මෙම වසරේ මුල් මාස පහ තුළදී පමණක් මෙරට ජනතාව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රන් භාණ්ඩ උකස් කර රුපියල් කෝටි 14,970ක ණය මුදලක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එය පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 16.12ක රන් ණය ශේෂයේ වර්ධනයක් වන අතර, ඒ අනුව මැයි මාසය අවසන් වන විට මෙරට ජනතාව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට රන් භාණ්ඩ උකස් කර ලබාගෙන ඇති සමස්ත ණය මුදලේ ශේෂය රුපියල් කෝටි 107,900 ඉක්මවා ගොස් තිබේ.
පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා ගතවූ වසරක කාලය තුළ මෙරට ජනතාව වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 37,180ක රන් ණය ලබාගෙන ඇති අතර, එය ඊට පෙර වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 52.6ක කැපී පෙනෙන ඉහළ යාමකි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රන් ණය ලබාගැනීම ද සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් සමස්ත මූල්‍ය පද්ධතියට මතුවිය හැකි අවදානම පාලනය කිරීම සඳහා, පසුගිය මැයි මාසයේදී රන් භාණ්ඩයක වටිනාකමින් උපරිම සියයට 70ක් දක්වා වන පරිදි ණය සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය.
Sri Lankans Secure Nearly Rs. 15 Billion in Gold Loans Amid Rising Prices
In the first five months of this year, Sri Lankans have leveraged their gold assets to secure loans amounting to Rs. 14.97 billion from licensed commercial banks, as reported by the Central Bank of Sri Lanka.
This reflects a substantial increase of 16.12% in the gold loan balance compared to December of the previous year, suggesting that by the end of May, the total gold-related loans are expected to surpass Rs. 107.9 billion.
Over the past year, from May last year to this May, individuals in Sri Lanka have borrowed Rs. 37.18 billion in gold loans from commercial banks, marking a notable increase of 52.6% compared to the same period a year prior.
The sharp rise in global gold prices has also contributed to this surge in gold borrowing. In response to the mounting risks to the overall financial system, the Central Bank acted in May to implement a loan limit of up to 70% of the value of gold jewelry pledged, aiming to mitigate potential economic threats.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එදිනෙදා
ReplyDeleteකෑම බීම හරිම ගනන්. ගොඩක් බඩු සින්න වෙනවා. ලංකාවෙ මිනිස්සුන් අන්ත දුප්පත් වෙනවා.තියෙන රත්තරන් කෑලි 2 ක 3ත් සින්න වුනාම. . සාමාන්‍ය මනුස්ස්සයින්ට තියෙන්නෙ ඔච්චරයි. කොහොමද පෝසත් රට. ලැජ්ජ නැතුව පචයගෙ පච අහන්න යනවා ඉනට වැරහැලි ඇදන්. අරගල කරල රට මේ තත්වෙට ගෙනාපු එවුන්ට සහ ගහනවා.
එදිනෙදා
ReplyDeleteකෑම බීම හරිම ගනන්. ගොඩක් බඩු සින්න වෙනවා. ලංකාවෙ මිනිස්සුන් අන්ත දුප්පත් වෙනවා.තියෙන රත්තරන් කෑලි 2 ක 3ත් සින්න වුනාම. . සාමාන්‍ය මනුස්ස්සයින්ට තියෙන්නෙ ඔච්චරයි. කොහොමද පෝසත් රට. ලැජ්ජ නැතුව පචයගෙ පච අහන්න යනවා ඉනට වැරහැලි ඇදන්. අරගල කරල රට මේ තත්වෙට ගෙනාපු එවුන්ට සහ ගහනවා.
අරගල කරලා මෙහෙම හරි රට බේරාගත්තා රනිල්ලා රාජපක්හොරු එහෙම හිටියානම් ඉතින් ක්රෝටන් කොළ කකා ටාසන් වගේ ගස් වැල් වල එල්ලිලා තමයි ගමනක් බිමනක් යන්න වෙන්නේ. මහින්ද මාටියාටනම් දැන් පලදීලා තියෙන්නේ. අත් දෙකෙන් විතරක් නෙමෙයි බඩෙනුයි පුපෙනුත් අල්ලගෙන තමයි ස්ටේජ් එකට කුදලාගෙන ආවේ. දැන් ඉතින් ආණ්ඩුවට පචයා කියා කියා විපක්ෂය පච වෙන එක විතරයි වෙන්නේ.
ReplyDeleteආන්න ඒක තමා පුනරුදේ කියන්නෙ
ReplyDeleteමිනිස්සුන්ට සශ්‍රීක වෙලා වැඩිපුර තියෙන රන් බඩු උකස් තියෙනවා.
👍
Delete😂😂
Delete😃😃😃
Delete