පලෙයි කැලේ පුහුණු කදවුරක්.. LTTE කදවුරක් යයි සැකයක්..


 පලෙයි ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැකයක් පවතින බව අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම (IC Human Rights Commission) පවසයි.

එම කොමිසමේ විධායක අධ්‍යක්ෂ සංගීත් ඩයස්සේකර මහතා බවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවය.

පලෙයි ප්‍රදේශයේ අදාළ රක්ෂිතය තුළ කිසිදු රජයේ අනුමැතියකින් තොරව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, එහි පුද්ගලයින් 100ත් 150ත් අතර පිරිසක් සේවය කරන බවත් ඔහු අනාවරණය කළේය.

මෙය එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර දැඩි සැකයක් මතුව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය පිටුපස රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙය විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවට සැක කරන බවත් ඩයස්සේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අඩවි වන නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට යම් කණ්ඩායමකින් මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම කුරුණෑගල ප්‍රදේශයට මාරු කර යවන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ස්ථානය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු මෙහිදී අවධාරණය කළේය.





Suspicion Grows Over Secret Training Camp in Palai

The International Commission on Human Rights (ICHR) has raised concerns about a clandestine training camp operating within a government reserve in Palai, spanning approximately 49 acres.

Executive Director Sangeeth Daisekara disclosed that he has formally presented these findings in writing to the President, the Secretary of Defence, and the Minister of Public Security.

He revealed that a three-story building is currently under construction within the reserve without any government authorization, employing a workforce estimated to be between 100 to 150 individuals.

Local residents and officials have expressed serious doubts regarding the purpose of the site, speculating whether it is intended to serve as an LTTE training camp or a bomb production facility.

Further investigation has led Daisekara to suggest that the initiative is backed by high-ranking government officials and may be an operation funded by foreign aid.

Concerns regarding the safety of an official involved in the legal proceedings, along with threats of death against him and his wife from an unidentified group, have prompted calls for their immediate relocation to the Kurunegala district for their protection.

Daisekara emphasized the urgent need for a thorough investigation into the site to ensure national security.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. තඹුත්තේගම කොටාAugust 16, 2026 at 12:28 AM

    කවුරුවත් කලබල වෙන්ඩ ඕනේ නෑ, ඔය අපේ අහිංසක දමිල දරුවන්ගේ භාවනා මධ්‍යස්ථානයක්.

    ReplyDelete
  2. මේ භයානක අනාවරනය සිදුකල වනජීවී නිලධාරීන් තමන්ගේ බලනහරටික පරිස්සම් කරගත්තනම් තමයි හොඳ.

    ReplyDelete
  3. හරි මේක තමයි ඊලග සීන් එක. වෙනිසුයුලාවෙ මදුරෝ බලේ හම්බ උනාට පස්සෙ, "Death Squads": The FAES (Special Actions Force) එක හදාගත්ත. ඒකෙන් තමයි මිනිහ කොර්ට් එකයි නීතියයි , විපක්සයි මර්දනය කලේ. මේකත් ඒවගේ සීන් එකක්ද දන්නෙනෑ. තව ටික කාලෙකින් ආමි එකට අලුත් යුනිට් එකක් ඇඩ් කරයි. ඒක් එක් ටී එෆ් වගේ නමුත් ඊටත් උඩින් තියන සීන් එකක් කියයි. හරි ඔහොම යන්... 68 ලක්සෙගෙ අම්...

    ReplyDelete
  4. තවත් ඡන්ද ප්‍රතිඵලයක් ද? ..අනුර ඩයස්පෝරා සල්ලි අරන් ඡන්ද කළේ .. මල්ලිලා නොදන්නවා උනාට ප්‍රතිපල ලඟම එනවා ..

    ReplyDelete
  5. කන්ටේනර් 375ක බඩු ගෙනාවනේ, ජවිපා කොටියා යනු එකම කාසියක් මල්ලි, ජොයින්ට් ඔපරේෂන් එකකටද අර අදින්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාට දෙයියා කිව්වට අර්චුනා වේලාසනම අනතුරු ඇඟවූවා.

