ශිරාන් බාසික්ගේ කළු සල්ලිවලට පියුමි හංසමාලිත් පටලයි..


 මෑතකදී දැඩි කතාබහට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

දැනට තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බව පවසන ඇය, විවිධ සමාජ මාධ්‍ය පිටු හරහා තමන් ඉලක්ක කර ගනිමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.

විශේෂයෙන්ම 'සිරාන් බාසිත්' නමැති පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව තමන් කිසිසේත්ම නොදන්නා බවත්, ඔහු සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් ඇය අවධාරණය කරයි.

එමෙන්ම 'පද්මේ' නමැති පුද්ගලයා ඩුබායිහි පැවති අවුරුදු උත්සවයකදී මුණගැසුණද, ඔහු සමඟ ද කිසිදු ආකාරයක මූල්‍ය ගනුදෙනුවක් පවත්වා නොමැති බව ඇය පවසයි.

මෙම කරුණු සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ද ලබා දී ඇති බව ඇය එම සටහන මගින් අනාවරණය කර ඇත.

තමන් සතු ධනය සහ සුඛෝපභෝගී ජීවන රටාව පිළිබඳව අදහස් දක්වමින් පියුමි හංසමාලි සඳහන් කරන්නේ, එම සියලු වත්කම් තමන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය හරහා උපයාගත් නීත්‍යානුකූල මුදල් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් අයථා ක්‍රම මගින් උපයන 'කළු සල්ලි' තමන්ට අවශ්‍ය නොවන බවත්, තමන් ස්වෝත්සාහයෙන් දියුණු වූ කාන්තාවක් බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

තමන්ගේ නම භාවිතා කරමින් අසත්‍ය පුවත් පතුරුවන පාර්ශවයන් පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කරන බව ද ඇය එම සටහනේ දක්වා ඇත.






Actress Piyumi Hansamali Responds to Allegations of Drug Trafficking and Money Laundering

Actress Piyumi Hansamali has taken to social media to clarify her position amidst recent controversy surrounding accusations of drug trafficking and money laundering. Currently residing abroad, she has vehemently denied the allegations directed at her through various social media platforms.

Hansamali emphasized that she has no knowledge of an individual named 'Siraan Basith' and categorically stated that there is no association between them. She further disclosed that although she met a person called 'Padma' at a New Year celebration in Dubai, there was no financial transaction of any kind involved.

In her statement, Hansamali revealed that she has provided a formal statement to the Criminal Investigation Department regarding these matters. She underscored that all her wealth and luxurious lifestyle are derived from legitimate earnings through businesses she operates herself.

Rejecting any notion of acquiring 'black money' through drug trafficking or other illegal means, she expressed pride in being a self-made woman. Hansamali also conveyed her discontent regarding the spread of falsehoods that exploit her name.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. shiral basik kata uththara denna kalinma weta penala redda hoda ganna hadana gon wessiyek meki

    ReplyDelete
    Replies
    1. ඡනතාව රවට්ටන්න මෙහෙම ගෙනැල්ලා පස්සේ මුගෙන් කෝටි ගණන් අරන් උසාවියට සාක්‍ෂි නොපෙන්වා නිදහස් කරාවි. ඒවගේ කූට උපක්‍රමද මේ?? මූගේ චෝදනා ඔප්පු කර හිරේ දැම්මොත් පමණයි හොඳක් කියන්න පුලුවන්..

      Delete
  2. මේකිට නම් හිරේදී ආප්ප දාන්න තියෙන්නෙ අක්කලට කොසු ඔබ ඔ​බ

    ReplyDelete
Previous Post Next Post