බාල ගල් අගුරුවල පාඩුව කෝටි 14,000යි..


 ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටට රුපියල් කෝටි 1,400ක (රුපියල් බිලියන 14ක) දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  හෙළිවූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කලේය.

අපනයන කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම වාර්තාවට අනුව, බාල ගල්අඟුරු ගැටලුව හේතුවෙන් විකල්ප වශයෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා පමණක් රුපියල් කෝටි 800ක සෘජු පාඩුවක් සිදුව ඇති අතර, තවත් රුපියල් කෝටි 400ත් 600ත් අතර මුදලක වක්‍ර පාඩුවක් සිදුව ඇතැයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත.

විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, විදුලි බිල සියයට 33කින් අඩු කරන බවට බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ ද, වත්මන් ජනාධිපතිවරයා පත්වන විට රුපියල් 30ක්ව පැවති ඒකකයක සාමාන්‍ය මිල මේ වන විට රුපියල් 35 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව සිදුව ඇත්තේ විදුලි බිල සියයට 17කින් වැඩිවීම බවත් සඳහන් කර තිබේ. එසේම රුපියල් 20කට එල්.එන්.ජී. (LNG) ලබාගෙන විදුලිය නිපදවන බව පැවසුව ද, මේ වන විට බලාගාර සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ ඩීසල් මඟින් බව හෙතෙම චෝදනා කළේය.

වාහන ආනයනය මඟින් අයකර ගන්නා ලද දැවැන්ත බදු ආදායම රජය සතුව පවතින බැවින්, 2024 විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විදුලි බිල සියයට 30කින් අඩු කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය රජයට තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත. එසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත රජය එම සහනය ජනතාවට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, සාර්ව ආර්ථික දර්ශක පෙන්වමින් පුරසාරම් දෙඩුවද මහපොළොවේ ජීවත්වන සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට මෙම අධික විදුලි බිල දරාගත නොහැකි මට්ටමක පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කලේය.





Government Faces Rs. 1.4 Billion Loss Due to Substandard Coal Usage

A staggering loss of Rs. 1.4 billion (approximately $14 million) has been revealed due to the usage of substandard coal, according to Dr. Harsha de Silva, Chairman of the Parliamentary Finance Committee. This disclosure took place during a parliamentary session focused on the discussion of a bill aimed at promoting export-oriented agriculture.

Dr. de Silva pointed out that the issues surrounding the quality of coal have led to an additional financial burden; an estimated direct loss of Rs. 800 million has occurred as alternative electricity generation methods had to be implemented. Furthermore, a projected loss ranging between Rs. 400 million and Rs. 600 million was indicated due to this situation.

Criticizing the government's electricity pricing policies, Dr. de Silva echoed concerns over the recent increase. While he noted that prior to assuming office, the current president had promised to reduce electricity bills by 33%, the rate for electricity has actually risen by 17%, with the price per unit climbing from Rs. 30 to Rs. 35.

He also criticized the claim that electricity generation using liquefied natural gas (LNG) is available at Rs. 20, illustrating that currently, facilities are entirely dependent on diesel fuel. This switch has raised questions about both energy efficiency and cost-effectiveness.

Dr. de Silva emphasized that with substantial tax revenues from vehicle imports, the government has the financial capacity to reduce electricity tariffs by 30% as outlined in the 2024 Electricity Bill. However, he highlighted a troubling contradiction: under the conditions set by the International Monetary Fund, the government has been hesitant to pass on these benefits to the public. Citing prevailing economic indicators, he asserted that the high electricity tariffs are unsustainable for the average citizen and businesses in the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ආචාර්යතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා බෙරිහන් දෙනවා විතරයිනේ බොරුවට. අපි බලන් ඉන්නෙ මේ ඔබතුමාලා ගිහින් නඩුවක් දානකන්.
    මේවා ඔප්පු කරන්න ඔබතුමාලට සාක්කි තියෙනවනං ඔබතුමාලා ඇයි උසාවි නොයන්නේ?

    ReplyDelete
    Replies
    1. 22 ට ජනමත විචාරණයක් ඕන නෑ කියපු ප්‍රීති පද්මන් සුරසේනගේ හොර උසාවියට ගිහින් වැඩක් තියෙනවද?

      Delete
    2. කොන්දක් නැති වේසාවො පඳුරුවලට හැංගිලා ගොන් කතා කිව්වට සබුද්ධික මිනිස්සු එච්චර ගණන් ගන්නේ නෑ. බල්ලො හුලිජ්ජ කරලා යනවා විතරයි.

      Delete
  2. බැදුම්කරයට වඩා අඩුයි ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. බැදුම්කර වංචාව කෝටි 2000යි.
      මේක කෝටි 14000යි.
      2000 ට වඩා 14000 ලොකුයි.

      Delete
  3. ලංකාවේ ගොං රැලට ඕක තේරෙන්න ලයිට් මිලයි තෙල් මිලයි වැඩි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආසයිනේ. ලයිට්බිල තෙල් මිල වැඩිවෙලා ආපහු නාමල්ට එන්න සෙට් වෙනවා නම් 🤣

      Delete
  4. ආරියතිලක

    ගල් අඟුරු පාඩුව විතර ද? උතුරේ ත්‍රස්තවාදී සංවිධාන ප්‍රවර්ධනයට ඉඩ දීම...

    යාපනයේ එල්ටීටීඊයේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු වන තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගවීමෙන් බැහැර විය හැකි ද?


