මෙහෙම විනුසරු වයස දීර්ඝ කර ඇත්තේ ඒකාධිපති සිම්බාවේ විතරයි..- ජයම්පති


 විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හෝ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීම ඒකාධිපති පාලනයක ලක්ෂණයක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

එන්.එම්. පෙරේරා ගුණානුස්මරණ උළෙලට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

1978 ව්‍යවස්ථාව මගින් එවකට සිටි විනිසුරුවන් ඉවත් කර තමන්ට අවශ්‍ය පිරිස් පත් කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත් කළ වික්‍රමරත්න මහතා, වර්තමානයේදී ද විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහයක් පවතින බවත් එය කණගාටුදායක තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විනිසුරුවන් විශ්‍රාම යා යුතු බවත්, ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ පූර්වාදර්ශ ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දැකිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

මෙවැනි ක්‍රියාමාර්ග සිම්බාබ්වේ වැනි ඒකාධිපති රාජ්‍යයන්හි දැකිය හැකි ලක්ෂණ බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





President's Counsel Criticizes Attempts to Extend Judicial Tenure as Authoritarianism

President's Counsel Jayantha Vikramarathne has voiced strong concerns about ongoing efforts to extend the retirement age and tenure of judges, labeling such moves as hallmarks of authoritarian governance. His remarks were made during a ceremony held in honor of the late N.M. Perera.

Vikramarathne drew parallels to actions taken by former President J.R. Jayewardene in 1978, who dismissed sitting judges in favor of appointing individuals aligned with his administration. He emphasized that similar attempts to prolong the service durations of current judges in this era are equally troubling.

He reiterated the necessity for judges to retire in accordance with established norms, pointing out that extending their service timelines is not a practice observed in other democratic nations. The President's Counsel underscored that maintaining established retirement ages is crucial for upholding the rule of law.

Furthermore, Vikramarathne noted that such maneuvers resemble tactics seen in autocratic states like Zimbabwe, suggesting an alarming trend that could undermine judicial independence in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. නැවත රටතුළ රගපෑම ආරම්භ කර! ඇති දේශද්‍රෝහීන් ,..!August 17, 2026 at 3:39 AM

    ස්විස්ටර්ලන්තය ඇතුළු නාසිවාදී බටහිරයන්ගේ මුදලට වරදාන වරප්‍රසාදවලට වහවැටී ලංකා රාජ්‍ය දූර්වල කර කොටස්වලට කැඩීමට ව්‍යයවස්ථාව අඩපනකිරීමට කුමණ්ත්‍රණය කරනා ලද දේශද්‍රෝහියා ,--
    බටහිරට අවශ්‍ය පරිදි කුමණ්ත්‍රණය සිදුකර, අවසානයේ ස්විස්ටර්ලන්තයට පැනගිය අතර, ලංකා රජයේ සියළු මරමස්ථාන වැනි තොරතුරැ බටහිරයන්ට පාවාදුන්,

    නැවත රටතුළ රගපෑම ආරම්භ කර ඇති දේශද්‍රෝහීන් වන ලාල් විජේනායක සහ හොරිකඩ ජයම්පති වික්‍රමරත්න වහාම ත්අඩංගුවට ගෙන සුදුසු ස්ථානයක් බලා අතුරැදහන්කරනු,.!

    ReplyDelete
    Replies
    1. ඕක මෙතන කියල වැඩක් නෑ, ඕක කියපන් පැලවත්තෙ ටිල්වින් මයිනට. ඌ නියමෙට අතුරුදහන් කරල දෙයි.

      Delete
    2. ඉන්දියාව, දෙමල ඩයස්පෝරාව සහ නාසිවාදී බටහිරයන්ගේ මුදලට වරදාන වරප්‍රසාදවලට වහවැටී ලංකා රාජ්‍ය දූර්වල කර කොටස්වලට කැඩීමට ව්‍යයවස්ථාව අඩපනකිරීමට කුමණ්ත්‍රණය කරනා ලද දේශද්‍රෝහියා ,--
      බටහිරට අවශ්‍ය පරිදි කුමණ්ත්‍රණය සිදුකර, ලංකා රජයේ සියළු මරමස්ථාන වැනි තොරතුරැ ඉන්දියාවට සහ බටහිරයන්ට පාවාදුන්,

      නැවත රටතුළ රගපෑම ආරම්භ කර ඇති දේශද්‍රෝහීන් වන අංරකුමාර සහ හොරිකඩ ටිල්ළිං සිල්ව වහාම ත්අඩංගුවට ගෙන සුදුසු ස්ථානයක් බලා අතුරැදහන්කරනු,.!

      Delete
    3. එකඟයි. නමුත් කොටාවයි, ටිල්වියාවයි නිකම්ම අතුරුදහන් කොරන්ඩ හොඳනෑ.
      අර අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාට කලාවගේ ගහල පාරදිගේ ඇදගනයන්ඩ ඕනේ අතුරුදහන් කොරන්ඩ ඉස්සෙල්ල.

      Delete
  2. hondatama korranna yanne

    ReplyDelete
  3. ජවිපෙ =LTTE
    සිම්බාබ්වේ =ශ්‍රී ලංකා
    😁😁😁😁😁😁😁😁

    ReplyDelete
  4. ජෙප්පන්ට උන්ගෙ හොරිකඩයො ටික ඇරෙන්න අන්ත් ඔක්කොම එවුන් හොරු එහෙම නැත්නං රාජපක්ෂ වහල්ලූ නොදකින් තොපි. තොපි වගෙ දේශද්රෝහින් වෙන කිසිම රටක නැතුව ඇති

    ReplyDelete
  5. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය.

    නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ඒවාට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ.

    එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත.

    වෛද්‍යවරුන් මෙන් නොව, ඇතැම් අවස්ථාවල නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ.

    මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය

    ReplyDelete
Previous Post Next Post