තෙල් මිල වැඩි නොවුනොත් සමාගම් තෙල් ගේන එකක් නෑ.. එතකොට රජයට විතරක් රටටම තෙල් සපයන්න බෑ..


ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනයෙන් ඉවත් වුවහොත්, එම සමස්ත සැපයුම තනිව ප්‍රතිස්ථාපනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ඉන්ධන වෙළෙඳපොළ තුළ බෙදාහැරීමේ කටයුතු සමාගම් කිහිපයක් අතර බෙදී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාම මත ලාභ නොලබන තත්ත්වයක් තුළ එම සමාගම් ඉන්ධන ගෙන්වීම නතර කළහොත් රට තුළ ක්ෂණික හිඟයක් මතුවිය හැකි බව පැහැදිලි කළේය.

එවැනි තත්ත්වයකදී සම්පූර්ණ සැපයුම තනිව ආවරණය කිරීමට තෙල් සංස්ථාවට පමණක් නොහැකි බව හෙතෙම කියා සිටියේය.

රජයේ ප්‍රමුඛතම වගකීම හා ඉලක්කය වන්නේ කුමන තත්ත්වයක් යටතේ වුවද රට තුළ අඛණ්ඩ ඉන්ධන සහ විදුලි සැපයුමක් සහතික කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දින දෙක තුනකින් හෝ සැපයුම බිඳවැටුණහොත් ආර්ථිකයට සිදුවන බලපෑම අතිවිශාල බවත්, එලෙස කඩා වැටෙන ආර්ථිකයක් යළි නඟාසිටුවීම අතිශය දුෂ්කර බවත් සඳහන් කළේය.

එබැවින්, අඛණ්ඩ සැපයුම ආරක්ෂා කරගැනීම උදෙසා පෞද්ගලික සමාගම්වලට ද සිය ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යාමට හැකි වන පරිදි මිල තීරණය කිරීමේදී යම් සාධාරණ කොටසක් හිමිවීම අත්‍යවශ්‍ය සාධකයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Concerns Rise Over Fuel Supply Amidst Global Price Surge

The escalating oil prices in the global market have raised significant concerns regarding the fuel supply situation in Sri Lanka. Minister of Power and Energy, Dr. Nalinda Jayatissa, emphasized that the Lanka Mineral Oil Company lacks the capacity to independently restore the entire supply if private distributors choose to withdraw from fuel imports.

This alarming situation was highlighted during a media briefing conducted by the Government Information Department, where Dr. Jayatissa responded to queries from journalists regarding the ongoing fuel distribution dynamics in the country.

Dr. Jayatissa pointed out that several companies currently operate within Sri Lanka's fuel market. He warned that should these companies halt imports in response to rising international prices without adequate profit margins, an immediate shortage could ensue.

He made it clear that the Lanka Mineral Oil Company cannot single-handedly cover the total supply in such an event.

The Minister underscored that the government's primary responsibility is to ensure an uninterrupted fuel and electricity supply under any circumstances. He highlighted that if the supply were to collapse even for two or three days, the impact on the economy would be catastrophic, making it exceedingly difficult to revive a faltering economy.

To mitigate such risks, Dr. Jayatissa called for private companies to receive a fair share during price-setting decisions, enabling them to maintain their operational capabilities and contribute to safeguarding an uninterrupted supply.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ඉතින් නලින්දයෝ, උඹලට තවම ඕක දැනුනේ නැහැ.
    ගෝඨා මාස 6ක් රට වැහුවා. තෙල් බැරල් එකක මිල ඩොලර් 146ට ගියා.
    උඹලා දවස් 3ක් වහන්න බයේ ඉන්නවා. ඒ මිනිහට කොහොම පීඩනයක් දැනෙන්න ඇද්ද.
    ඒ අස්සේ තොපි ගුරුවරුන්ට පඩි වැඩි කරලා ඉල්ලුවා.

    ReplyDelete
    Replies
    1. ඒ අස්සෙත් ගෝටා තෙල් දුන්නේ සිපෙට්කෝ එකයි, IOC එකයි විතරක් තියාගෙන.

      Delete
    2. ගුරුවරු කියන මරි මෝඩ කාලකන්නි තමයි ස්ටාලින් ඩොලර් කාක්කාගෙ උගුලෙ හිරවෙලා ගෝටබය❤මැතිතුමා එලවන්න පාරට බැස්සෙ දරුවොත් වඩාගෙන. දැන් උන්ගෙ දරුවොන්ටත් අනාගතයක් නැති වුනා. මහ මග දරුවො ලමයි කාන්තාවෝ වෙඩි කාලා මැරෙනවා.

      Delete
    3. gotage gon kam kiyanna epa

      LRT kawa, badu sahana denna gihilla rim eken giye anthimata

      Delete
    4. ගෝඨා රට වහල,  වෙලාවට ඉන්ජෙක්ෂන් එක ගෙන්නල දීල, කෝවිඩ් ලෙඩ්ඩු හොය, හොයා අරන් ගිහින්ල ප්‍රතිකාර කරවල, සහන මිලට
      වියලි ආධාරත් දීල, අඩු ආදායම් පවුල් වලට අතට ගානකුත් දීල, ඉතා කෙටිකාලකින් වසංගතය මර්දනය කෙරුවෙ නැත්නම් ඒ දවස්වල 
      මැරුන ගානට වැඩිය දහපහලොස් ගානකින් සෙනග මැරෙනව. කෝවිඩ් කාලෙ නලින්දයා එහෙම සෞඛ්‍ය ඇමතිවෙලා හිටියනම් ලෙඩ්ඩුන්ට 
      දෙයියන්ගෙම පිහිටයි.

      Delete
    5. එකඟයි, දැනටම ඩෙංගු රෝගීන් ලක්ෂෙ පැනල.

      Delete
  2. කමක් නෑ ඉතින්. හෝදන්න ඩෝබිලා ඉන්නවනේ.
    කොච්චර වැඩි උනත්, ඩෝබිලා බැහැගෙන හෝදනවා.

    ReplyDelete
  3. ඒ කලේ තොපි කරපු දේවල් වල විපාක තමය් දැන් ගෙවන්නවෙලා තියෙන්නේ
    තව එදිරියට තොපිටට හැංගෙන්න වෙන්නේ

    ReplyDelete
  4. ඒවා අපිට අදාල නෑ. තෙල් ගෙන්ත් පරණ ගානට දීපන්.

    ReplyDelete
  5. නකදී පුසී,.!September 30, 2026 at 1:10 AM



    ඇමරිකාවට පුකදෙන ජංගිඅඳින පොන්නයන් පස්යටකර දමා ,..
    නිවැරදි තීන්දු තීරන නෙගතහොත් ,..
    අනුර ටිල්වින් ලාල්කාන් ඇතුළු ආන්ඩුව ඇමරිකාවට පුකදී නසී,.!

    රැසියාවෙන් තෙල් ගනිං හුත්තෝ,.!

    ReplyDelete
  6. එක පෑන් පාරින් කරන්න ආපු එකා පුස් ඌරා වගේ මහත් වෙලා නම් තියෙනවා.

    ReplyDelete
  7. APITA PANDA ?

    UBALAGE EKALE THEORIYA DAN DAPALLA

    ReplyDelete
  8. රජයක් ඕනද ඉතින් ? AKD

    ReplyDelete
Previous Post Next Post