දළදා වහන්සේගේ කරඬුව මාරු කරයි.. අලුත් කරඬුවක්..


 ඓතිහාසික ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳුවීම පිණිස අභිනවයෙන් නිර්මාණය කරන ලද කිලෝග්‍රෑම් 86ක් බරැති ස්වර්ණමය රන් කරඬුවක් පූජා කර ඇති බව ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරීත්වය දරන මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහා නාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමි සහ ගිහි භාරකාර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ඒකාබද්ධ අත්සනින් යුතුව මෙම විශේෂ සංදේශය යොමු කර ඇත.

ඇතුල් කෝට්ටේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතවතුන්ගේ පූර්ණ පෞද්ගලික මූල්‍ය දායකත්වයෙන්, දළදා වහන්සේගේ භාරකාරීත්වයේ අනුමැතියට යටත්ව මෙම පූජාව සිදු කර තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කර ඇති තත්ත්ව සහතික වාර්තාවට අනුව, මෙම නව ස්වර්ණමය මහා කරඬුවේ අඩංගු පිරිසිදු රත්තරන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 65යි ග්‍රෑම් 224කි. ඊට අමතරව එහි ඔබ්බවා ඇති විවිධ වර්ගයේ අනර්ඝ මැණික් ගල්වල බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 480ක් වන අතර, පෑස්සුම් සඳහා යොදාගත් උපකාරක ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 822කි. ඒ අනුව, පූජා කරන ලද කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86යි ග්‍රෑම් 40ක්  ලෙස සටහන් වේ.

මේ අතර, දළදා වහන්සේ මෙතෙක් වැඩ සිටි අතිපූජනීය ඓතිහාසික රන් ආලේපිත රිදී කරඬුවෙහි පෞරාණික අනන්‍යතාව සහ ඓතිහාසික වටිනාකම සුරක්ෂිත වන පරිදි, එය ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින මාලිගාව අභ්‍යන්තරයේම තැන්පත් කර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද අදාළ සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.

දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකිරීම ආරම්භ කර, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැඩ නිමවා පූජා කරන ලද එම පැරණි රන් ආලේපිත රිදී කරඬුව, විවිධ යුගවලදී මෙරට පාලනය කළ රජවරුන්, රාජ්‍ය නායකයන් මෙන්ම බුරුමය සහ සියම (තායිලන්තය) වැනි රටවල රාජකීය දූත පිරිස් විසින් පූජා කරන ලද මාහැඟි මුතු, මැණික් හා ස්වර්ණාභරණ රැසකින් අලංකාරවත් කර තිබූ ඓතිහාසික පූජා වස්තුවකි.





New Golden Relic Casket Weighed at 86 Kilograms Unveiled in Sri Lanka

A stunning new relic casket, fashioned from gold and weighing an impressive 86 kilograms, has been consecrated in a ceremony linked to the historic Sri Dalada Maligawa. The casket was formally presented to the General Commissioner of Buddhist Affairs by the high priests of the Malwathu and Asgiriya chapters, alongside the Diyawadena Nilame, to mark this significant event.

This special announcement was made with the joint signatures of the Most Venerable Thibbatuwawe Sri Siddhartha Sumangala Thera, the Chief Prelate of the Malwathu sect, the Most Venerable Varakagoda Sri Gnanaratanathera, the Chief Prelate of the Asgiriya sect, and Diyawadena Nilame Pradeep Nilanga Dela.

Financed entirely through private contributions from the family of Komant Amarasekara, along with well-wishers, the ceremony was carried out under the auspices of the Dalada Maligawa.

According to a quality certificate issued by the National Gem and Jewelry Authority, the newly consecrated golden casket contains 65 kilograms and 224 grams of pure gold. Additionally, the casket is adorned with various exquisite gemstones weighing 1 kilogram and 480 grams, along with supporting materials for embellishment weighing 20 kilograms and 822 grams. Therefore, the total weight of the consecrated casket stands at 86 kilograms and 40 grams.

Moreover, it is noted that the ancient silver casket, previously used for similar relics, remains preserved within the Sri Dalada Maligawa, ensuring its historical identity and inherent worth are maintained securely.

