මෙරට භාවිත වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618 අතුරින් ඖෂධ වර්ග 33 ක හිඟයක් මේ වන විට පැවතිය ද, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 13 ම හිඟයකින් තොරව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රෝහල්වල දෛනික ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ වර්ග 886 කින් යුත් විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වා දී ඇති බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
අත්‍යවශ්‍ය ඖෂධ ලෙස වර්ගීකරණය කර ඇති ඖෂධ වර්ග 618 න් වර්ග 585 ක්ම මේ වන විටත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන සතුව පවතින බව පැවසූ අමාත්‍යවරයා, හිඟව පවතින සෙසු ඖෂධවල බලපෑම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ඖෂධ මිලදී ගැනීමට රජය අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පැහැදිලි කළේය.
පවතින ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට රජය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් සහතික විය.
Health Minister Reports Shortage of 33 Essential Medicines in Sri Lanka
In a critical update regarding the country's healthcare situation, Health Minister Nalinda Jayatissa disclosed in Parliament that Sri Lanka is currently experiencing a shortage of 33 essential medicines out of the 618 varieties in use. Notably, 13 types of life-saving drugs remain available without any shortages.
This information was shared in response to a question posed by Member of Parliament S.M. Marikkar of the Samagi Jana Balawegaya.
The Minister further emphasized that to ensure uninterrupted daily treatment at hospitals, the Health Ministry has introduced a special priority list comprising 886 types of medicines.
With 585 out of the 618 classified essential medicines presently in stock at hospitals and health institutions, the Minister clarified that the government has allocated necessary funding to minimize the impact of shortages by purchasing medicines locally.
Confirming the government's commitment, the Health Minister assured Parliament that all necessary steps are being taken to resolve the existing medicine shortages swiftly.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අවුලක් නෑ බුවා .. උඹ අර ගමෙන් ගෙනල්ල මිනිස්ට්‍රියේ තියාගෙන ඉන කෙල්ලට ගහපන්.. උඹ උඹේ සැප ගනින් නලියා .. උඹේ බොසා කොටලු කොටා ගෙදරට නර්ස් එන වැඩක් හෙමිට යටින් හදාගෙන යන්නේ.. තොපිට චන්දෙ දුන්න මේ රටේ ගොන් රැලට මෙහෙම වෙලා මදි
ReplyDeleteapi harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...um...beeeee
Deleteදැනුවත් කලාට ස්තුතියි අපි මොනවා හරි කරන්නම් ඇමති තුමා
ReplyDeleteapi harak hutto......🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...um...beeeee
ReplyDelete1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම දරුණු සංහාරයට වසර 36ක් ගතවන මේ මොහොතේත්, වින්දිතයන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයන් එකහෙළා ඉල්ලා සිටින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ අහිමි කර ඇති යුක්තියයි.
ReplyDeleteසත්තුරුකොණ්ඩන්, පනිච්චෙයියඩි, පිල්ලයාරඩි සහ කොකුවිල් යන ගම්මාන වටලා, හමුදා කඳවුර වෙත රැගෙන එන ලද දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු (සමහර වාර්තා අනුව 186 දෙනෙකු) අමු අමුවේ ඝාතනය කර පුලුස්සා දමන ලදී. මරා දැමුණු පිරිස අතර වයස අවුරුදු 1ට අඩු බිළිඳුන් 5 දෙනෙකු සහ අවුරුදු 10ට අඩු දරුවන් 42 දෙනෙකු සිටි බව ද සඳහන් වෙයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් මෙම සමූලඝාතනයට වගකිවයුතු ප්‍රධාන වැරදිකරුවන් නිවැරදිව හඳුනා ගත් බව වාර්තා වුවද, වසර 36ක් පුරා මෙතෙක් කිසිදු සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීමක්, දඬුවම් පැමිණවීමක් හෝ වින්දිත පවුල් සඳහා අවම වශයෙන් වන්දියක්වත් ලබා දී නොමැත.(ඔවුන් අද ද වන්දි ලබා ගැනීමට වඩා ඉල්ලා සිටින්නේ යුක්තිය යි! ඒ බව තවමත් ශ්‍රී ලංකාව තුළ කිසිදු බළධාරියෙක් අවබෝධ කර ගෙන නැත.
මෙම තත්ත්වය තුළින් යළි යළිත් සනාථ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන ඇති ‘දඬුවම් නොලැබීමේ සංස්කෘතිය’ (Culture of Impunity) සහ දේශීය වගවීමේ යාන්ත්‍රණයන් කෙරෙහි පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.