අරලිය ගහ මැදුරේ උත්සවයට නාවොත් මහපොල නෑ කියා සිසුන්ට ලිපි යවලා..


අගමැතිනි හරිනි අමරසූරියගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී නොදුනහොත් සිසුන්ට හිමි මහපොළ ශිෂ්‍යත්වය ලබා නොදෙන බවට රජය විසින් බලහත්කාරී කොන්දේසියක් පනවා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් චෝදනා කරයි.

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්වයට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි යවමින් සහ අදාළ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදන නිකුත් කරමින් මෙම බලපෑම සිදු කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

අදාළ නිවේදන උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ, කොළඹ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සඳහා සිසුන් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවට දැනුම් දී ඇති බවයි.

විශේෂයෙන්ම සිසුන්ගේ නිවෙස් වෙත යවා ඇති ලිපිවල, අදාළ උත්සවයට පැමිණ ලියාපදිංචි වී සහතිකය ලබා ගැනීමට අපොහොසත් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රතිලාභය ලබා දීමට නොහැකි වන බවට පැහැදිලිවම තර්ජනාත්මක ස්වරූපයෙන් සඳහන් කර ඇති බව ද ඔහු පැවසීය.

මෙය ශිෂ්‍ය ප්‍රජාව දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයකට බලහත්කාරයෙන් යොදා ගැනීමේ පහත් උත්සාහයක් බවට චෝදනා කරන අන්තරේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් බවට අදාළ උත්සවය පත් කර ගනිමින් සිසුන්ගේ මූලික අයිතිවාසිකමක් වන මහපොළ ශිෂ්‍යත්වය අහිමි කරන බවට මෙලෙස බියවැද්දීම තරයේ හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.





Government Allegedly Ties Scholarship Eligibility to Attendance at Ceremony

Allegations have surfaced from the Inter-University Students’ Federation, claiming that the government is enforcing a controversial condition regarding the Mahapola scholarship. According to convener Madushan Chandrathith, students risk losing their scholarship eligibility if they do not attend an event at the Araliya Gaha Mandiraya, headed by Prime Minister Harin Fernando.

Chandrathith emphasized that the pressure is evident in official correspondence sent to students and announcements released on the relevant official website for the 2024/2025 academic year. This coercive measure reportedly stipulates the need for attendance at a specifically designated scholarship award ceremony.

He pointed out that the letters dispatched to students clearly warn that those failing to register and participate in the ceremony will be disqualified from receiving the benefits of the Mahapola scholarship.

This development has raised serious concerns among the student community. Chandrathith accused the government of using the event as a political tool, effectively undermining students’ fundamental rights to access scholarships. He noted that such tactics appear to be an alarming misuse of power that could easily strip students of their entitlements.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. විපක්ෂයේ ඉන්නකොට ඕවා නවත්තන්න මරාගෙන මැරෙනවා කියල. උද්ගෝෂණ කරපු ජෙප්පො දැන් පරණ ලොක්කන්ටත් වඩා සුපිරියට ගේම දෙනවා. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. ජෙප්පො ඔහොම්මමයි

      Delete
  2. ගොම්මන් පිළ්ලයාන්September 27, 2026 at 2:17 AM

    මේවට වැඩිය ප්‍රචාරණ දෙන්ඩ ඕනෑ නෑ, ජෙප්පෝ ආණ්ඩුව වෙලා, පෙරටුගාමීන් ප්‍රධාන විපක්ෂය වෙන එක රටට අහිතකරයි.

    ReplyDelete
  3. අගමැතිනිය කතා පවත්වා චන්ද බාගන්න කරපු උත්සාහය වතුරේ යන පාටයි

    ReplyDelete
  4. All efforts of politicians are aimed at getting and retaining power. Little is done for the good of the country. Policy decisions are made for the benifit of businessmen who support the government. Politicians promisses are mere carrots hung for the donkeys.

    ReplyDelete
  5. ඉතින් පුලුවන් නම් දීපවියාප්ත මහා උද්ගෝසනය විරෝධය දැන් පලකරපල්ලකෝ

    ReplyDelete
  6. අදාළ උත්සවයට පැමිණ ලියාපදිංචි වී සහතිකය ලබා ගැනීමට අපොහොසත් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රතිලාභය ලබා දීමට නොහැකි වන බවට

    kisima තර්ජනාත්මක ස්වරූපpayak naha ,

    hari saralai, event ekata gihin register wela mahapola ganna berinam gerada hitapalla, nathuwa balen gedarata awilla denna baha,

    ReplyDelete
  7. ආරියතිලක

    වත්මන් රාජ්‍ය පාලනය පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් මෙහෙයවන බව කීම ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට කරන අපහාසයක්!