The casket, initiated under the reign of King Wimala Dharmasuriya II and completed by King Kirti Sri Rajasinghe, is regarded as an important ritual object. It has been revered by past kings, national leaders, and royal delegations from countries such as Thailand who have adorned it with pearls, gemstones, and gold throughout the ages.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. Why we need to change it. Better to keep the original it if it is structurly good and strong. Just because some group of people donate we should not accept and change it.

    ReplyDelete
    Replies
    1. There's probably some money laundering involved

      Delete
  2. Jeppange wadak.ape namal jamadipathi unama,meka aya reverse karanawa

    ReplyDelete
    Replies
    1. රිවස් කිරිල්ල කෙසේ වෙතත් ඕකේ රත්තරන් කිලෝ 65 පිත්තල කිලෝ 65ක් වෙනවා ෂුවර්

      Delete
  3. දැන් මයිනා සිරිපාදේ ඝන්ටාරෙ හොරකම් කරා කිව්වා වගේ පච නිට්ටැවා දළදා කරඩුව හොරකන් කරා කියමු

    ReplyDelete
    Replies
    1. ලියන්න කියවන්න බැරි අයට අනුකම්පා කරන්න ඕන. අපේ ආණ්ඩුව ආබාධිතයන්ට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නෑ ඉස්සර වගේ 🤣

      Delete
  4. කවුද බන් මේ කමන්ත අමරසේකර?

    කමන්තා තුෂාරද?

    ReplyDelete
    Replies
    1. ඔය හැමතිස්සෙම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පස්ස කැඩිච්ච කඩිය වගේ දුවන මිනිහ.

      Delete
  5. මුන් හදන්නේ දළදාව හොරකම් කරන්නයි. දැනටම දළදා වහන්සේ හොරකම් කරලා, රට පටවන්න ඇති විකුණලා දාන්න. පැලවත්තට කීයක් ලැබුනද දන්නේ නෑ. කවුද කරඩුව මාරු කරන්න අවසර දුන්නේ? කාගේ උවමනාවටද මේ වැඩේ කරේ? යකෝ අපි දන්නේ මාරු කරාට පස්සේනේ. මාරු කරන්න කලින් එපැයිනේ මිනිස්සු දැනුවත් කරන්න. රජ දවස ඉදලා එන කරඩුව මාරේ කරේ මූගේ බූදලේ වගේනේ. ලප කොටා අධිකරණයට විතරක් නෙවෙයි, දළදාවටත් එහෙනම් අත තිබ්බා. මූව බලේ තියාගෙන ඉන්න බෞද්ධයන්ට ගූ වලින් ගහන්න ඕනේ මෙච්චර සිංහල බෞද්ධයට වින කරලත් තාම බලේ තියාගෙන ඉන්නවට.

    ReplyDelete
    Replies
    1. දළඳා වහන්සේට ගෞරවයක් ආදරයක් භක්තියක් තියෙනවනම් දළඳා මාළිගාවට බෝම්බ ගහනවද?

      Delete
  6. මෙය අහිංසක ක්‍රියාවක් ලෙස නොසැලකිය යුතුය - මෙය දළදා වහන්සේ ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතු කරන කාරණාවකි

    ReplyDelete
  7. ඉෂාර නානායක්කාරගේ සමාගමේ ලොක්කෙක් නේද මෙයා? දන්නෝ දනී ඉතින්..

    ReplyDelete
    Replies
    1. මෙට්රෝ බස් ගෙන්නුවේ මේගොල්ලොද?

      Delete
  8. පුවත්පත් වාර්තා මඟින් අනාවරණය වී ඇති පරිදි, ප්‍රමුඛ පෙළේ මෙරට ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී දළදා වහන්සේ වැඩසිටුවීම සඳහා නව ඝන රන් කරඬුවක් පූජා කිරීමට සූදානම් වන බව පෙනී යයි. මෙම මූල්‍යමය පරිත්‍යාගය ශ්‍රද්ධාවෙන් කරනු ලබන්නක් ලෙස බාහිරව පෙනුනද, ශ්‍රී ලංකාද්වීපයේ උදෘතම ආධ්‍යාත්මික ආරක්ෂාව (Spiritual Palladium) හෙවත් රාජ්‍යත්වයේ සංකේතය වන සර්වඥ දන්තධාතූන් වහන්සේ පවත්නා කරඬුවෙන් ඉවත් කර නව කරඬුවක තැන්පත් කිරීම තුළින් රටේ ආධ්‍යාත්මික ශක්තියට, ඉතිහාසයට සහ සාමූහික කර්මයට සිදුවිය හැකි බරපතළ හානිය පිළිබඳව මෙම මහජන පෙත්සම මඟින් අප ඔබවහන්සේලාගේ සහ බලධාරීන්ගේ අවධානයට යොමු කර සිටිමු.

