තැන තැන ප්‍රෙස් තියන මාලිමා නීතිඥයන්ට මහා සභාවට ඇවිත් විරුද්ධ වෙන්නවත් කොන්දක් නෑ..- සාලිය පීරිස්


  ජන වරමෙහි නීතිඥයන් යනුවෙන් තැන තැන මාධ්‍ය හමු පවත්වන නීතිඥ පිරිස ජාතික ජන බලවේගයට සහාය දක්වන නීතිඥයන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට රටේ නීතිඥයන් බහුතරයක් පක්ෂ යැයි පවසන ඔවුන්ට කොන්දක් තිබිණි නම් නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට පැමිණ සිය විරෝධය පළකිරීමට තිබූ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් එම අවස්ථාවට පැමිණ විරෝධය පල කොට ඡන්දයක් ඉල්ලා සිටියේ නම් අනිවාර්යෙන්ම එම පිරිස ඉන් පරාජයට පත්වන නිසා මෙම පිරිස මහා සභා රැස්වීම මගහැරීමට කටයුතු කළ බවද සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රෑපවාහිනි නාලිකාවන සාකච්චාවකට එකතු වෙමිනි.





Lawyers in Sri Lanka Express Support for National People’s Power

Prominent legal figures in Sri Lanka are coming together to express their support for the National People’s Power movement, as highlighted by Salih Peiris, a former president of the Bar Association of Sri Lanka. During a media discussion, he emphasized the lawyers' role in backing this important initiative.

Peiris pointed out that many lawyers in the country are indeed aligned with political factions regarding the 22nd constitutional amendment. He suggested that had they held any significant dissenting opinions, they would have attended the major meeting of the Bar Association to voice their objections.

However, he asserted that the same group avoided the meeting to prevent a defeat in a vote that could expose their opposition. Peiris made these comments while participating in a televised discussion, shedding light on the intricate dynamics at play within Sri Lanka's legal community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. සාලිය පීරිස් මහතාණනි උන් තමයි 22 කියන නොම්බරේ දැක්ක ගමන් මෙතැනට ඇවිත් කුණුහරුප කොටන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොන මහතෙක්ද මූ. වල් පරයෙක්.

      Delete
  2. ඉතින් අප්පුඩි ගහපන්. උඹ තමයි පරයා අරගල කරලා මුන් ආවම අප්පුඩි ගහලා පිලිගත්තෙ.
    දැන් සැපද........................?

    ReplyDelete
  3. මාලිමාවේ මම ආසම ලක්ශනේ තමයි, ඉස්සෙල්ලාම කෙලවන්නේ තමන්ව බලයට ගේන්න දර දිය ඇදලා, කඩේ ගිහිල්ලා, මඩ හෝදලා, අරගල කරලා, ගූ ඇදලා සේවය කරපු හැත්තට කෙලවල දැම්ම.
    මුන් ඉස්සෙල්ලම කෙලෙව්වෙ අර 88/89 අරගල කරලා මැරිච්ච උන්ට. ඒ UNP එකත් එක්ක ගිවිසුම් ගහලා. ඊට පස්සේ, බලයට ආපු ගමන් මෙච්චර කාලයක් ජෙප්පො වෙනුවෙන් කඩේ ගියපු උන්ට පුකට පයින් ගහලා මුල්ලකට කරලා දැම්මා. ඊට පස්සේ තැපෑලෙන් දීපු තැපැල් සේවකයන්ට කෙලෙව්වා. ඊට පස්සේ සමුළුවට නිළ ඇඳුමෙන්ම ගිය හෙදියන්ට කෙලෙව්වා. ඊට පස්සේ පඩි ඉල්ලලා අරගල කරපු ගුරුවරුන්ට කෙලෙව්වා. කඩේ ගියපු දොස්තරලටත් කෙලෙව්වා. අමුඩ ගහගෙන ගොයම් කාගෙන අරගල කරපු ගොවියගෙ අමුඩේ ගැලෙව්වා. උන් ඉවරෙටම ඉවරයි. දැන් කෙලවන්නේ නීතීඥයන්ට. 22 ගෙනාවට පස්සේ රටට නීතීඥයො වැඩක් නැහැ. මොකද තීන්දුව දෙන්නේ පැලවත්තෙන්. හොඳයි. ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. ඇයි අර පෙට්ටි කඩ හදාගෙන පේමන්ට් වල රස්සා කරපු වෙලෙ‍ඳො ටික, ඊට පස්සේ සාමාන්‍ය ව්‍යාපාරිකයො ටික. හාන්සියි. බදු අඩු කරනකම් බලන් හිටපු පෞද්ගලික සේවකයො, ලයිට් බිල අඩු කරනකන් හිටපු කර්මාන්ත කරුවො. ජපන් බයික් ගේනකන් හිටපු කොල්ලො ටික. ලඟදි කෙලියා අරගල කරලා පවුලේ අයටත් බලපෑම් කරලා මාලිමාව ගෙනාපු උසස්පෙල ලියන ළමයි සෙට් එකට. මාස 3ක් කලින් විභාගෙ තිබ්බා සිලබස් ඔක්කොම එක්ක.

      Delete
    2. උඹට ඉතිහාසේ අමතක වෙලා. මුන්ට ඉස්සෙල්ලම උදව් කරේ මහින්ද රාජපක්ශ.

