කොලඹ හතේ ඉඩමකට හොර ඔප්පු හදලා.. ඩිලන්ත මාලගමුවට එරෙහි විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි...


 කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි වටිනා ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුට විදේශ ගමන් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඩිලන්ත මාලගමුවට අමතරව ශාන්ත විතාන ගමගේ, දේවමුණි අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයන්ට මෙලෙස විදෙස් ගමන් තහනම් ඉල්ලා තිබින.

අදාළ ඉඩම ව්‍යාජ ලෙස පවරාගෙන විකිණීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ හරහා ලැබුණු මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් විමර්ශන මගහැර විදේශගත වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර තහනම් කරන ලෙස පොලිසිය මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම මූල්‍ය වංචාවට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අඛණ්ඩව සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පළමුව අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස දැන්වීය.





Colombo Magistrate Denies Request to Impose Travel Ban on Notorious Figures in Property Fraud Case

In a significant development regarding a high-profile property fraud case in Colombo 07, the request to impose a travel ban on four individuals, including renowned motor racing personality Dilanth Malagamuwa, has been denied by the Additional Magistrate of Colombo. This case involves the fraudulent preparation and sale of a valuable property located on Bans Peedesa.

Alongside Malagamuwa, others targeted by the request include individuals identified as Shantha Vithana, Devamuni Amarasinghe, and Saman Jayawardena. The Criminal Investigation Department informed the court that inquiries are underway regarding a conspiracy to illegally acquire and sell the property, as well as the misuse of funds obtained through these actions.

The police emphasized the necessity of restricting the travel of the suspects, citing a risk that they might flee the country to evade the ongoing investigation. The request for a travel ban arose due to concerns about the suspects potentially escaping prosecution.

Moreover, authorities indicated that additional statements from several other individuals connected to this financial fraud are expected to be gathered, as a comprehensive investigation into the matter continues. The police underscored their commitment to thoroughly examining all aspects of the case.

Considering the presented facts, the Magistrate instructed that the implicated individuals be formally designated as suspects in this ongoing investigation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. මතකද ගානියා බැරිස්ටර් නාඩගම? ගෝඨාභය ජනාධිපති වෙච්ච ගමන්ම ආපු එක?
    අන්න ඒ නාට්ටියේ ගානියා බැරිස්ටර්ගේ අප්පා ඩිලන්තව බොරු ඉඩම් නඩුවකට පටලවාගන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා.
    දැන් ආන්ඩුවේ ඉන්නේ ගානියා බැරිස්ටර් නාට්‍යයේ පිටපත ලියපු එවුන් නිසා ඩිලන්තගෙන් පලි ගන්න වෙනම ගේමක් ගහනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් (Ganiya Bannister Francis) යනු කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික නිලධාරිනියකි. ඇය 2019 වසරේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් "ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධිය" හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූවාය.
      මෙම සිදුවීමට අදාළ ප්‍රධාන තොරතුරු පහත පරිදි වේ:
      1. චෝදනාව: 2019 නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් තමන්ව පැහැරගෙන ගොස්, ගිනිඅවි පෙන්වා තර්ජනය කර ලිංගික අතවර කළ බවට ඇය ප්‍රකාශ කළාය. විදේශගත වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පිළිබඳව එහිදී තමන්ගෙන් ප්‍රශ්න කළ බව ඇය තානාපති කාර්යාලයට දන්වා තිබුණි.
      2. අසත්‍ය පැමිණිල්ලක් වීම: ශ්‍රී ලංකා රජය සහ CID ආයතනය විසින් සිදුකළ දීර්ඝ විමර්ශන සහ CCTV දර්ශන මඟින් මෙම පැහැරගැනීමේ කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත්, රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ගෙතූ එකක් බවත් තහවුරු විය.
      3. රජයට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඇයට විරුද්ධව නඩු පවරන ලදී. 2023 ජූලි මාසයේදී Daily Mirror පුවත්පත වාර්තා කළ පරිදි, ඇය තමන්ගේ වරද පිළිගැනීමෙන් පසු අධිකරණය විසින් ඇයට වසර 5කට අත්හිටවූ වසර 2ක සිරදඬුවමක් නියම කළේය. මීට අමතරව රුපියල් මිලියන 2ක වන්දි මුදලක් සහ රුපියල් 5,000ක දඩයක් ද නියම විය.

      Delete
  2. ඩිලන්ත කියන්නේ රටට ගෞරවයක් අරගෙන දීපු නිර්දෝශී මනුස්සයෙක්. මොකක් හරි කාලකන්නි සතෙක් ඇදපු ගේමක් බව හොඳට තේරෙනවා. මේ මනුස්සයා වෙන රටකට තරඟ කරා නම් කොලඹ 7න් ඉඩම් 30ක් විතර ගන්න තිබුනා. ඒව නැතුව යුරෝපා රටක PR අරගෙන ඩොලර් මිලියන 3,4ක ගෙයක් අරගෙන ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ඉරිසියාකාරයන්ගෙන් බේරිලා ඉන්න හරිම අමාරුයි පුතා.
      ළඟින්ම ඉන්න අයගෙන් බොහොම පරිස්සම් වෙන්න ඕන.

      Delete
  3. විදෙස් ගමන් තහනම් කරොත් මේ මනුස්සය තරඟ වලට සෙල්ලම් කරන්නෙ කොහොමද? ආන්ඩුවේ කාලකන්නි රටට කීර්තියක් ගේන හැම එකා එක්කම පුදුම ඉරිසියාවක් තියෙන්නෙ. අමන පාහර ඡන්ද දායකයො රටක ඉන්න එක නම් සාපයක්.

    ReplyDelete
    Replies
    1. චෝදනාව දාපු එකයි විනිසුරාවයි යවන්න තියෙන්නෙ රේස් පදින්න.

      Delete
Previous Post Next Post