    පැලවත්ත යනු තම පක්ෂයේ මූලස්ථානය බවත්, පක්ෂයේ පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම ඇතිව ජනතාව ලබාදුන් බලය මෙහෙයවන බව,  චතුරංග අබේසිංහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කියන ලදී.


    සෑම දේශපාලන පක්ෂයකට ම පක්ෂ මූලස්ථානයක් තිබිය හැක. නමුත් ආණ්ඩු බලය මෙහෙයවන පක්ෂයකට තම පක්ෂ මූලස්ථානයෙන් ආණ්ඩු බලය මෙහෙවනවා යයි කීම ජනතා පරමාධිපත්‍යයයේ බලයට කරන හෑල්ලුවක් බව කිව යුතු ය. මෙය ශ්‍රී ලංකා ජනරජයේ බලම්හිමයට කරන ලද අවමානයක් ලෙස ද කිව යුතු වන්නේ; 


     ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක් කිරීම හා භුක්ති විදීම ද දක්වා ඇති  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවෙහි (අ) , (ආ), (ඇ) ඡේදයන්ගෙන් කියවෙන් ජනතාව්ගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය, ජනතාවගේ අධිකරණ බලය දක්වා ඇත්තේ මෙසේ ය.


    (4 ව්‍යාවස්ථාවේ (අ), (ආ), (ඇ) ඡේද පමණක් මෙහි දක්වා ඇත්තේ ය.)


    “පරමාධිපත්‍ය ක්‍රියාත්මක් කිරීම:

    4. ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාතක කිරීම ද, භුක්ති විදීම ද මතු දැක්වෙන ආකාරයෙන් සිදු වන්නේය. 

    (අ)  ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.


    (ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. 


    (ඇ) නීතිය අනුව පාර්ලිමේන්තු විසින්  ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ  වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය.” 


    රටේ පාලනය ජනතාවගේ පරමාධිපත්‍ය සතු ය. එය අන්සතු කිරීමක් නොකළ යුත් බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනවා ඇත්තේ ය. රටේ පාලන බලය හොබවන ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය  යන බලත්‍රිත්වය ජනරජයේ ජනතාව සතු ය. එම ජනතාව සතු බලයෙහි  විධායක බලය  හා අධිකරණය බලය ද පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට වගකිව යුතුය. රටේ පාලන බලය මෙහෙයවීමට ආණ්ඩුක්‍රම වයවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවේ 1 වන සහ 2 වන අනුව්‍යවස්ථා මගින්  ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය  පිළිබඳව ද ඒ පාලනය  පාර්ලිමේන්තුවට සාමූකව වගකීමට බැඳී  සිටින බව  පනවා ඇත්තේ ය. එනම්:-


     “43 (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.


    (2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූකිකව වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටින්නේ ය.” 


    මෙම ව්‍යාවස්ථා ප්‍රකාරව ජනරජයේ “ආණ්ඩුවේ පාලනය පැලවත්ත  පක්ෂ මූලස්ථානයෙන් කරන බව” යමෙක්  පවසන්නේ නම්  ශ්‍රී ලංකා ජනරජයට, ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවට, අමාත්‍ය මණ්ඩලයට කරන ලද බලවත් අවමානයක්   හා ජනරජයේ බලමහිමය නොතකා හැරීමක් ද වන්නේ ය. රාජ්‍ය පාලනය දේශපාලන පක්ෂ මූලස්ථානයක් සතු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වෙනයම්  ගුබ්බෑයමක තබා හෝ කරන කාර්යයක් නො වන බව කිව යුතු ය. 


    ජනරජයේ ආණ්ඩුවේ පාලනය පිළිබඳව, අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූකිකව වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටින බැවින්,  චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (1) ව්‍යවස්ථාව  සමඟ ගැටීමට ලක් කරන බව කිව යුතු ය. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුතු බව පනවා ඇති බැවින් අමාත්‍ය මණ්ඩල පාලනයේ වගකීම පාර්ලිමේන්තුව වගවීම පිළිගැනීම වෙනුවට පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පාලනයේ මඟ පෙන්වීම හා වගකීම  කෙසේ  පාර්ලිමේන්තු විසින් පිළිගත හැකි ද? 


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (1) ව්‍යවස්ථාව;


    “76 (1) ව්‍යස්‍ථාදායක බලය පවරා දීම:

    පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහටවිය යුත්තේ ය.” 


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට වගකීම් සංඛ්‍යාවට  නොයන, ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ  පැලවත්ත පක්ෂ මුලස්ථානයෙන්  හෝ රාජ්‍යයේ පාලනයෙන් පිට වෙනත් කුමන හෝ ගුබ්බෑයමක  සිට කරන රාජ්‍ය පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව කිව යුතු ය.

    ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට කරන බලවත් අවමානයක්  බව කිය යුතු ය. 

    ReplyDelete
Previous Post Next Post