      Delete
  6. ආරියතිලක

    එල්.ටී.ටී.ඊ දෙමළ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු හොඳින් ගිනි අවි ක්‍රියා කරවිය හැකි සාමාජිකයන්ගේ උපකාරය ඇතිව, ජනතා විමුක්ති පෙරමණේ සාමාජිකයන්ට අවි පුහුණුව ලබා දෙනවාද යන්න සොයා බැලිය යුතු ය. ජවිපෙ තුන්වන කැරැල්ලට සුදානම් වනවාද යන්න සැක සහිත ය. අප විසින් ලියන ලද

    "කැලේ මාරු වුනාට කොටියහෙ පුල්ලි මාරු නො වීම! මොකක් ද මේ කොටි පුල්ලිය?" (2025.10.10) යන ලිපිය ද පහත පරිදි ය.

    “කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි දඩයම් අභිප්‍රාය. ඒ කියන්නේ ගොදුර ඩැහැ ගැනීම. යම් අවස්ථාවක කොටියා ගොදුරක් පසු පස ගොස් ගොදුර ඩැහැ ගැනීමට බැරි වුවොත් කිසිදු අවස්ථාවක ගොදුරු ගැනීමේ සිත අතහරින්නේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණ ද එසේ ය. කොටියාට අවේනික බව කියන කොටි පුල්ලිය මෙන් ජනතා විමුක්ති පෙරමුණට ද ආවේනික පුල්ලියක් ඇත. ඒ කොමියුනිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය ය. කොමියුනිස්ට්වාදය නම් මාක්ස් හා එංගල්ස්ගේ මූලධර්ම මත ගොඩ නැගුන දේශපාලන ව්‍යාපාරය ය. මාක්ස් හා එංගල්ස්ගේ මූල න්‍යාය නම් දක්ෂිණාංශික රාජ්‍ය බලය පෙරළ දමා, රට අල්ලා ගෙන රට කොමියුනිස්ට් පාලනය ස්ථාපිත කිරිම ය. ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරනුයේ ඒ අභිප්‍රායට ය. ජාතික ජන බලවෙගය පක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ ය.

    1971 කැරැල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණට ගොදුරු අසාර්ථක විය. නමුත් කොටියා ගොදුරු දැහැ ගැනීමේ අභිප්‍රාය අත් අරින්නේ නැති සේ ජනතා විමුක්ති පෙරමුණ ද ගොදුර ගැනිමේ අභිප්‍රාය අත් හළේ නැත. එසේ නමුදු 1987/88/89 කැරැල්ල ද දියත් කළත් ගොදුර අසාර්ථක විය.

    මාලිමාව ලකුණ ගෙන, දේශපාලන ව්‍යාපාරය දියත් කළ ජවිපෙ, ජනතාව සිත් වලින් දැකැත්ත, මිටිය වසා තැබීක් සේ සැළකිය හැකි ය . එසේ වුවත් මාලිමා ලකුණ ඇතුලේ ඒ දෙක ඇත්තේ ය. සාමාන්‍ය ව්‍යවහාරයේ කොමියුනිස්ට් වාදයට කියන්නේ “වමේ දේශපාලනය” කියා ය. අනෙක් පස “දක්ෂිණාංශක දේශපාලනය” ය. එනම් උතුර හා දකුණ ය. මාලිමාව නම් උතුරු දකුණු කටුව ය. මාලිමාව සැම විට ම උතුර සළකුණ පෙන්වයි. එය නිශ්චිත ය. මාලිමා ලකුණෙන් දේශපාලනය කළ ද උතුර හෙවත් වම ඒ දේශපාලනය අත් හරින්නේ නැති බව ඒ ලකුණේ ම ඇත. එය ජනතාවගෙන් සූක්ෂම ලෙස වසන් කර ඇත. කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නො වන්නා සේ ලකුණ මාරු වුණත් ජාතික ජන බලවේගයේ දේශපාලන මතවාදය වෙනස් වි නැත්තේ ය. එදා ඔවුන්ට රාජ්‍ය බලය නැත. දැන් රාජ්‍ය බලය ඇත.

