ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

 


මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ සුපර් ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.

සිදුකර ඇති මිල සංශෝධනයන්ට අනුව නව මිල ගණන් මෙසේය.

  • ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 399 ක්ව පැවති එහි නව මිල රුපියල් 414 කි.
  • සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 382 ක්ව පැවති එහි නව මිල රුපියල් 392 කි.
  • සුපර් ඩීසල්: වැඩිම මිල වැඩිවීම වාර්තා කරමින් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 478 ක්ව පැවති එහි නව මිල රුපියල් 528 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිල සංශෝධනය නොවූ ඉන්ධන කාණ්ඩ

  • ඔක්ටේන් 95 පෙට්‍රල්: මිල සංශෝධනය වී නොමැති අතර, පැවති පරිද්දෙන්ම ලීටරයක මිල රුපියල් 475 ක් ලෙස පවතී.
  • භූමිතෙල්: මිල සංශෝධනය වී නොමැති අතර, පැවති පරිද්දෙන්ම ලීටරයක මිල රුපියල් 285 ක් ලෙස නොවෙනස්ව පවතී.







Fuel Prices Rise in Sri Lanka Amid Monthly Adjustments

Effective midnight today, the state-run Ceylon Petroleum Corporation has announced increases in the prices of Octane 92 petrol, white diesel, and super diesel. This adjustment comes as part of the regular monthly fuel price revision process.

However, no changes have been made to the pricing of Octane 95 petrol and kerosene, which remain stable.

The revised fuel prices are as follows:

  • Octane 92 Petrol: Price per liter increased by Rs. 15, bringing it to Rs. 414 from the previous Rs. 399.
  • White Diesel: Price per liter raised by Rs. 10, now costing Rs. 392, up from Rs. 382.
  • Super Diesel: The highest increase among the categories, with a Rs. 50 hike, setting the new price at Rs. 528 from Rs. 478.

Fuel categories that have not seen any price alterations are:

  • Octane 95 Petrol: Remains unchanged at Rs. 475 per liter.
  • Kerosene: Also stable, retaining its price of Rs. 285 per liter.


*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිSeptember 30, 2026 at 11:05 PM

    අරාබියේ රටක් ගහගන්නකොට මෙහේ තෙල් මිල වැඩි කරන්න පාලකයො මොකටද?
    වරායට ලීටරයක් බාන්නේ රුපියල් 56කට. රුපියල් 150ක් බදු ගහනවා. දැන් අපිට අහන්න තියෙන්නේ මේක තෙල් වලට බදු ගහලද, නැත්තන් බදු වලට තෙල් ගහලද?
    හාල් වල මිල තීරණය කරන්නේ පිටකො‍ටුවෙ මුදලාලි නම් ආන්ඩුව මොකටද, මුදලාලිට රට දුන්න නම් ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. සිංහලයා මෝඩයා. කැවුම් කන්න සූරයා.

      Delete
    2. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

      Delete
    3. ඇත්තටම මම එහෙම කිව්වද?
      මට මතක නෑ
      ස්ටේජ් එකට නැග්ග කියවගෙන කියවගෙන ගියා
      ඇත්තටම මම එහෙම දේවල් කිව්වද?

      Delete
  2. මීට මාස 2කට විතර කලින් රුපියල් 414ට තෙල් දෙනකොට බොර තෙල් බැරල් එකක් ඩොලර් 110යි. අද බොරතෙල් බැරල් එක ඩොලර් 103යි. ඒත් පෙට්‍රල් මිල 414යි. හිතාගන්න පුලුවන් නේද ගල් අඟුරු වල වෙච්ච පාඩුවේ තරම.....

    මොනවා තේරුම් ගන්න බැහැ...? ඉරානෙ යුද්ධයක් යනවා?

    පිස්සුද ඕයි. අන්න ඉරාන නායකයො ටික තාම ඇමරිකාවෙ.
    උන් යුද්ධයක් කෝරන්නෙ නැහැ මේ වෙලාවේ. ඒත් තෙල් මිල වැඩි වෙන්නෙ කොහොමද?

    අන්න එතනට තමයි ගල් අඟුරු එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය උදා වෙලා තියෙන්නේ පුනරුදේ. යහපාලනේ කියල ඉස්සර කාලේ කිව්වේ.

      Delete
  3. දැන් සැපද.....................?
    අල කීයද.............
    ලූණු කීයද.........
    පෙට්‍රල් ගැහුවද......

    ReplyDelete
    Replies
    1. චන්දෙ දීලා දැන් තොපිට සැපද

      Delete
  4. අගරදගුරෝ. මේන් උඹේ ආන්ඩුව තෙල් මිල වැඩි කරනවා.
    සිරිල් ගාමිනීට කියලා කෝල් එකක් දීපන්.

    ReplyDelete
    Replies
    1. සිරිල් සිරිල් සිරිල්

      . කෝල් කෝල් කෝල්

      Delete
  5. පචෝරිස් අකුරැස්සට ඇවිත් ඉන්ධන මිල වැඩිකරන්නෙ නැතය, ආන්න එහෙමය ආණ්ඩු කරන්නෙය කියල සතියක් ගියෙ නෑ. ගෝලයො ටික පචයා පචයමයි කියල ඔප්පු කරන්න යන්නෙ.

    ReplyDelete
Previous Post Next Post