පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්...


 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර Chester-le-Street හිදී පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක හැරී බෲක් පන්දු 69කින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 67ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. මීට අමතරව ජෝ රූට් ලකුණු 44ක්, බෙන් ඩකට් ලකුණු 32ක් සහ ජොස් බට්ලර් ලකුණු 31ක් රැස් කළහ. ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ විල් ජැක්ස් පන්දු 47කින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් එංගලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

පන්දු යැවීමේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පා දඟපන්දු යවන ක්‍රීඩක සචිඳු කොළඹගේ කැපී පෙනෙන දස්කම් දක්වමින් ජෝ රූට් සහ ජොස් බට්ලර්ගේ කඩුලු ඇතුළුව ලකුණු 44කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද ලකුණු 53කට කඩුලු 3ක් බිඳහෙලීය.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් වූ පැතුම් නිස්සංක ලකුණු 27ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් රැස් කරමින් යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ කළද, මැදපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පසුපෙළින් පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දු 36කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 45ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, සෙසු පිතිකරුවන්ගේ සහයක් නොලැබීමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 176කට සීමා විය.

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් අතිවිශිෂ්ට දස්කම් දැක්වූ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාලමින් ශ්‍රී ලංකා පසුපෙළ සුනුවිසුනු කර දැමූ අතර, ජේමී ඕවර්ටන් ලකුණු 21කට කඩුලු 2ක් දවාගත්තේය.

පිත්තෙන් නොදැවී ලකුණු 46ක් ලබාගෙන පන්දුවෙන් ලකුණු 22කට කඩුලු 5ක් දවාලමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ විල් ජැක්ස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියි.





England Claims Victory Over Sri Lanka in First ODI by 89 Runs

In a compelling display of cricket, the England team triumphed over Sri Lanka by 89 runs during the first One Day International match held at Chester-le-Street. This victory sets the tone for the three-match series.

Batting first after winning the coin toss, England set a formidable target, scoring 265 runs before losing all their wickets in 48 overs. Captain Harry Brook led the charge with a solid performance, smashing 67 runs off 69 balls, including seven fours. Notably, Joe Root contributed 44 runs, while Ben Duckett and Jos Buttler added 32 and 31 runs respectively. Wil Jacks also played a pivotal role, finishing unbeaten on 46 runs off 47 balls, bolstering England's total at the end of their innings.

On the bowling front, Sri Lanka's fast bowler Sachin Colombage shined in his international ODI debut, claiming three wickets for 44 runs, which included the scalps of Joe Root and Jos Buttler. Fast bowler Asitha Pranayakkara also made an impact, taking three wickets for 53 runs.

Chasing a target of 266 runs, Sri Lanka struggled and was all out for just 176 runs in 37 overs. Openers Pathum Nissanka and captain Kusal Mendis provided a brief sense of stability with scores of 27 and 42 runs, respectively, but the middle-order batsmen found it difficult against the English bowlers.

A promising knock from Dhananjaya de Silva, who scored 45 runs off 36 balls with two sixes and five fours, couldn't save Sri Lanka from collapsing, as they were restricted to a total of 176 runs.

England's Wil Jacks emerged as the standout bowler, claiming five wickets for 22 runs, dismantling Sri Lanka's lower order. Jamie Overton supported with two wickets for 21 runs.

With an impressive performance, Wil Jacks not only secured the match-winning accolades but also showcased his skills with both bat and ball, earning the player of the match title. This victory gives England a 1-0 lead in the three-match ODI series.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. Srilankan team is not physically and mentaly prepared to face professional teams like England. Best thing is to groom young follows like Wella, Colambage and ask some of the ageing past heroes to resign.

    ReplyDelete
Previous Post Next Post