නම වෙනස් කල කතා පච.. මං අර්ජුන් මහේන්ද‍්‍රන්මයි..- අර්ජුන් මහේන්ද‍්‍රන් ලිඛිතව දන්නයි..


තමන්  නම වෙනස් කර ඇති බවට රජයේ අමාත්‍යවරයෙකු විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රතික්ෂේප කරයි.

මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙන්නේ තමන් නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

රජයේ අමාත්‍යවරයෙකු විසින් ප්‍රසිද්ධියේ කරන ලද මෙම ප්‍රකාශය නිවැරදි කරන ලෙසද ඔහු ලිපියක් යොමු කරමින් ඔහු  ඉල්ලා තිබේ.

ඔහු මෙම ලිපිය සඳහා අත්සන් තබා ඇත්තේ "ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්" යන නමින් වන අතර එහි සිංගප්පූරු ලිපිනයක්ද සඳහන් කර ඇත.

මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබුණේ, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙරටට අවශ්‍ය කර සිටින හිටපු අධිපතිවරයා සිය නම "හර්ජන් ඇලෙක්සැන්ඩර්"  ලෙස වෙනස් කර ඇති බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවයි.

සිංගප්පූරුවේ සිටින ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පවතින නීතිමය බාධා මගහරවා ගැනීම සඳහා රජය විකල්ප මාර්ග සොයමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් අර්ජුන මහේන්ද්‍රන් මහතා සොයමින් සිටින අතර, ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ඔහුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.





Arjuna Mahendran Denies Name Change Amid Ongoing Investigation

Arjuna Mahendran, the former governor of the Central Bank of Sri Lanka, has firmly denied claims made by a government minister suggesting that he has changed his name. The assertions, he insists, are entirely false.

In response, Mahendran has reportedly sent a letter requesting a correction to the public statement made by the minister, emphasizing the inaccuracy of the claims.

Notably, the letter was signed "Lakshman Arjuna Mahendran" and included his address in Singapore, reinforcing his identity amidst the speculation.

Previously, Minister of Public Security, Ananda Aluthgamage, commented that the Criminal Investigation Department had received information indicating that the former governor, sought in connection with the Central Bank bond scam, had altered his name to "Harjun Alexander" to evade capture.

Aluthgamage also highlighted that the government is exploring alternative methods to bypass legal impediments that currently hinder Mahendran's repatriation to Sri Lanka.

The authorities have been actively pursuing Mahendran in relation to the notorious bond scam that took place in 2015, and this revelation has further complicated the situation concerning his identity.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කොල්ලම් සංගිලි පණික්කියගේ වජිර ගමගේAugust 30, 2026 at 10:20 PM

    ඒ කියන්නේ උපුල් මිනියක් මරලා නම වෙනස් කර ගත්තොත් නිලුපුල් කියලා අල්ලනවා බොරු. ඒකත් මරු ක්‍රමේ.

    ඇත්තට ඉතින් 15 අවුරුදු සිර දඬුවම් නියම වෙලා, කුඩු කිලෝ ගාණක් එක්ක අල්ලලා ඒකට නඩුවක් යමින් තියෙද්දී පොලිස් නිලධාරියෙකුට කුණුහරපයක් කිව්වා කියලා තව නඩුවක් දාලා, ඒ නඩුවට ඇප දීපු ගමන් කංජිපාණි ඉම්රාන් ව නිදහස් කලා. ඔය තියෙන්නේ තව රස කථා.

    ඒත් ඇත්තට අර්ජුන් මහේන්ද්‍රන් නම් අභ්‍යන්තර රහස්‍ය තොරතුරු එලියට දුන් බවට කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කලා. ඒ නිසා මේ පරණ වැල් බයිලා ආපහු ඇදහෙන ඵලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව වගේ බොරුවෙන්ම රට රවට්ටන හැතිකරයක්.

      Delete
  2. අලුත්ම පචේ😂😂😂😂 මේ පාර නම් ආන්නදප්පගෙ බොරුව ලිකිතවම ප්‍රතික්සේප කරල. කෝ ඩෝබිලා… ඉජු ඉජු ඩෝබි… ඉජු…. සෝදපල්ල ඇවිල්ලා

    ReplyDelete
  3. අර්ජුන් ගෙනාවොත් මුලින්ම කියන්නෙ පචකොටාගෙ නම සල්ලි ගහපු අයගෙ ලිස්ට් එකට. ඒනිසයි අර්ජුන් අල්ලන්නෙ නැත්තෙ....

    ReplyDelete
  4. "පච මල්ල" රැළි මාලාවක් තියනවලු!

    "පච මල්ල" නැවත එළියට බසී. ඔබගේ රැවටුන, රැවටෙන, සිත පරිස්සම් කර ගන්න!
    "පච මල්ලෙන් පරිස්සම් වන්න!

    ReplyDelete
Previous Post Next Post