විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුළත හෝ පිටත කෙතරම් විරෝධතා දැක්වුවද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරන බවත්, ඉන් අනතුරුව රට තුළ අඛණ්ඩ පරිවර්තන රැසක් ක්‍රියාවට නංවන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ විරෝධතා උපහාසයට ලක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටත් පෙරම විපක්ෂය සිය විරෝධතාවල දින ප්‍රකාශයට පත් කළ බවයි.ඒ තුළින්ම මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඔවුන් කලින්ම දැන සිටි බව පැහැදිලි වන බවද ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සිදුකිරීමට නියමිත හැසිරීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"දැන් මේ සංශෝධනය සම්මත වෙනවා. ඒ අය හන්දිවල මොනවා හරි කරයි. ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළේ කෑගහයි, සභා ගර්භය මැද වාඩිවෙයි, සෙංකෝලය උස්සගෙන යන්න දඟලයි. ඔහොම දඟලලා දඟලලා අන්තිමට මේක තුනෙන් දෙකෙන් සම්මත වෙනවා. පහුවදා ඉඳන් ඒ අයට කරන්න කිසි දෙයක් නෑ."
වත්මන් ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නිකරුණේ නොවන බව අවධාරණය කළ අමාත්‍ය ලාල් කාන්ත මහතා, මෙය සම්මත කර ගැනීමෙන් අනතුරුව රට ඉදිරියට ගෙන යාම සඳහා වන ගැඹුරු පරිවර්තනයන් රැසක් එක දිගටම ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් කියා සිටියේය.
Government Moves Forward with Constitutional Amendments Amid Opposition Protests
The government is taking proactive steps to pass two out of three constitutional amendments despite ongoing protests from the opposition, as revealed by Minister of Agriculture, Livestock, Land and Irrigation, K.D. Lal Kantha. He emphasized that a series of continuous transformations would be implemented across the country following the amendments' approval.
In a pointed remark aimed at the opposition's criticisms, the minister noted that discussions surrounding the amendments had occurred even before the Supreme Court had announced its decision. This suggests that the opposition was fully aware that a public referendum was unnecessary for this process.
Addressing the nature of the opposition's planned actions within Parliament, the minister expressed his perspective. "The amendments will be passed now. They will shout and act out. After that, chaos will ensue within Parliament, but ultimately, this will be approved with a two-thirds majority. From day after tomorrow, they won’t have anything else to say," he stated.
Lal Kantha further highlighted that the current government is not blindly pushing for these constitutional changes. He stressed that once approved, the amendments would pave the way for significant transformations aimed at progressing the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕක නැති හින්දද තරුණ විරැකියාවෙන් කප් එක ගැහැව්වේ.
ReplyDeleteරටේ ඉන්වෙස්ට්මෙන්ට් නැති උනේ
කවුද කියන්නෙ ඉන්වෙස්ට්මෙන්ට් නැහැයි කියල? මට ඔය අගේට තියෙන්නෙ කඩුවෙල ජුසේ මාවතෙන් තට්ටු තුනක සුපිරි ඉන්වෙස්ට්මෙන්ට් එකක්.
Deleteමේක කිවිවේ ලාලා දෙකක් දාලද?
ReplyDeleteආරියතිලක
ReplyDelete22 ආණ්ඩුක්‍රම ව්ය්වස්ථා සංශෝධනය ගැන....
එක්සත් ජාතීන්ගේ සංවිධානය, එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් යන සියලු දෙනාගේ අවධානයට ලක්වීම සුදුසු බව..
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
2026 අගෝස්තු මස 07 වන දින II වන කොටස
අතිරේකය
(2026.08.07 දින නිකුත් කරයි) රජයේ ගැසට් පත්‍රයෙහි පළ කොට ඇති,
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
2. (මෙහි මින්මතු “ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව” යනුවෙන්
සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්යායවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ
(5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ සඳහා පහත දැක්වෙන
අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-
"(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට හත වන අතර,
අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම
ගත යුතු වයස අවුරුදු හැට පහ වන්නේය ය:
එසේ වුව ද, අග්රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය, ඔහු වයස අවුරුදු හැට හතට එළඹෙන දිනය හෝ ඔහු අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට
වසරක හයක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින
දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.”.
යනෙවෙන් ද කෙටුම්පත් කොට ඇත්තේ ය.
මේ 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පෙත්සම් විභාගයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යොමු කළ තීන්දුවෙහි, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා ඇත්තේ ය.
