බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට..


 බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 74 ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම නිවසේ සිටියදී පිස්තෝල අවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.





Gun Attack in Boralesgamuwa Claims Life of 74-Year-Old

Authorities in Boralesgamuwa have launched an investigation following a fatal shooting that occurred at a residence on Malani Bulathsinghala Mawatha. The police responded to reports of the incident, which left one individual dead.

The victim, a 74-year-old resident of the Boralesgamuwa area, was reportedly shot at home by two unidentified assailants who arrived on a motorcycle.

Initial inquiries suggest that a firearm was used during the attack, after which the perpetrators fled the scene.

The Boralesgamuwa police are continuing their investigations in an effort to apprehend the suspects responsible for this shocking crime.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post