    LTTE දෙමළ කොටි සංවිධානයේ නායකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් වෙනුවෙන්, යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ ඔහුගේ 39 වන අනුස්මරණයට සමගාමීව සැප්තැම්බර් 15 වන දා අලුතින් නිර්මාණය කරන ලද ලෝකඩ පිළිරුවක් විවෘත කර කෙරෙණි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූ තිලීපන් වෙනුවෙන් පිළිරුවක් විවෘත කිරීම ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් බව කිව යුතු ය.

    මෙම තිලීපන්ගේ පිළිරුව විවෘත කිරීමෙන් පසුව ආණ්ඩුව එම පිළිරුව ඉවත් කිරීමට තවමත් ක්‍රියා කොට නැත. මෙහි වගකීම සෘජුව ම ජනාධිපතිවරයා වෙත පැවැරෙන්නේ ය. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ ආරක්ෂාව පැවැරෙන්නේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන, ජනාධිපතිවරයාට බැවිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (ආ) අනුව්‍යවස්ථාව මෙසේ පනවා ඇත්තේ ය.

    “(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.”

    යනුවෙන් පනවා ඇත්තේ ය.

    ජනාධිපතිවරයාට ඇත්තේ තම පුද්ගලික බලයක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් කොටසක් වන විධායකයේ බලය ය. එය ජනතාවගේ විධායක බලය ය. එය ද “රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය” ලෙස ව්‍යවස්ථාපිත ය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැදී යන්නේ ය.

    ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 30(1) ව්‍යවස්ථාව පරිදි රාජ්‍යයේ ද විධායකයේ ද ආණ්ඩුවේ ද සංන්ද්ධ සේවාවන්හි ප්‍රධානයා වන්නේ ය.

    එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා ද වන්නේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.

    ජනාධිපතිවරයාට පැවැරී ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවියෝජනීය සම්බන්ධයක් හා වගකීමකි. මේ වගවීමෙන් ජනාධිපතිවරයාට කිසි ලෙසකින් බැහැර නො විය හැකකේ ය.

    තහනම් ලැයිස්තුගත ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) , යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දීම, එසේ විවෘත කිරීමෙන් පසු එම පිළිරුව ඉවත් කිරීමට කටයුතු නො කිරීම හා එයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක නො කිරීම, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව කිව යුතු ය. ජනාධිපතිවරයා ජනාධිපති ධූරය භාර ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන, දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද මෙයින් උල්ලංඝනය වනවා ඇත.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා වලින් කියවෙන, ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමේ වරදට යටත් වන, දෙමළ ඊලාම් කොටි සංවිධානයේ (එල්ටීටීඊ) යාපනය දේශපාලන ප්‍රධානියකුව සිටි තිලීපන්ගේ පිළිරුවක් විවෘත කිරීමට ඉඩ දී, ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාට පැවැරී ඇති වගකීම ඉටු නො කිරීමෙන් ව්‍යවස්ථාවමය වරදක් කිරීමට භාජනය වන බව කිව යුතු ය. ජතාවගේ පරමාධිපත්‍යයේ බලය මත රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විධායකයේ බලය ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙතින් ආණ්ඩුක්‍රම ව්‍ය්වවස්ථාව උල්ලංඝනය විමක් සිදු වන බව ද කිව යුතු ය.

    ReplyDelete
  5. ඉතිරි කොටස…
    ආරියතිලක

    මෙම වගකීම අන් කිසිවෙකු පිට දමා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට කිසිසේත් ම හැකියාවක් නොමැති බව ද පැහැදිලි ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා;

    ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම

    “157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.


    (2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”

    යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.

    2026 සැප්තැම්බර් 21 දින, BBC Sinhala වෙබ් පිටුවෙහි
    රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් පිළිබඳව දක්වා ඇත්තේ මෙසේ ය.

    “තිලීපන් යනු කවුද?

    යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්, උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය.


    එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.

    අනතුරුව කොටි සංවිධානයේ වගකීම් දරමින් ‍පෙරට පැමිණි තිලීපන් එම සංවිධානයේ ප්‍රචාරක අංශයේ මෙන් ම දේශපාලන අංශයේ වගකිම් දරමින් කටයුතු කර තිබේ.

    ඉන්දියාවෙන් කළ ඉල්ලීම් සහ උපවාසය

    ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය හමුදා යාපන අර්ධද්වීපයේ බලය තහවුරු ගන්නා සමයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් ය.

    එම සමයේදී ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් තිලීපන් විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කරන ලදී:

    සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.

    පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවීම.

    දෙමළ ජනයා වෙසෙන උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්වීම.

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.

    දෙමළ ප්‍රදේශවල පාසල් තුළ කඳවුරු බැඳ සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බලඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබා ගැනීම.

    ඉන්දීය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය ඉල්ලීම් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට සපථ කරමින් 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලූර් කන්දසාමි කෝවිල අසල තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.”

    තව ද, එම ලිපියෙහි,

    “එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැප්. 16 වන දා උපවාසය පැවති ස්ථානයට පැමිණ තිලීපන් හමුවී ඇති අතර සැප්. 17 වන දා නිරාහාරව දුර්වල වෙමින් සිටි තිලීපන් උපවාස භූමියේ රැස්ව සිටි ජනයා අමතා කතා කර තිබේ.”

    “දින 10කට අධික කාලයක් මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්. 26 වන දා උදෑසන මිය ගියේ ය.”
    (උපුටා ගැනීම, BBC Sinhala වෙබ් පිටුවෙනි.)

    ReplyDelete
Previous Post Next Post