දළදා කරඬු මාරුව ගැන පුරාවිද්‍යාවෙන් සොයයි... මහ නාහිමිවරුන්ගෙනුත් විමසයි..


ජයසූරිය උඩුකුඹුර

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මාරු කිරීම සිදුව ඇති ආකාරය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සේන වික්‍රමසිංහ විසින් (18 වැනිදා) නිරීක්ෂණය කළේය. 

එහිදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නිරුපද්‍රිතව වැඩවාසය කරන බවත්, දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කරඬුවට හෝ පරිවාර කරඬුවලට කිසිදු හානියක් සිදුව නැති බවත් දියවඩන නිලමේවරයා මෙහිදී ඔහුට පෙන්වා දී තිබේ. 

දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින කරඬුව ඇතුළු පරිවාර කරඬුවල ආරක්ෂාවට යොදාගෙන තිබූ දෙවැනි විමලධර්මසූරිය රජු විසින් කරවන ලදැයි කියන රන් ආලේපිත කරඬුව ද ඉතා සුරක්ෂිතව ඇති බව මෙහිදී පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිරීක්ෂණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් අප කළ විමසුමකදී ඔහු පෙන්වා දුන්නේ නීතිරීති හා අතීත සම්ප්‍රදායන් කෙරෙහි අවධානය යොමු කර මල්වතු හා අස්ගිරි මහ විහාරවල මහනාහිමිවරු හා දියවඩන නිලමේ සිදුකර ඇති කරඬුව මාරු කිරීම ගැන තවදුරටත් සොයා බලා කටයුතු කරන බවය.

මෙම නිරීක්ෂණයට පුරාවිද්‍යා කොමසාරිස් සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද එක්ව සිටි අතර ඔවුන් මල්වතු අස්ගිරි මහනාහිමිවරු ද බැහැ දැක මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

Aruna





Archaeological Commissioner Inspects Tooth Relic Chamber Alterations

On the 18th, General Archaeological Commissioner Sena Vikramasinghe conducted an inspection at the Sri Dalada Maligawa, focusing on alterations made to the chamber housing the sacred Tooth Relic.

During the visit, it was confirmed that the Tooth Relic was being showcased safely and that no damage had occurred to the chamber or its surrounding areas. The Diyawadana Nilame took the opportunity to demonstrate the secure handling of the sacred relic's environment.

Vikramasinghe observed that the gold leaf-covered chamber, constructed under the reign of King Wimala Dharma Surya II, remains exceptionally well-preserved and secure. His findings were reassuring, reflecting the combined efforts to maintain the relic's sanctity.

In response to inquiries regarding this delicate matter, the Archaeological Commissioner highlighted their ongoing commitment to uphold legal standards and traditional practices. He expressed intentions to further investigate the changes made to the chamber with the guidance of high-ranking monks from the Malwathu and Asgiri chapters of the Buddhist clergy.

In a collaborative spirit, the Archaeological Commissioner was accompanied by the Commissioner of Buddhist Affairs, as they engaged in discussions with the senior monks from the Malwathu and Asgiri sects regarding the modifications made and the significance of preserving such cultural heritage.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. හිනිදුම නිගන්ටයා හා ලප කොටා එක්ව කල දේවල් වහන්නද කොඓ්ද හදන්නේ. සිරීපාදේ පැරණි ගන්ටාරය හා රුවන්ල්වැලිසෑයේ කොත දක්නට අදත් ඇත. නමුත් දන්ථදාතුවට කල දෙයක් නැත.

    ReplyDelete
  2. දිලිත් සලේ ගැන කියවන්න ගිහිල්ල අදිකරණයට අපහස කල කියල අත්අඩංගුවට ගන්නවා කියපු දවසේ ඉඳල මිනිහව හොයාගන්නවත් නැහැ....මිනිහ කෝ දැන්...ලංකාවේ ඉන්නවද...නැතිනම් ගෑනිගේ ගවුම පිටිපස්සේ හන්ගිලද?

    ReplyDelete
  3. පරණ කරඩුව පුන්චමගේ ගෙදරලු

    ReplyDelete
  4. මේවා හරිම අහිංසක වැඩ විදියට අඟවා ගෙන කළා මේවා බෞද්ධයන්ට ආදරේට කරන ඒවා නෙමෙයි

    මීට කලින් යහපාන ආණ්ඩුව කාලේ හිරු කාරයා රුවන්වැලිසෑයේ විකිරණ සෙල්ලමක් කලා - මම හිතන්නේ, ඒක කළේ, රුවන්වැලිසෑයේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක හොයන්න - ඒ විස්තර බටහිර ඔත්තුසේවා අතට පත් වෙන්න ඇති

    දැන් මාළිමා ආණ්ඩුව කාලේ දළදා කරඬුව මාරු කරනවා - ඒ දළදා කරඬුව ඇතුලේ තියෙන දේ බලන්න. බැලුවා විතරද, නැතිනම්, තවත් දේවලුත් වුනාද කියන්න අපි දන්නේ නෑ

    මේවා එකක්වත් බෞද්ධයන්ට ආදරේට කරනවා නෙමෙයි

    මේවා බටහිර න්‍යායපත්‍රවලට අනුව සිද්ධ වෙන දේවල්

    ReplyDelete
  5. මොකක්හරි ලොකු සීන් එකක් යනවා වගේ. ඔය මහත්තයා ඉෂාර නානායක්කාරගේ සමාගම්වලත් තනතුරු දරන කෙනෙක්.

    ReplyDelete
  6. Me mahanayako kiyana hamduwan mona magulak kerenewa mu nidi da isselam muna gahala elwanne siruwa dan rata kanawa

    ReplyDelete
  7. ඒ මොනවා උනත් මේකට එකහෙලා වගකියන්න ඕනේ කාදිනල්.
    ...... කියලා කියන්න එකෙක් නැද්ද ?

    ReplyDelete
Previous Post Next Post