල වීම
2. පල්ලියේ ෆාදර් කෙනෙක් වන වත්මන් අගවිනිසුරුගේ ධූර කාලය දික් කිරීමට නීතීඥ විරෝධය - මහර බන්ධනාගාරයේ ගැටුමක් ඇති වීම සහ මුළු බන්ධනාගාරයම අලුකරන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම
3. අගවිනිසුරුගේ ධූරය දික් කිරීමට ගැසට් එක නිකුත් කිරීම - එකවර බන්ධනාගාර 3ක ගැසට් එක ගැසූ දිනට පසු දින ගැටුම් ඇති වීම.
මේව උඹට තේරෙන්නෙ නැත්තන් විපක්ශ නායකයිනි, උඹලා දේශපාලනෙන් විශ්‍රාම ගනිල්ලා. තේරෙනෙ එකෙක් පත් වෙයි එතකොට.
අමූල් එකෙන් ටියුශන් ගන්න බංකුවක් හදාගෙන එන්න ඕනද සෑර්?
ReplyDeleteමේන් ඇවිදින පුස්තකාල. බලන්න මෙතුමා රටට කරපු සේවය.
ReplyDeleteරිලා ප්‍රශ්නේ සංගණනයක් කරලා විසඳුවා. දැන් රටේ ගොන්නු ටික දන්නවා රිලව් කොච්චර ඉන්නවද කියලා.
ලේන්නු ලව් කරන ආකාරය සොයා ගත්තා.
විදේශීය ගව ශුක්‍රානු වලින් ලංකාවේ ඉන්න ගොන්නුන්ගේ ගොන්කම් වලට වඩා ඉහල ගුණාත්මක භාවයෙන් ගොන්කම් කරන තඩි ගොන්නු හදාගන්න ආකාරය සොයා ගත්තා.
කෙසෙල් කොටන් වලින් ඇඳුම් මසනා ආකාරය සොයා ගත්තා.
ඉන්දියන් ගොවියන්ගෙන් ටියුශන් ගන්න හැටි කියල දෙනවා.
මෙතුමා වැනි උත්කුරුශ්ට, අති පාණ්ඩිත, මහාමාන්‍ය, ගල් පඬි රුවනක් පාර්ලිමේන්තු යැවූ දේශීය උගත් බුද්ධිමත් දේශපාලන ගැති නොවන, අනුන්ගේ මෝඩ කතා වලට නොරැවටෙන, මිනි රුවන් බඳු ලංකාවේ 68 ලක්ශයක් පමණ පඬි රුවන්වලට අපගේ හදපිරි ප්‍රණාමය.
මුන් ඔක්කොම ganja කාරයෝ වගේ වැඩ කරන්නේ.
ReplyDeleteමුන් ඔක්කොම ganja කාරයෝ වගේ වැඩ කරන්නේ.
ReplyDeletegava muthravalin covid honada wenava kiuweth bimal kiyana kari ponsiya neda.
ReplyDeletegava polla kate dala pukata gava pollen thalanna kale hari wage