අග්රවිනිශ්චයකාරවරයා ඇතුලු පංච පුග්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මේ පෙත්සම් විභාගය සිදු වීමත් තත් තීන්දුවෙහි විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු තනතුරේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බවත් කතානායකවරයා දන්වා ඇති බැවින් මෙම පනත් කෙටුම් පත සම්බන්ධ පෙත්සම් විභාගයට සම්බන්ධ වූ අනෙක් විනිසුරුවරුන් හට අදාළ වන බව පැහැදිලි ය. එසේ ම දැනට ධූරයේ කටයුතු කරන අන්‍ය සියලු විනිසුරුවරුන් හට අදාළ වේ. හෙවත් අග්රවිනිශ්චයකාරවරයා හැර, පෙත්සම් විභාග කළ අන්‍ය විනිසුරුවරුන් ඇතුලු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා දීර්ඝ වනවා ඇත.
පෙත්සම විභාග කළ, අග්රවිනිශ්චයකාරවරයා හැර, අනෙකුත් විනිසුරුවරුන්ට ද මේ පනත් කෙටුම්පත සම්මත වීම සමඟ ම විශ්‍රාම වයස දීර්ඝ වීමෙන්, විශ්‍රාම ප්‍රතිලාභය ලැබෙනවා ඇත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව ජනමත වවිචාරණයකින් තොරව ⅔ විශේෂ බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශිත ය.
එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි 7 වන හා 8වන වගන්ති වන;
“සියල්ලන් ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප්රකාශනයට පටහැනි ඕනෑ ම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එවැනි අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ට ම හිමි වේ.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
8 වන වගන්තිය;
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී, බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකු ම සතු වේ.”
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 14 වන වගන්තියෙහි 1 වන අනු වගන්තියෙහි පළමුවන් වැකියෙහි
“1. සියලුම පුද්ගලයින් අධිකරණ සහ විනිශ්චය සභා ඉදිරියේ සමාන විය යුතුය.”
“Article 14
1. All persons shall be equal before the courts and tribunals.”
යනුවෙන් දක්වා ඇත්තේ ය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියෙහි 26 වන වගන්තියෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“26 වන වගන්තිය
සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත. මේ සම්බන්ධයෙන්, නීතිය මගින් ඕනෑම වෙනස්කම් කිරීමක් තහනම් කරන අතර ජාතිය, වර්ණය,
ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලනික හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත්
තත්වය වැනි ඕනෑම පදනමක් මත වෙනස්කම් කිරීමට එරෙහිව සියලු පුද්ගලයින්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් සහතික කෙරේ.”
(“Article 26
All persons are equal before the law and are entitled without any discrimination to the equal
protection of the law. In this respect, the law shall prohibit any discrimination and guarantee to all persons equal and effective protection against discrimination on any ground such as race, colour,
sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other
status.”)
මේ සියල්ල ගත් කළ,
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 49 වන වගන්තියෙහි (1)වන අනු වගන්තියෙහි;
“ විනිශ්චයකාරවරයා පාර්ශවකරුවකරුවකු වන අවස්ථාවක නඩු විභාග කිරීම සඳහා විධිවිධාන;
49(1) යම් විනිශ්චයකාරවරයකු පාර්ශවකරුවකු වන හෝ ඔහු පෞද්ගලික සම්බන්ධතාවයක් දක්වන නඩුවක, අපරාධ නඩුවක, නඩු කටයුත්තක හෝ කාරණයක පාර්ශවකරුවන් දෙදෙනාගේ ම කැමැත්ත ඇතිව මිස, ඒ නඩුව අපරාධ නඩුව, නඩු කටයුත්ත හෝ කාරණය පිළිබඳව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඒ විනිශ්චයකාරවරයාට බලය නොතිබිය යුතු අතර කිසි ම අවස්ථාවක එසේ අධිකරණ බලය ක්‍රියාත්මක් කරන ලෙස ඒ විනිශ්චයකාරවරයාට බල කිරීම ද කරනු නොලැබිය යුතු ය.”
යන වගන්තිය සමඟ එක්සත් ජාතින්ගේ මිනිස් අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප්රකාශනය හා සිවිල් හා දේශපාලන පිළිබඳ අන්තර්ජාතීක සම්මුතියෙහි ප්රඥප්ති අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අනාගතයේ යුක්තිය පසිඳලීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ භාවය කෙසේ සැළසෙන්නේ ද යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා, මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරයා, ඇතුලු සැමගේ අවධානය යොමු වීම ඇවැසි බව අපගේ අදහස ය.