    දැන් ගොදුර ඩැහැ ගැනීම හෙවත් කොමියුනිස්ට් ක්‍රමයට රට පෙරලීමට උපාය උපක්‍රම යොදයි. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ කොමියුනිස්ට්වාදීන්ට වස ය. ප්‍රධාන සතුරා ය. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ ශක්තිමත් කිරීම යනු කොමියුනිස්ට්වාදයට ඇති ප්‍රධාන බාධක ය. එසේ නම් මේ ආණ්ඩුව ආරක්ෂ හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව ඉදිරිය ඉදිරිය තීන්දු කළ හැක. කොමියුනිස්වාදය මේ රටට මර උගුලක් බව ද කිව යුතු ය. මේ රටේ දියුණුවට, ආර්ථිකයට, විශේෂයෙන් සම්බුද්ධ ශාසනයට, පවුල නැමැති ඒකකයට, දූදරුවන්ට, සමස්ථ ලාංකේය ජන ජීවිතයට කරන ලද විනාශය අති මහත් ය. 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙක අධ්‍යනය කිරීම පමණක් මෙයට සාක්ෂ්‍ය වශයෙන් ප්‍රමාණවත් වේ. එම කොමියුස්ට්වාදී ආයුධ සංන්ද්ධ කැරළි දෙක රටට, ජාතියට, ආගමට කළ හානිය ප්‍රමාණ කළ නො හැක.

    තම දූ දරුවන් දෙමාපියන්ට අහිමි වීම, අහිමි කිරීම, භාර්යාවන්ට ස්වාමිපුරුෂයන් අහිමි විම, අහිමි කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා කොමියුනිස්ට්වාදය නිසා ශාසන මාර්ගයෙන් බැහැර වීම, ගුරු භික්ෂූන් වහන්සේලාට ගෝල හිමිවරුන් අහිමි වීම, දේපොළ විනාශ වීම, රටේ තරුණ පරපුර පාප කර්මයට යොමු කිරීම, පිං පව්, කුසල්, අකුසල්
    නො අදහන පාපකාරී සමාජයක් ඇති කිරීම, කොපමණ පාපකාරි ද යත් 1989 පෙබරවාරි 08 දින, බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වන, මහනුවර ශ්‍රී දළදා මනදිරයට කළ කොමියුනිස්ට්වාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය, මිනී මැරීම මංකොල්ල කැම, දේපොළ බලහත්කාරයෙන් ගැනීම, බියවැද්දීම ආදී සියලු ආකාර ත්‍රස්ත ක්‍රියා කිරීම, මේ රටට කළ මහත් අපරාධ නිසා රටේ දියුණුවට බාධා ඇති විය. එම සියලු අපරාධ කිරීම නිවැරැදි බව කොමියුනිස්ට්වාදින්ගේ අදහස ය. 76 අවුරුදු සාපයක් ගැන කතා කරන පුද්ගලයන් ම මේ රටට ශාපය කැන්දන් ආ කොමියුනිස්ට් දර්ශනය කරපින්නා ගත් අය වෙත්.

    මේ සියලු කරුණු සැළකීමේ දී පොලිස් හමුදාව අතුලු ආරක්ෂ හමුදාවල සැම දෙනා සහ පුරවැසි සැම අවදියෙන් සිටිය යුතු කාලය එළඹ ඇති බව පැහැදිලි ය.

    ReplyDelete
  7. අනුරාධපුරෙන් එහාට ඕව බලන්න ගියේ මොකටද කියල ලෙඩක් වැටෙන්න බැරි නැහැ.

    ReplyDelete
Previous Post Next Post