බිලියන 41ක ඉන්ධන සහනාධාරයක් දෙනවා..- ජනපති ගම්පහ ජන රැුලියේදී

 


ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන ඉදිරි මාස තුන ආවරණය වන පරිදි ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය නායකයා පෙන්වා දෙයි.

"අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි" යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කෙරුණු මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එම රැලිය අද (27) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යෝජිත ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.





Government Announces Special Fuel Subsidy for October, November, and December

In a notable development, President Anura Kumara Dissanayake has announced that the government plans to provide a special fuel subsidy for the public, covering the months of October, November, and December.

The state leader disclosed that an allocation of 4.1 billion rupees has been set aside for this relief initiative.

Speaking at a public rally in Gampaha today (27th) under the theme "Our Government, Two Years - A Blessing for the Country," the president emphasized the government's commitment to support the citizens during these challenging times.

He further noted that the relevant cabinet paper for the proposed fuel subsidy is set to be presented to the Cabinet shortly.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ජනාධිපති තුමනි ඔය සියලු දේට කලින් පාස්කුව පිටිපස්සේ හිටපු කාදිනල් කාරයා වතිකානුවට පනින්නට ගහපු ගේමට දඬුවම් දීලා ඉන්න. කිසිදු කතෝලික පූජක වරයකු තුවාල නොවුනේ කාදිනල් දීපු උපදෙස් නිසා බව ප්‍රසිද්ධ කාරණයක්

    ReplyDelete
    Replies
    1. හරියටහරි. මූ රාජපක්ශ ලට විතරයි නීතිය කතා කරන්නෙ. පුස් ඌරා

      Delete
    2. පාස්කුව පිටිපස්සේ කාදිනල් කාරයා hitiyai kiyala kawuru hari naduwak dala thiyada???

      Delete
    3. නඩු දාන්න ඔන්න නෑ. හර්ද සාක්ශිය දන්නවා කොච්චර පව් සමා කරත් පව පව මයි.

      Delete
  2. යකෝ මුගේ පච අහ අහ අත්පුඩි ගහන්නත් කට්ටිය තාම ඉන්නවනෙ😂😂

    ReplyDelete
    Replies
    1. othana inneth baiyoma thamai ban, ekane namal 2.50% watune

      Delete
  3. අපි හිගන්නො නෙවෙයි උබලා වාගෙ... එනිසා අපිට සහනාධාර එපා... ගල් අගුරු වංචාව නිසා අපිට උන තෙල් වැඩි වීම උන්ගෙන් ගනින් හොදේ

    ReplyDelete
  4. එක්සත් ජාතීන්ගේ සැසි වාරෙට යන්නෙ නැතුව අබිලින් වගේ හන්දියක් හන්දියක් ගානෙ පච බෙදාහරිනවා. ජාත්‍යන්තර සම්බන්දතා 0

    ReplyDelete
Previous Post Next Post