තේ සඳහා නිසි වටිනාකමක් නොලැබීම සහ වගා පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තේ ගොවීන් සිය වගා කටයුතුවලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇත.
වසර ගණනාවකින් තේ දලු මිල සාපේක්ෂව ඉහළ නොයාම සහ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
තේ වගාවට සාපේක්ෂව කුරුඳු වගාව සඳහා වැය වන පිරිවැය අඩු වීමත්, ඉන් වැඩි ලාභයක් ලබාගත හැකි වීමත් නිසා බොහෝ තේ ගොවීන් සිය තේ වගාවන් ඉවත් කර කුරුඳු වගාවට යොමු වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
දැනට වෙළෙඳපොළේ අමු තේ දලු කිලෝවක මිල රුපියල් 220 ත් 260 ත් අතර අගයක පවතින අතර, කුරුඳු කිලෝවක මිල රුපියල් 5500 ත් 6500 ත් වැනි ඉහළ අගයක පවතී.
දෛනික කම්කරු වැටුප්, පොහොර සහ රසායනික ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තේ වගාව තවදුරටත් පවත්වාගෙන යාම පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි වතු හිමියෝ පවසති.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මෙරට තේ වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 31,000 ක් පමණ වේ.
තේ කර්මාන්තය මුහුණ දී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වන තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ ද සිල්වා මහතා සඳහන් කරන්නේ, තේ කර්මාන්තය සුරක්ෂිත කර ගැනීම සඳහා රජය කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බවයි.
Tea Farmers Face Crisis as Costs Rise and Prices Remain Low
The Sri Lankan tea industry is teetering on the edge of a crisis, as farmers consider abandoning their tea cultivation due to inadequate market prices and skyrocketing production costs. For years, the price of tea leaves has remained stagnant, coupled with adverse weather conditions that further destabilize this vital agricultural sector.
Farmers have expressed their increasing concern, noting that the lower costs associated with cultivating cinnamon, which offers higher profit margins, are driving many to shift away from traditional tea production. This trend highlights an escalating worry among tea growers who are facing immense economic pressure.
Currently, the price of raw tea leaves ranges between Rs. 220 and Rs. 260 per kilogram, a stark contrast to the considerably higher price of cinnamon, which sells for Rs. 5,500 to Rs. 6,500 per kilogram. The disparity in profits is becoming a major incentive for farmers to pivot towards cinnamon cultivation instead of continuing with tea.
As daily labor wages and the costs of fertilizers and chemicals rise sharply, maintaining tea cultivation has increasingly become a losing enterprise, according to estate owners. These challenges raise serious questions about the future of tea farming in the region.
According to data from the Ministry of National Policies and Economic Affairs, approximately 31,000 hectares of land is currently dedicated to tea cultivation across the country.
Arun de Silva, president of the association representing tea estate owners, underscored the urgency of the situation. He called for immediate government intervention to safeguard the tea industry, which has long been a cornerstone of Sri Lanka’s economy.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලාල් කාන්ත කියයි බඩ ඉරිඟු හිටෝ පල්ලා කියලා 😆✔️ ..
ReplyDeleteහුණ්ඩු කොටා අපේ වත්තට ඇවිල්ල මගෙ අතේ කරගැටෙයි, පල්ලෙහායින් තියෙන මෑ ඇටෙයි මිරිකල ගියා විතරයි අපේ තේ කර්මාන්තෙටත් කනකොකා ඇඬුව.
ReplyDelete