මස්කෙළියේ විශාල නායයෑමක්...


මස්කෙළිය ‍පොලිස්වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගිලික වතුයායේ විශාල කොටසක් නායයැම හේතුවෙන් එම නායයෑමට ඉහළින් වූ වතු නිවාස පෙළක පදිංචි පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු පාලන අධිකාරියට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් පුෂ්පකුමාර මහතා පැවසිය.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ එම වතුයාය පිහිටි ප්‍ර දේශයට (20) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තේ වත්තේ විශාල කොටසක් එම වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගයද සමග නාය ගොස් ඇත.

නායයෑමෙන් මාර්ගය අවහිර වීම නිසා එම වතුයායට පිවිසීමට වෙනත් මාර්ගයක් නොමැති වීම හමුවේ එම වතුයායේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය වෙත දැනුම් දුන් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ

8 Comments

  1. දිලිත් ජයවිරගෙන් අහමු වියවසයකත්වයෙන් රට නාය යන ක්‍රමය නවත්තන හිටි...පොර ලොකු ටෝක්ස් එකෙක් දෙවි කිසිම තේරුමක් නැති ගොන් උදාහරණ ටිකකුත් එක්ක

    ReplyDelete
    Replies
    1. දිලිත් මැතිතුමා රෙනෝ මැතිතුමා කන්න නැති අයට බත් කටක් හරි දෙන දෙවිවරු ආපදා වෙලාවලදි. කක්කුස්සි පචය වගේ නෙවෙයි.

      Delete
    2. දම්මික පෙරේරා කියුවේ මිනිස්සු මුරුංග කෑල්ල අඟල් දෙකට කපලා කන්නේ...අයි එක අඟලට කපල කන්න බැරි එතකොට මුරුන්ගත් සල්ලිත් ඉතුරුවෙනවනේ...කියල මාර වියවසයකත්ව ටෝක්ස් එකක් දුන්නේ...හප්පේ...මුන්ගේ ටෝක්ස් අහල දැන් අපි කොර්ටි ප්‍රකොටිපතියෝ වෙලා ඉන්නේ...

      Delete
    3. Dammika Perera Advice

      https://www.youtube.com/shorts/kSCB9MNySu0

      Delete
    4. "mole kachalda"

      kachalTV යුටුබ් චානක් එක බලන්න සබ්ස්ක්රිබ් කරන්න ෂෙයාර් කරන්න කොමෙන්ටුවක් දමන්න....අපිටත් උදවු කරන්න...අපිට උදවු කරා කියන්නේ කන්කාවට ඩොලර් එනවා කියන එක...එතකොට ලංකාවේ මිනිස්සු සුකිත මුදිත වෙනවලු

      https://www.youtube.com/channel/UCtxX3vvoMbErhJEXV5aWFSg

      Delete
  2. ලප සාපෙ

    ReplyDelete
    Replies
    1. Sape wadila thiyenne horunta ..Sakkiliyonta...Eka thama attha🤣🤣🤣🤣🤣

      Delete
Previous Post Next Post