උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඩීසල් බෙදාහැරීම උපරිම ලෙස සීමා කර ඇති බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඩීසල් හිඟය හේතුවෙන් විශේෂයෙන්ම එම ප්රදේශවල ගොවි සහ ධීවර ජනතාවට සිය දෛනික ජීවනෝපාය සහ කර්මාන්ත කරගෙන යාමට නොහැකිව දැඩි පීඩාවකට මුහුණ පා සිටින බව එම සංගමය පෙන්වා දෙයි.
අදාළ පෞද්ගලික සමාගම් මඟින් මෙම පළාත් වෙත ඩීසල් තොග නිකුත් කරනු ලබන්නේ සතියකට එක්වරක් හෝ දෙවරක් පමණක් වීම මෙම අර්බුදය තීව්ර වීමට ප්රධාන හේතුව වී ඇත.
මේ වන විට LIOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 275ක්, Sinopec සමාගමට අයත් පිරවුම්හල් 150ක් සහ RM Parks සමාගමට අයත් පිරවුම්හල් 100ක් ඇතුළුව ඉන්ධන පිරවුම්හල් 500කට අධික සංඛ්යාවක ඩීසල් බෙදාහැරීම සීමා කර තිබේ.
මෙම සමාගම් ත්රිත්වය හරහා ඉන්ධන නිකුත් කිරීම සියයට පනහකින් (50%) පමණ පහත වැටී ඇති අතර, මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500කට ආසන්න සංඛ්යාවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවනු ඇතැයි ද බෙදුම්කරුවෝ අනතුරු අඟවති.
ගොඩබෑමේ පිරිවැයට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස අදාළ පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීම් කර සති දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, රජය මෙතෙක් ඊට කිසිදු නිසි ප්රතිචාරයක් දක්වා නොමැත.
ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා බලශක්ති අමාත්යාංශයෙන් වේලාවක් ඉල්ලා ලිඛිතව දැනුම් දුන්න ද ඊට ද මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Severe Diesel Shortage Strikes Northern and Eastern Sri Lanka
Private fuel distributors have sharply limited diesel distribution in the Northern, Eastern, and North-Central provinces, leaving local residents grappling with significant hardships, according to the Oil Distributors Association. The severe shortage of diesel is causing particular distress among farmers and fishermen in these regions, making it increasingly difficult for them to sustain their daily livelihoods.
The crux of the crisis lies in the fact that these companies are only dispatching diesel once or twice a week to the affected areas, exacerbating the situation. Currently, over 500 fuel stations, including 275 operated by LIOC, 150 by Sinopec, and 100 by RM Parks, have restricted diesel availability.
Fuel distribution through these three companies has plummeted by approximately 50%, and should this trend continue, there are warnings that around 500 private fuel stations may be forced to shut down entirely. The distributors emphasize the urgency of resolving this situation to prevent further economic fallout.
For over two weeks, these private companies have been pressing the government to adjust fuel prices in relation to the rising cost of transportation, but there has been no substantial response from the authorities thus far.
Furthermore, although the Ministry of Power and Energy was formally notified in writing to seek a discussion to resolve the crisis, no adequate response has been received, according to representatives of the distributors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ රට දැන් ආන්ඩු කරන්නෙ වියරු වැටුන පිස්සු බල්ලො ටිකක්.
ReplyDelete