      ජිනීවා ගිහින් යූ.එන්.පී ආන්ඩුවෙන් මේ කාලකන්නින්ගේ ජීවිත යන්තම් බේරලා දුන්නේ මහින්ද. පෙලපාලි ගිහින් එහෙම පුදුම අමාරුවක් තිබිල තියෙනවා 88, 89 කාලේ ජෙප්පොන්ව බේරන්න මහින්දට. අන්තිමට ඌව බලයෙන් එලවලා, මරන්නත් ගිහිල්ලා, මල්ලිවත් බලයෙන් එලවලා, පාක්ශිකයන්ට ගහලා, බේරෙ වැවේ දාලා පොඟවලා අරගෙන, අන්තිමේ ගෙවල් ගිනි තියලා අම්මගේ තාත්තගේ සොහොනත් ගිනි තියලා ජීවත් වෙලා හිටපු ගෙදරිනුත් එලවලා පවුලේ හැම එකාටම නඩු දැම්මා. පුතාල 3ටයි, ගෑනිටයි, බල්ලටයි, හැම එකාටම නඩු දැම්මා. හරිනෙ අමාරුව.
      ඕක තමයි ඉස්සර කාලේ මිනිස්සු කිව්වේ,
      කොපමන ගුණ කරත්
      දුදනෝ නොවෙති යහපත්
      කිරි දියෙහි ගෙව්වත්
      අඟුරු සුදු වන කලක් නම් නැත්
      කියලා.

      Delete
  4. උඹ පල්ලි ගියාම අගරදගුරු හම්බෙලා අහපිය උඹල පල්ලියට කඩේ ගියාට හම්බුන තෑග්ගද මේ කියලා.
    දැන් හරිනේ. ඕක කරගන්නනේ අරගල කරේ. දැනුත් පලයන් බලන්න කුරුසෙත් ඇදගෙන අරගල කරන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete
  5. 1945 ජෝර්ජ් ඕවල් කියල පොරක් පොතක් ලිව්වාAnimal farm කියලා. ඌරු කොටුවේ විප්ලවය/ ගොවිපලේ අරගලය කියල සිංහල ට්‍රාන්ස් ලෙට් එකක් තියෙනව. අරන් කියවන්න. ජෙප්පන්ට පුක දෙන උන්ට ආස හිතෙයි😂😂 වැඩෙ කියන්නෙ කතාව වගේම චරිත ටිකත් මාර මැචින්.

    ReplyDelete
  6. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පමණක් නොව, තවදුරටත් සේවය කළ හැකි පළපුරුදු විනිසුරුවරුන් සිටී නම්, ඔවුන් නැවත සේවයට කැඳවා ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් අවසන් කළ යුතුය.



    නඩු වැඩි කාලයක් ඇදී යන තරමට, ඒවාට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ආදායමද වැඩි වේ. විශේෂයෙන්ම, ඉඩම් නඩු වසර විස්සකටත් වැඩි කාලයක් ඇදී යන අවස්ථා තිබෙන අතර, ඒ අතරතුර නීතිඥ ගාස්තු දහස් ගණනින් එකතු වෙමින් පවතී. ඇතැම් නඩු දිනවල නීතිඥවරයා එක වචනයක්වත් කතා නොකළත්, සතයක්වත් අඩු නොකර සම්පූර්ණ ගාස්තුවම අය කරනු ලැබේ.



    එහෙත්, දිගුකාලීන නඩු ප්‍රමාදයන් සහ දිනෙන් දින ඉහළ යන නීති වියදම් හේතුවෙන් දුප්පත් ජනතාවට පැටවෙන මෙම දැඩි බර පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළින් හඬක් නැඟෙන්නේ නැත.



    වෛද්‍යවරුන් මෙන් නොව, නීතිඥවරුන් විසින් ගාස්තු අය කිරීම සඳහා රිසිට්පතක් ලබා නොදෙන අතර, ගාස්තු අය කිරීම සඳහා පැහැදිලි හා නිසි ක්‍රමවේදයක්ද නොමැති බව පෙනේ.



    මේ සියල්ල හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ තම නඩු අවසන් වන තුරු බලා සිටින අසරණ ජනතාව දැඩි කනගාටුවකට, ආර්ථික පීඩනයකට සහ මානසික පීඩාවකට පත්ව සිටිති. එබැවින්, නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතියේ පවතින ගොඩගැසුණු නඩු ප්‍රමාණය අඩු කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගත යුතුය.

    උදෑසන විනිසුරුවරයෙකුගේ මේසය මත ගොඩගැසී ඇති නඩු ගොඩ දැකීමේදී, එවැනි විශාල බරක් මධ්‍යයේත් විනිසුරුවරයෙකු තම මනස සන්සුන්ව තබාගෙන කෙසේ කටයුතු කරන්නේදැයි විශ්වාස කිරීමටත් අපහසුය

    ReplyDelete
  7. අපි වගේ සාමාන්‍ය මිනිස්සු ෆොටෝකොපි ගහලා ගහලා අත් දෙක කැඩෙන්න එනවා. හිටගෙන හිටගෙන කකුල් දෙකත් කැඩෙන්න එනවා. ඒ මදිවට ගාස්තු... ගාස්තු... හැමදේටම ගාස්තු!

    නඩුවක් කියනවා කියන්නේ ඉතින් මරු වැඩක් තමයි!

    ඒත් මේ අය නම් මයික්‍රෆෝන ඉස්සරහට ඇවිත්, කිසිම ගානක් නැතිව සැපසේ බයිලා කියමින් ඉන්නවා!

    ReplyDelete
Previous Post Next Post