    ඒ අනුව පහත සඳහන් කරුණු කෙරෙහි කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු:

    1. සියවස් ගණනාවක් පුරා තැන්පත් වූ ‘අධිෂ්ඨාන’ ශක්තිය සහ ආශිර්වාදය බිඳ වැටීම
    දැනට දළදා වහන්සේ වැඩසිටින රන් ආලේපිත රිදී බාහිර කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් පූජා කරන ලද්දකි. සියවස් ගණනාවක් පුරා අසංඛ්‍ය ශාසනාලීන මහා සංඝරත්නයේ සජ්ඣායනා, භාවනා සහ මිලියන සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පවිත්‍ර චේතනාවන් මෙම කරඬුව තුළ ආධ්‍යාත්මික ශක්තියක් ලෙස ගැබ්ව ඇත. මෙය හුදෙක් බාහිර ආවරණයක් නොව, දීර්ඝ කාලයක් මුළුල්ලේ රට රැකගත් ආධ්‍යාත්මික කලාපයකි. දළදා වහන්සේ මෙයින් ඉවත් කිරීම තුළින් එම අඛණ්ඩ ආශිර්වාද ශක්තිය බිඳ වැටීමේ බරපතළ අවදානමක් පවතී.

    2. භෞතික ආටෝපය (ලෞකික ප්‍රශංසාව) හේතුවෙන් ඇති වන කර්ම බලපෑම
    ථේරවාදී බුදුදහමට අනුව, ඕනෑම ක්‍රියාවක කර්ම විපාකය තීරණය වන්නේ 'චේතනාව' (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) මතය. පවත්නා ඓතිහාසික කරඬුව වෙනස් කර, ව්‍යාපාරික ධනවත්කම හෝ භෞතික සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා නව කරඬුවක් ආදේශ කිරීම තුළින් ලෞකික ආශාවන් (ක්ලේශයන්) ශුද්ධ වූ සිද්ධස්ථානය තුළට කාන්දු වේ. වන්දනාකරුවන්ගේ අවධානය දළදා සමිඳුන් කෙරෙහි වන ශ්‍රද්ධාවෙන් බැහැරව භෞතික වටිනාකම් දෙසට යොමු වීම තුළින් ශාසනික පරිහානියක් මෙන්ම රටට අභාග්‍යසම්පන්න කාලවකවානුවක් උදාවිය හැකිය.

    ### 3. රාජකීය සහ රාජ්‍ය තාන්ත්‍රික උරුමය අභියෝගයට ලක්වීම
    මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේතුමා සතු වගකීම් සහ අගුල් ක්‍රමවේදය රටේ ජාතික එකමුතුකමේ සංකේතයකි. පැරණි රජවරුන්ගේ ඓතිහාසික පූජාවන් සිඳබිඳ දමා, පෞද්ගලික ව්‍යාපාරික අනුග්‍රහයන් මත කරඬු වෙනස් කිරීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ස්වෛරීභාවයට කරන බලපෑමකි.

    ඉදිරිපත් කරන යෝජනා:
    1. දන්තධාතූන් වහන්සේ සුරක්ෂිතව තැබීම:දැනට පවතින ඓතිහාසික කරඬු මාලාවෙන් දළදා වහන්සේ ඉවත් කිරීම සපුරා නතර කළ යුතුය.
    2. ධනය නිවැරදි මඟට යොමු කිරීම: අදාළ ව්‍යාපාරිකයාගේ ධනය, දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීමට වැය නොකර, දැනට දිවයින පුරා විනාශ වෙමින් පවතින ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ පුරාවස්තු හා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වැනි සැබෑ ශාසනික පුණ්‍යකර්මයන් සඳහා දායක කරවන ලෙස ශාසන භාරකාර මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    ReplyDelete
Previous Post Next Post