උද්දමනය 7.2% තෙක් නගී.. මෙය වසර තුනකදී වැඩිම උද්දමනයයි..


 මතුපිට උද්ධමනය 2026 ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට 7.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙය 2023 ජූනි මාසයේ වාර්තා වූ 12%ක උද්මනයෙන් පසු වාර්තා වන වැඩිම උද්දමන අගයයි.

එම වාර්තාවට අනුව, ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 4.9 ක් ලෙස සටහන් වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 9.2 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබේ. 

මෙම මාසික වෙනස්වීම සඳහා ආහාර කාණ්ඩය සියයට 0.08 කින් දායක වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩය සියයට 0.42 ක ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මිල ගණන් ඉහළ යාම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මීට අමතරව, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන යටිදැරි උද්ධමනය ජූලි මාසයේදී සියයට 6.0 ක් ලෙස වාර්තා වී ඇත. ජූනි මාසයේදී 204.6 ක් ලෙස පැවති යටිදැරි උද්ධමන දර්ශකය ජූලි මාසයේදී 207.3 දක්වා ඉහළ ගොස් තිබේ.

  • ජූනි මාසයේ දී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ජූලි මාසය සඳහා 7.2% ක් දක්වා වැඩි වී ඇත.
  • ජූනි මාසයේ දී 3.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ජූලි මාසයේ දී  4.9% ක් දක්වා වැඩි වී ඇත.
  • ජූනි මාසයේ දී 9.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය  2026 ජූලි මාසයේ දී 9.2% ක් දක්වා අඩු වී ඇත.





Inflation Rates Surge to 7.2% in July 2026

The Department of Census and Statistics has reported a notable increase in inflation for July 2026, rising to 7.2% compared to the previous month of June. This represents the highest inflation rate recorded since June 2023, which saw an alarming 12% inflation.

According to the report, the annual inflation for food items reached 4.9% in July, while non-food items experienced a significant inflation spike of 9.2%. This monthly shift was primarily influenced by food categories contributing a modest 0.08%, contrasted with the non-food segment, which accounted for a more pronounced increase of 0.42%. Key sectors driving the rise in non-food inflation include transportation, healthcare, and education.

Additionally, the core inflation rate, which excludes volatile items such as food, energy, and transportation costs, was recorded at 6.0% for July. The core inflation index rose from 204.6 in June to 207.3 in July.

  • Inflation, which stood at 6.5% in June, has escalated to 7.2% for July 2026.
  • The targeted inflation rate for food items rose from 3.3% in June to 4.9% in July 2026.
  • Conversely, the targeted inflation for non-food categories slightly decreased from 9.3% in June to 9.2% in July 2026.


*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. උද්ධමනය වැඩිවීම සමාජවාදී සන්ධර්භයක් ලෙස රජයට හිතැති ලෙස අර්ථ නිරූපණය කිරිමට ඩොබී ප්‍රබුද්ධ බලකායටද, විරුද්ධ පක්ෂයෙ සිට අදහස් දක්වන්නන් නිහඩ කිරීමට ඩොබී මඩ බලකාය ද, සමාජ මාධ්‍ය වල අදහස් දක්වන්නන් නිහඩ කිරීමට ඩොබී කුණුහරුප බලකාය ද, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතෙ අදහස් ප්‍රකාශ කරන්නන්
    නිහඩ කිරීමට නීතිපති-පොලිස් ඒකාබද්ධ ඩොබී බලකාය ද කැදවා ඇත.

    ReplyDelete
  2. ඉස්සර උද්ධමනය කියන වචනය ඇහිච්ච ගමන් දිග වැල්බයිලයක් ලියන පතිරණ ගලප්පත්ති මොකද තවම පරක්කු?

    ReplyDelete
Previous Post Next Post